ඉන්දීය ගලවා ගැනීමේ අනු ඛණ්ඩ දෙකකට අයත් භටයින් 76 දෙනෙකු සහ කාන්තා භටයින් 04 දෙනෙකු වශයෙන් සමස්ථ භටයින් 80 දෙනෙකු ඇවිල්ලා තියෙනවා කියලා තමයි වර්තා වෙන්නේ.
එසේම මෙම භටයින් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් 04 දෙනෙකු, බෝට්ටු 18 ක්, විදුලි ජනක යන්ත්‍ර ඇතුළු මෙම භටයින්ගේ ක්‍රියාන්විත සදහා අවශ්‍ය විශාල භාණ්ඩ තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුණ බවයි සඳහන්.