හුගාක් අය අහනවා කලාකාරයෙකුගෙ හිත ඇතුළෙ ඉන්නෙ කව්ද කියලා.ඒක උත්තරයක් බලාපොරොතුවෙන්න බැරි ප්‍රශ්නයක්.
කලාකාරයෙකුට පුළුවන් මොහොතකින් ඈත අහසෙ ඉගිලෙන සමනලියකට ප්‍රේම කරන්න.ඒ සමනලියට ගීයක් ලියන්න.ඊළග තප්පරේ නොදන්නා කන්දක දුක ගැන ලියන්න.
සිත්තරෙකුට පුළුවන් අනුන්ගෙ ඇහැක කදුළු බිංදුවක් තමන්ගෙ කැන්වසය උඩ පාට අතර බොද කරන්න.
ගායකයෙකුට පුළුවන් ලෝකෙ තියෙන දරුණුම ප්‍රේම කතාව ඇස් පියාගන්න පළවෙනි තප්පරේම තමන්ගෙ කරගන්න.
සමාන වයලීන් 100ක් වයලීන වාදකයන් 100 කට දීල එකම ස්වර වාදනය කරන්න කීවත් පිටවෙන්නෙ භාව 100ක්.හැගීම් 100ක්.
නැට්ටුවෙකුට පුළුවන් අනුන්ගෙ දුකක වේදනාව තමන්ගෙ ශරීර අභිනයෙන් පිට කරන්න.
වෙන චරිතයක් ආරූඪ කරගෙන ග්ලිසරින් නැතුව අඩන්න,වියරුවෙන් හිනාවෙන්න,වචනයක් වත් කතා නොකර රග නොපා රගපාන්න,
අනුන්ගෙ වේදනාවක් තමන්ගෙ කරගෙන ගයන්න, ලියන්න, වයන්න, අදින්න, නටන්න කොච්චර මායාකාර හිතක් තියෙන්න ඕනෙද?
ඒ විතරක්ද අනුන්ගෙ හෘදසාක්ෂියකට ලියවුණු සින්දුවක් තමන්ගෙ කරගෙන අහන්න මනුස්සයෙක්ට මොන තරම් ප්‍රබල සංවේදීකමක් තියෙන්න ඕනෙද?
මේ සින්දුව ලිව්වෙ කාටද?
කවදාවත් කලාකාරයෙක්ගෙන් ඒ ප්‍රශ්නෙ අහන්න එපා. නිර්මාණ උල්පත පිරෙන්න ඉඩ දෙන්න.
ඔබට අහද්දි මතක් වෙන කෙනෙක් ඉන්නවනම් ලියද්දි,ගයද්දි අපිට මතක් වෙන කෙනෙක් ඉන්නම බැරිද?"
ඒ ඇයගේ මුහුණු පොතේ පළවුණු තවත් එක් සටහනක් සටහනක්.. අභිෂේකා විමලවීර, සංගීත ක්ෂේත්රයේ කාගේත් ආදරේ දිනාගත්ත මේ තාරකාව, ඇත්තෙන්ම ඇගේ ගමන සුවිශේෂී වන්නේ සාපේක්ෂව බලන විට ඇයගේ දැක්ම, ඇයගේ හැකියාව, ඇයගේ විභවය, වෙනස් ආකාරවලින් විදහා දක්වන තැනැත්තියක් වන නිසයි.
කාගෙත් ආදරේ නොඅඩුව දිනාගන්න අභිෂේකා හඬින් විතරක් නෙවෙයි ඇගේ පන්හිදෙන් ලියවෙන පදවලින් පවා මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නේ හරිම ළයාන්විත විදිහකට.
කුඩා කල පටන් කලාවට අත්පොත් තබන ඇය මේ වන තුරුම අපි කා අතර ජනප්‍රිය වුණේ ගායන ශිල්පිනියක් ලෙස වුණාට අභිෂේකට මේ මෑත දිනයකදී විශේෂ සම්මානයක් හිමිවෙනවා.
ඒ හොඳම ගීත පද රචනයට හිමිවන සම්මානයක්. සම්මාන රාත්රිවල සම්මාන දෝත දරාගන්න එක මේ තාරකාව එදා රාත්‍රියේ දිදුලන්න ඇත්තේ පුදුමාකාර සතුටකින් වෙන්න ඇති. වෙනස් විදිහටක කලාව දකින වෙනස් විදිහට කලාව රසවිදින ඇයට මේ ලබාගත්ත විශේෂ සම්මානයට අපිත් හදවතින්ම සුබපතමු.
