“ අද දවල් ඉදල එක දිගට මට කෝල් එනවා..ඇයි මෙහෙම කරන්නේ එතුමිය හොදින් ඉන්නවා. මේ බොරු ආරංචියට බොහෝ කලාකරුවන් කතා කරල අයිරාංගණී සේරසිංහ මැතිණිය ගැන ඇහුවා. ඒ අයට ස්තූතියි..ඇත්තටම මේ විදිහේ දේවල් කරන්න හොද නැහැ..”
මෙහෙම කිව්වේ ඇය ළග ඉන්න හේමන්ති.
“මීට පෙරත් ඔය වගේ ආරංචියක් ගියා..එදා සමහර අය එතුමියගෙන්ම කෝල් කරල අහල තිබුණා..එහෙම කරන්න එපා..ඇයට හොදින් ඉන්න දෙන්න.”
ජීවිතයේ සැඳෑ සමය නිදහසේ විදින ඇයට නිරෝගී සුවය මෙන්ම සතුටින් යුතුව ඉන්න ලැබේවායි.! අපි ඉත සිතින් පතමු