දැනට ඕස්ට්‍රේලියාවේ පවතින්නේ ශීත සෘතුව වුවද, මෙවැනි හිමපතනයක් සිදුවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අනපේක්ෂිත හිමපතනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජන ජීවිතය අඩාල වී ඇති නමුත්, එරට ජනතාව හිම සමඟ විනෝද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගැනීමට හැකියි.
කෙසේ වෙතත්, තෙත හිම විදුලි රැහැන් මත එකතු වීමෙන් විදුලි බිඳවැටීම් රැසක් සිදුව ඇති අතර, මාර්ගවල අනතුරු ගණනාවක් ද වාර්තා වී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ජනතාව ශීත ටයර් භාවිතා කරන්නේ කලාතුරකින් වන අතර, එය මාර්ග අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.