Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
"මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. " මෙගා ස්ටාර් වේදිකාවේ පුංචි ගිනි සිළුව.. දෙව්මිගේ ඒ සූදානම කොහොමද..?

- "මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. " මෙගා ස්ටාර් වේදිකාවේ පුංචි ගිනි සිළුව.. දෙව්මිගේ ඒ සූදානම කොහොමද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views

ඇය හරිම හුරුබුහුටි සුරූපී තාරකාවක්.. මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරග රාත්‍රියේදී ඇය කොහොම නම් තරග වදීවිද..?


දෙව්මිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඒ ගැන බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්.. ඉතින් ඒ ලස්සන රාත්‍රියට තවත් පැය කිහියපක් ඉතිරිව තිබියදී දෙව්මි ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග රාත්‍රියට මොන වගේ සූදානමක්ද තියෙන්නේ..?

මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.. ඒත් කොහොම හරි වෙලාව අරගෙන හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.. ඉතින් ගොඩක් මහන්සි වෙනවා මහන්සියි මේ දවස්වල..

වෙනදාට වඩා විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවාද අවසන් මහා තරගයේදී..?

විශේෂ දෙයක් කියන්නේ මට කරන්න පුළුවන් උපරිම දේ කරන්න මං බලාපොරොත්තු වෙනවා.. බලමු එදාට..

නර්තනය කියන්නේ ඔබේ ජීවිතේ කොටසක් කියලා තේරෙනවා, ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ..?

ඔව් මං ගොඩක් ආසයි... ඉස්කෝලේ යන කාලේ මං ඩාන්සින් කළා.. දැන් මේ ගොඩ කාලෙකට පස්සේ තමයි ආයේ නර්තනයේ යෙදෙන්න අවස්ථාවක් ලැබුණේ.. ඒ නිසා ගොඩක් ආසාවෙන් කරන වැඩක්...

කවුද පුංචි කාලෙම ඔබේ නර්තන හැකියාව ගැන දැනගත්තේ..?

මගේ තාත්ති තමයි මේ හැකියාව මුලින්ම හඳුනගෙන මාව ඩාන්සින් ක්ලාස් එකකට දැම්මේ.. ඊට පස්සේ ඉස්කෝලේ හැම වැඩකදීම වගේ නර්තනයෙන් මං කැපී පෙනෙන චරිතයක් වුණා.. මගේ පාසල නුවර සීතාදේවි බාලිකා විද්‍යාලය.. මම හැම තිස්සෙම ඩාන්සින් රූම් එකේ තමයි හිටියේ.. ඉස්කෝලේ ඉද්දී තමයි මගේ හැකියාව හරියටම අඳුරගන්න පුළුවන් වුණේ..

මෙගා ස්ටාර් මේ තරගය ඇතුළේ ඔබට අමතක නොවෙන දවස් ඇති..

හැම දවසක්ම අමතක නොවෙන දවසක්.. එකම වගේ මහන්සි වෙන, එකම වගේ වැඩ කරන දවස්.. ඒ අතරේ පොඩි පොඩි රණ්ඩුත් වෙනවා අපි අතරේ ඒ කොහොම වුණත් මේ මාස 7 අපි දෙන්නා වැඩ කරගෙන ආවා..

දැන් Partner ගැන මතක් කරපු නිසාම අපි ඔහු ගැනත් කියමු.. මොන වගේ Support එකක්ද එයාගෙන් මේ තරගයට ලැබෙන්නේ..

අනිවාර්යයෙන්, එයා ගැන මතක් කරන්නම ඕන, මහේෂ් තමයි මගේ Dancing, Costume ඔක්කොම කරන්නේ.. ඉතින් මහේෂ්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා මට.. මං හිතනවා එයා මට හම්බවුණු හින්දා තමයි සාර්ථක ගමනක් අපි දෙන්නාට යන්න පුළුවන් වෙලා තියෙන්නේ..

මෙගා ස්ටාර් නර්තන වේදිකාව ඇරුණම ගඟුලි කියන චරිතයට ඔබට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.. පාටකුරුල්ලෝ ගැනත් අපි කතා කරමු..

ඇත්තටම ගඟුලි කියන චරිතයෙන් තමයි මාව දැනගන්නේ.. ඒ චරිතයෙන්නේ මිනිස්සු මාව දැනගෙන හිටියේ.. ඒත් මෙගා ස්ටාර් එකෙන් ඇත්තටම දෙව්මි කියන්නේ කවුද කියන එක රසිකයින් දැනගන්නවා.. ඉතින් ඒ ගැන මට සතුටුයි..

ඔබ රංගනයට, නර්තනයට වගේම නිරූපණයටත් සම්බන්ධයි.. ඒ ගැන මතක් කරමු.. කොහොමද නිරූපණය කියන මාර්ගය ඔබට විවර වෙන්නේ..?

මුලින්ම මම කියන්න ඕන මම මේ ක්ෂේත්‍රයට එන්නේ මිස් ශ්‍රී ලංකා කිරුළක් ජයග්‍රණය කරලා.. ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ රංගනයට.. ඊට පස්සේ තමයි මට නර්තනයට අවස්ථාව ලැබෙන්නේ.. මං හිතනවා මං ගොඩක් වාසනාවන්තයි මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණ එකට.. මට සම්පූර්ණ කලාකාරිණියක් වෙන්න ලැබේවි කියලා විශ්වාස කරනවා..

ඔබ මේ සූදානම් වෙන්නේ අවසන් මහා තරග රාත්‍රියකට.. ඒ රාත්‍රියේ කිරුළ ජයගන්න ඔබට වරමක් ලැබුණොත්, ඔබට ඒ හැඟීම මොන වගේ දැනේවිද..?

මේ දවස්ටිකේම, හැම වෙලේම මම දිනනවා බලන්න තමයි මම ආස.. තරගකරුවන් , අපි හතර දෙනාම ට්‍රයි කරන්නේ ඒකට නේ.. ගොඩක් සතුටුයි.. මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. අපි හතර දෙනාම දක්ෂයි.. කවුරු හෝ වාසනාවන්තයෙක්ට ඒ කිරුල ලැබේවි..

අවසාන වශයෙන් මේ මොහොතේ ස්තූතිවන්ත වෙන්න කවුරුහරි කෙනෙක් ඉන්නවාද..?

ස්තූති කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවා.. විශේෂයෙන්ම Judge Board එක.. ඒ අය දෙන උපදෙස්වලින් හදාගන්න දේවල් ගොඩක් තිබුණා.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ඒ වගේම මහේෂ්, එයා මාත් එක්ක හැම වෙලාවකම හිටියා.. එයා තමයි මේ තරගය පුරාවටම මාත් එක්ක වැඩ කළේ.. ඒ වගේම පවන්, එයත් Choreographyවලදී මට ගොඩක් උදව් වුණා.. ඒත් එක්කම නර්තන කණ්ඩායම් මම මතක් කරන්න ඕන ඒ හැම දෙයක්ම එකතුවක් තමයි මගේ සාර්ථකත්වයේ හේතුව..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top