අපේ ශරීරයට ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංශ හරහායි...
එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංශ ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටීම වැදගත්.. මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්..
නැවුම් මස් මාංස ඇත්තටම ඔබට ලැබෙනවාද?
ඔබ දැක තිබෙන සහ ඔබ මස් මාංශ මිලදී ගන්නා බොහෝ වෙළෙඳසැල්වල නැවුම් මස් මිලදී ගැනීමට නැහැ. ඒ වගේම ලංකාවේ කුකුළු මස් ඇතුළු අනෙකුත් මස් මාංස සම්බන්ධව විශේෂ නීතියක් ද නැහැ.
යම් මස් වර්ගයක් පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව අධිශීතකරණයේ (-18 -15) අඩු ශීත තත්ත්වය යටතේ තිබිය යුතුයි. නමුත් පැය කිහිපයක කාලයක් ශීතකරණ තත්ත්වය යටතේ නොතබා පැය කිහිපයකට පසුව නැවත නැවුම් ලෙස පැය කිහිපයක් පමණ ශීතකරණයෙන් ඉවත් කොට ස්වාභාවික පරිසරය යටතේ තබාගත හැකියි. ඉන් පසු සෑම අවස්ථාවකදීම අධි ශීතකරණ (-18 -15) අඩු තත්ත්වය යටතේ තබාගැනීමෙන් දින කිහිපයක් අධිශිතකරණයේ මස් මාංස තබාගැනීමට හැකියාව තිබෙනවා.
එම නිසා ඔබ වෙළෙඳසැලට විශ්වාසයෙන් යුතුව නැවුම් මස් මාංශ ලබා ගැනීමට යන විට නැවුම් කුකුළු මස් ලබාගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා. මීට හේතු ලෙස,
දුර ප්‍රදේශවලින් මරණයට ලක් කරන ලද මාංස නැවුම් මාංස සපයන ස්ථානවලට රැගෙන ඒම
මෙම ස්ථානවලට ප්‍රවාහනය කිරීමේදී ශීතකරණ තත්ත්ව යටතේ රැගෙන එම සිදු කරනු ලැබීම
මෙම මාංස පිළිබඳව සඳහනක් නොමැති ලෙස රැගෙන එම
වැනි දෑ පෙන්වාදීමට හැකිය.
එබැවින් මෙම ආහාර නැවත ස්වාභාවික පරිසර තත්ත්වය යටතේ තබාගත නොහැකි වන අතර, එහෙත් අපට මේ මාංශවල නැවුම්බව හඳුනා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා..
කූට වෙළෙන්දන් රෝගී තත්ත්ව නිසා මිය ගිය කුකුළන් මෙම නැවුම් මාංශ සපයන ස්ථාන වලට රැගෙන ඒම ද සිදු කරනු ලබනවා..
නැවුම් මාංස ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ප්‍රවාහන කිරීමේදී එය ප්ලාස්ටික් භාජනවල හෝ යම් කිසි උපකරණවල ගබඩා කොට ප්‍රවාහනය කරනු ලැබෙනවා..
වෙළෙඳසැලේ පවතින මෙම නැවුම් කුකුළු මස් ලෙස ඇති මාංශ කාලයක් තිස්සේ ශීතකරණවල දමමින් නැවත නැවත ප්‍රදර්ශනය කරමින් දූෂණයට ලක් වූ ආහාර විය හැකියි.. ඒ වගේම ඇතැම් මාංශ නරක් නොවීම සඳහා ප්‍රතිජීවක ඖෂධ මෙන්ම කෘමිනාශක යොදන අවස්ථාද තිබෙනවා.. එය බරපතළ ගැටලුවක්..
ආහාරයේ නම, නිෂ්පාදනය කරන ලද දිනය, නිෂ්පාදන ආයතනයේ නම, ලිපිනය, ගබඩා කළ යුතු උෂ්ණත්වය ආදිය ඔබ මිලදී ගන්නා ආහාරයේ ඉහත සඳහන් දෑ පැහැදිලිව සඳහන් කොට ඇත්නම් එම ආහාර බහුතරයක් ආහාරය සඳහා සුදුසු තත්ත්වයක පවතිනවාදැයි බැලීම වැදගත්.. ඔබ නැවුම් මස් ලෙස රැවටී ලබාගන්නා මාංශ පිළිබඳව ඔබට වගකීම සහිත නිෂ්පාදන ආයතනයක්, සමාගමක්, නිෂ්පාදකයාගේ නම, ලිපිනය, නිෂ්පාදිත දිනය, කාලය ඉකුත්වීමේ දිනය හෝ මෙම මාංශ ගබඩා කළ යුතු ආකාරය පිළිබඳව සඳහනක් නොමැති බැවින් ඔබ ගන්නා මෙම නැවුම් මස්වල සඳහන් නම් පමණක් එය මිලදී ගැනීමට කටයුතු කරන්න..
නැවුම් මාංස ගැනීමට අවශ්‍ය නම්,
මස් ශීත කැබිනෙට්ටුවක් තුළ තිබිය යුතුය.
එම කැබිනෙට්ටුව ක්‍රියාත්මක විය යුතුයි සහ ආවරණය කර තැබිය යුතුය.
එම කැබ්නෙට්ටුව තුළ පාරිභෝගිකයාට උෂ්ණත්වය දැක ගැනීමට හැකි පරිදි සකස් කළ යුතුය.
මීට අමතරව මාංසවල පැහැය, ආවේණික සුවඳ සහ ඇඟිල්ලෙන් පීඩනය යෙදු විට නැවත යථා තත්ත්වයට පත්විය යුතුය.
මෙවැනි කාරණා සම්බන්ධව ඔබගේ වැඩි අවධානය යොදවා මාංස ලබාගැනීමේදී කටයුතු කරන්න.
වෙළෙඳසැල්වල කූට ව්‍යාපාරිකයන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා රවටමින් නොමග යවමින් නරක් වූ ආහාර සඳහා නුසුදුසු මාංස නැවුම් මාංස ලෙස අලෙවි කරන බැවින් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න.
අන්තර්ජාලය ඇසුරෙන්...