අපි ආහාරයට එකතු කරගන්න සමහර පුංචි පුංචි කෑමබීමවල ගුණ හිතාගන්නත් බැරි තරම්..
මේ කියන්නේ අන්න ඒ වගේ තවත් එක රසවත් කෑමක් ගැනයි..
තක්කලි කියන්නේ පුංචි ආහාරයක් වුණාට එහි තියන විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණය සුළුපටු නෑ... එහි අඩංගු පොටෑසියම් මගින් හෘද රෝග සහ අඝාත තත්වයන්ට පත්වීමට ඇති ඉඩකඩ අවම කරනවා..
එහි ඇති "විටමින් කේ" මගින් රුධිරය කැටිගැසීමට උදව් කරනවා වගේම තුවාල සුවවිමටත් උදව් වෙනවා.. තක්කාලිවල අඩංගු කැරොටිනොයිඩ් මගින් අපේ සිරුරේ පැහැපත් බව පවත්වාගෙන යාමට උපකාරී වෙනවා..
එමගින් අපේ සම පාරජම්බූල කිරණවලින් ආරක්ෂා කරනවා වගේම සමේ පිළිකා ඇතිවීමත් වලක්වනවා.. අපේ අක්ෂි සෞඛ්‍ය පවත්වාගෙන යාමටත් තක්කාලිවල අඩංගු රසායනික උපකාරී වෙනවා..
තක්කාලි යුෂ පානය කිරීමෙන් සිරුරේ එල් ඩී එල් කොලෙස්ටරෝල් හෙවත් අහිතකර කොලෙස්ටරෝල් අවම වන බව විද්‍යාඥයන් පවසනවා.. තක්කාලි ආහාරයට ගැනිම රුධිර පීඩනය අඩු කිරීමට හේතුවක් බවත් එමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු වන බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා.. එසේම තක්කාලි ඔබේ ආහාරවේලට එක්කරගන්නා ආකාරය අනුව මෙන්න මේ වගේ ලෙඩ රෝගවලින් වැලකෙන්නත් තක්කාලි ඔබට උදව් වේවි..
-තක්කාලි යනු විටමින් C , K සහ A වලින් පොහොසත් ප්‍රභවයකි.එබැවින් එය ප්‍රතිශක්තිකරණය පද්ධතිය ශක්තිමත් කිරීමට,ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට ,ඔබේ සම නීරෝගී කිරීමට සහාය වේ.එසේම තක්කාලි වල පොටෑසියම් අඩංගු වන අතර එය නීරෝගි හෘද ක්‍රියාකාරිත්වයට, සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩනයක් පවත්වා ගෙන යාමට සහ තරල සමතුලිතතාවයට ප්‍රධාන වශයෙන් සහාය වේ.
-තක්කාලි වල ලයිකොපීන් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගු වේ.අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ලයිකොපීන් වල ඉහළ රුධිර මට්ටම් පරිවෘත්තීය සින්ඩ්‍රෝමය (හෘද රෝග, දියවැඩියාව සහ අංශභාගය ඇතිවීමේ අවදානම වැඩි කරන අවදානම් සාධක සමූහයක්) ඇති පුද්ගලයින්ගේ අඩු මරණ අනුපාතයට සම්බන්ධ බවයි.
-තක්කාලි වල අඩංගු ලයිකොපීන් ඔබේ අක්ෂි සෞඛ්‍යටත් ඉතාම හිතකරයි. එපමණක් නොව ඒවායේ ලුටීන් සහ බීටා කැරොටින් ද අඩංගු වන අතර ඒවා ඇසේ සුද ඇතිවීම සහ අක්ෂි පරිහානිය වැනි අක්ෂි රෝග ඇති වීමේ අවදානම අවම කිරීමට සහාය වේ.
-තක්කාලි ආහාර දිරවීමේ සෞඛ්‍යය ඉහළ නැංවීමට ද දායක වේ. එසෙම ඔබ මලබද්ධය හේතුවෙන් පීඩා විඳින්නේ නම් තක්කාලි වල ඇති දියර හා තන්තු ඔබට එයින් මිඳීමට සහාය වේ.
නමුත් සමහර පුද්ගලයින්ට තක්කාලි වල ආම්ලිකතාවය ඇසිඩ් ප්‍රවාහය සහ අජීර්ණය ඇති කිරීමට හෝ නරක අතට හැරීමට ඉඩ ඇති බව හොඳින් මතක තබා ගන්න.
- දියවැඩියා සංකූලතා වලින් මිදීමට තක්කාලි උපකාරී වේ.එසේම අධ්‍යනයකින් පවා හෙළි වී තිබෙන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට තක්කාලි ආහාරයට ගැනීම ඉතාමත් හිතකර බවයි.
- තක්කාලි යනු නීරෝගි සමක් පවත්වා ගෙන යාමට භාවිතා කළ හැකි හොඳම පලතුරකි.තක්කාලි පේස්ට් සහ ඔලිව් තෙල් මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඔබේ සම පාරජම්බූල හානිවලින් ආරක්ෂා කර ගත හැකිය.එසේම සමෙහි ව්‍යුහය ස්ථිරව තබා ගැනීමට සහාය වන ප්‍රෝ-කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට තක්කාලි වලට හැකි බවද අධ්‍යනයකින් හෙළි වී තිබේ.
-අධ්‍යනයක් මඟින් හෙළි වී තිබෙන්නේ තක්කාලිවල අඩංගු ලයිකොපීන් පුරස්ථි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ, පෙනහළු සහ ආමාශ පිළිකාවන් ඇති වීමේ අවදානම අවම කිරිමට උපකාරී වන බවයි.
තක්කාලි භාවිතයෙන් අපට ප්‍රතිලාභ රාශියක් ලබා ගත හැකි බව සැබෑය.නමුත් යම් අවස්ථාවල තක්කාලි අපට ආසාත්මික විය හැකිය.එබැවින් අධික ලෙස ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය.තවද ඔබ යම් රෝගයක් සඳහා ඖෂධ ලබා ගන්නේ නම් තක්කාලි භාවිතයෙන් ඔබට විවිධ ආසාත්මිකතායන් ඇති වීමේ ඉඩකඩ වැඩි.එබැවින් එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.

අන්තර්ජාලය ඇසුරෙන්..