Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
26
වට්ටක්කාවල ඇති සෞඛ්‍යමය ගුණ ගැන ඔබත් හරියටම දැනගන්න කැමතිද..?

- වට්ටක්කාවල ඇති සෞඛ්‍යමය ගුණ ගැන ඔබත් හරියටම දැනගන්න කැමතිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,259 Views
වැඩි වශයෙන් මිරිස් කන, මස් කන අයට ආමාශයේ ආම්ලිකතාව වැඩිවෙනවා...

එවිට බඩ දැවිල්ල මෙන්ම ඇඟේ දැවිල්ලද, පපුවේ කැක්කුම ද හටගන්නවා.. 

මෙබඳු අවස්ථාවලදී වට්ටක්කා එළවළුව කෑම හෝ තම්බා කෑම ඉතාම ගුණයි...

කහපාට ගතිය ඇති වට්ටක්කා ඇස් ලෙඩවලට දිය හැකි හොඳම පත්‍යයක්... පිටි ගතිය ඇතත් දියවැඩියාව ඇති අයට වට්ටක්කා අගුණ නොවේ..

වට්ටක්කා මල බද්ධය දුරු කරන, මුත්‍රා පීඩා නසන, ශරීරය පිනවන හොඳ එළවළුවක්...

ගම්බද පළාත්වල මරණ ගෙවල්වල දෙන මළ බතේ ප්‍රධාන එළවළුව වන්නේ වට්ටක්කායි... ඊට හේතුව මළ ගෙදර අය ශෝකය නිසා වේලක් දෙවේලක් කෑම නොගැනීමෙන් බඩේ ඇතිවන අම්ල ගතිය වට්ටක්කා කෑමෙන් සම වීමයි... අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් වලට ද වට්ටක්කා ඉතා ගුණයි..

වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණය ලැබෙනවා මෙන්ම ශරීරයේ සෞඛ්‍යයත් ඉහළ නැංවෙනවා.. ඉතින් මේ කියූ කාරණා සේම මේවා ආහාරයට ගැනීමෙන් ළඟා කරගත හැකි සෞඛ්‍යමය වාසි බොහොමයි.. මේ අන්න ඒ ගැන සටහනක්..

-ශරීරයේ බර අඩු කර ගැනීමට

වට්ටක්කා කෙඳි බහුල ආහාරයක්. මේ නිසා අනෙකුත් ආහාර වට වඩා එහි ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමිනුයි. මේ නිසා වට්ටක්කා ආහාර මාර්ගයෙහි වැඩි වේලාවක් රැඳී පැවත, කුසගින්න ඇතිවීම අවම කරනවා. එසේම වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා ශරීර බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයවලුන්ට ඉතා සුදුසු ආහාරයක්.

-ඇස් පෙනීම වැඩි දියුණු කර ගැනීමට

වට්ටකා වල තැඹිලි පැහැයට හුරු කහ පැහැය ලබා දෙන්නේ එහි අඩංගු බීටා කැරොටින නිසා යි. මේවා ශරීරගත වූ විට විටමින් A නිපදවෙනවා. විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත් සංඝටකයක්. ලිපියේ පෙර සඳහන් පරිදි වට්ටක්කා එක් කෝප්පයක ප්‍රමාණයක් මඟින් ශරීරය තුල දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක විටමින් A නිපදවිය හැකි යි. වට්ටක්කා වල අඩංගු ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක මඟින් ඇසෙහි සුද ඇතිවීම අතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇතිවීම වලක්වනවා.

-ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට

වට්ටක්කා වල යහමින් බීටා කැරොටින් අඩංගුයි
වට්ටක්කා වල අඩංගු බීටා කැරොටීන වලින් ශරීරය තුල දී සංස්ලේෂණය වෙන විටමින් A, ශරීරයට වැළඳෙන විවිධ ආසාදනයන්, වෛරස හා බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගයන් වලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදව් සපයනවා. වට්ටක්කා වල යහමින් අඩංගු විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ වලින් සහනය සලසනවා.

-සමෙහි තරුණ බව රැක ගැනීමට

වට්ටක්කා වල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරනවා. මේ නිසා සම රැළි වැටීම අවම වී, තරුණ බව රැකෙනවා. මේ නිසා වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා අයවලුන්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන්ම තෙතමනය ද යහමින් පවතිනවා. ඒ හේතුවෙන් ඔවුනගේ තරුණ පෙනුම රැකෙනවා.

-පිළිකා අවදානම අඩු කිරීමට

වට්ටක්කා වල අඩංගු බීටා කැරොටින කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වෙනවා. ඇසේ නිරෝගී භාවය, සමෙහි තාරුණ්‍යය රකින බීටා කැරොටින ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානමත් පහත හෙළනවා. විශේෂයෙන්ම වට්ටක්කා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කොට උදාසීන කිරීම නිසා පිළිකා වලට මුල් වන සෛල ඇති වීමේ අවදානම පහත හෙළෙනවා.

-දියවැඩියාව පාලනය කිරීමට

ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයින් මත පලකරනවා. දැනට හඳුනාගෙන ඇති පරිදි වට්ටක්කා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම කාර්යයක්ෂම කරන බවට සාක්ෂි ලැබී ඇති නමුත්, එය තවමත් පර්යේෂණාත්මකව නිශ්චිත වී නැහැ. දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීම මඟින් ඇති වන අපහසුතා අවම වෙනවා.
අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top