Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
24
මුත්‍රා රෝග නසන ඉකිරිය හෙවත් නීරමුල්ලියවල විශ්මිත ඔසු ගුණ මෙන්න..

- මුත්‍රා රෝග නසන ඉකිරිය හෙවත් නීරමුල්ලියවල විශ්මිත ඔසු ගුණ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,155 Views
බොහෝ දෙනෙක් විවිධ නම්වලින් හඳුන්වන මේ ශාකය ඖෂධීය ගුණ ගණනාවකින් යුක්ත වූවක්...  

මෙම ශාකය කුඹුරු, වැව් ආදී ජලාශ්‍රිත ප්‍රදේශවල හැදෙන අතර වර්ෂා සෘතුවේදී, වියලි කලාපයේ දී වැවී ග්‍රීස්ම කලාපයේ දී විනාශ වීම සිදුවෙනවා.. තෙත් හෝ ජලාශ්රිත ප්රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියක් වන අතර, සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා තිබෙනවා... දිගැටි පත්රද බූව සහිතයි... පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇති තර, පෙති දම් නිල් පැහැතියි... ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවක්... මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබෙනවා.. මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත.. සුලභව දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයයි.. නීරමුල්ලි රසවත් පලාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකියි... මෙය Acanthaceae කුලයට අයත් ශාකයක් වන අතර, මේ ශාකය ඉන්දියාව , ලංකාව ආදී රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.. නීරමුල්ලි දෙමළ භාෂාවෙන් නිරේමුල්ලි යනුවෙන්ද බෙන්ගලි භාෂාවෙන් කුලේචාරි යනුවෙන්ද හඳුන්වන්වනවා..

මේ ශාකයේ කොළ , කඳ , මුල් , මල් යනාදී සියලුම ශාක කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබනවා.. නීරමුල්ලි ශාකයේ ඇති රසායනික සංයුතිය පිළිබඳව බැලීමේදී මුලේ ඇල්කලොයිඩ් අඩංගුව ඇති අතර, තවද පොටෑසියම් සල්පේට් හා පොටෑසියම් ක්ලෝරයිඩ් අධිකව පැවතීම නිසා මුත්රා රෝග අවස්ථාවලදී මෙම ශාකය ඖෂධයක් වශයෙන් ගැනීමෙන් මහත් වූ මෙහෙයක් සිදු කරනවා... මෙම ඖෂධ භාවිතා කිරීමෙන් මුත්රා අඩස්සි , මුත්‍රා ගල් , ආම වාත , වාත රෝග ,නාඩි දුබලතාව , සෙංගමාලය , පිපාසය , හෘද රෝග , පිත්තාතිසාරය , රත්පිත් යනාදී රෝග සඳහා ඉතා හිතකර වෙනවා... නීරමුල්ලිය ශාකය අපට ප්රයෝජනවත් වන්නේ ප්රධාන වශයෙන් ආහාරයක් වශයෙන්.. එය එළවළුවක් මෙන් අපට සාදා ගැනීමට හැකියි... ඖෂධීය පානයක් වශයෙන්ද තම්බා ගන්නට හැකි වෙනවා.. එමඟින් මුත්රා මාර්ගය ආශ්‍රිත රෝගවලදී බෙහෙවින් ප්රයෝජනවත් වෙනවා..

- මුත්රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු , නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම , පොල්පලා , නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය.
- වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි.
- රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි.
- මුත්ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.

එසේම මුත්රා හොඳින් පෙරීම හා පිරිසිදු කිරීම මින් සිදුවෙනවා. ලේ පිරිසිදු කරනවා. ඒ වගේම මුත්රා ගල් සෑදීමේ ප්රවණතාව අඩුවේ. කිරිදෙන මව්වරුන්ට කිරි වඩන බවද සඳහන් වේ. සතියකට දින 01 ක් හෝ 02ක් පමණ ගැනීම සෑහෙන අතර දිනපතා ගැනීමෙන් වකුගඩු පද්ධතියට හානිගෙන එන්නට පුළුවනි..

නීරමුල්ලිය මැල්ලුම
නීරමුල්ලිය කරටි සිහින්ව කපාගෙන රතුළූණු, සුදුළූණු, ලුණු, කහ සහ පොල් ද එක්කර ගනිමින් මැල්ලුම සකස් කර ගන්න..
නීරමුල්ලිය භාවිතයේදී රස ව්යංජනයක් වශයෙන් ද නැතහොත් තම්බා බීමෙන් මධුර රසය තිත්ත රසයද අඩංගුව ඇත.. නීරමුල්ලිය වගා කිරීමේදී බීජ මගින් හා කිනිති වශයෙන් කපා සිටවීම සිදු කළ හැක... ගම්බද ප්රදේශ වල වගාවක් වශයෙන්ද වගා කෙරේ...

ඉකිරිය ශාකයෙ අන්තර්ගත රසායනික ගුණ අතර මුල්වල ඇල්කලොයිඩ Lupeol සහ පත්‍රවල Hentriacontane අඩංගු වන අතර මුල්වල වාෂ්පශිලී තෙල් ස්වල්ප වශයෙන් අඩංගු වෙනවා... Phytosterol නම් රසායනික ද්‍රව්‍යද අඩංගුයි..



අන්තර්ජාලය ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top