Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
17
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්

- සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47 Views
සිරි දළදා වන්දනාව සදහා කිසිදු අවස්ථාවක ප්‍රභූවරුන් සදහා විශේෂ පෝලිමක් නොමැති බව මහනුවර හා මාතලේ දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැඳැහැවතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

16 වසරකට පසු උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැකබලා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව හිමිවන “සිරි දළදා වන්දනාව“ හෙට පස්වරුවේ ආරම්භ කිරීමට මේ වනවිට සියලු‍ කටයුතු සූදානම් කර තිබෙනවා.

“සිරි දළදා වන්දනාවේ සමාරම්භය සිදුකෙරෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන්.

හෙට පෙරවරු 11.30සිට එම අවස්ථාව හිරු ටීවි ඔස්සේ සජීවී ලෙස නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනවා.

හෙට දිනයේ සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවන්නේ පස්වරු 3.30 සිට 5.30 දක්වායි.

19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12 සිට පස්වරු 5.30 අතර කාලය සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනාවට අවස්ථාව හිමිවනවා.

මෙහිදී සැඳැහැවතුන්ගේ රථවාහන නතර කිරීම සඳහා නගර සීමාට ඔබ්බෙන් ස්ථාන 6 ක් වෙන්කර තිබෙනවා.

ඒ අනුව ගම්පොළ හා කොළඹ සිට පැමිණෙන වාහන ගැටඹේ ක්‍රීඩාංංගනය හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබිය හැකියි.

කුරුණෑගල - කටුගස්තොට මාර්ගයේ පැමිණෙණ වාහන 4 කණුව අසළ නතර කළ යුතු වනවා.

මඩවල මාර්ගයෙන් පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබිය හැකියි.

මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතේ නතර කළ යුතු වන අතර මහියංගනව දෙස සිට පැමිණෙන වාහන පල්ලේකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගනයේ නවතා තැබිය යුතු අතර බදුල්ල දෙස සිට පැමිණෙන වාහන ගුරුදෙණිය ප්‍රදේශයෙන් නැවැත්විය යුතුයි.

මේ අතර දෛනික අවශ්‍යතාවයන් සඳහා මහනුවර නරගයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද රථගාල් 12ක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ ස්ථානවල සිට පොදු ප්‍රවාහන සේවා සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.

සිරි දළදා වන්දනාවට ප්‍රවේශ විය හැකි මාර්ග ද මේ වනවිට නම්කර ඇති අතර ඒ අනුව ඩිස්.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් එක් ප්‍රවේශ මාර්ගයක් පවතිනවා.

දෙවැනි ප්‍රවේශ මාර්ගය වන්නේ රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.

රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සැලසුම් කර ඇති මාර්ගය තුන් වැනි ප්‍රවේශ මාර්ගයයි.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ හා ප්‍රධාන නගර රැසක සිට විශේෂ බස් ගමන් වාර සුදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

කොළඹ සිට දෛනිකව මහනුවර දක්වා අතිරේක දුම්රිය ගමන්වාර 8 ක් ද ක්‍රියාත්මකයි.

මෙම කාලය තළ ශ්‍රී දළදා වහන්සේ සහ දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව, සැඳැහැවතුන්ගේ ආරක්ෂාව සදහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදවා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් දසදහසකට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top