Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
22
"සර් මට දීපු ඒ ඇටෑක් ටික මට කරගන්න බැරි වුණා...ගොඩක් උන් මඟහැරුණා... එක ඇටෑක් එකක් තිබ්බා ..... " - කෙසෙල්බද්දර පද්මේට කමාන්ඩෝ බළකායක්... - කමාන්ඩෝ යෝ යෝ පොලිසියට වැමෑරු රහස...

- "සර් මට දීපු ඒ ඇටෑක් ටික මට කරගන්න බැරි වුණා...ගොඩක් උන් මඟහැරුණා... එක ඇටෑක් එකක් තිබ්බා ..... " - කෙසෙල්බද්දර පද්මේට කමාන්ඩෝ බළකායක්... - කමාන්ඩෝ යෝ යෝ පොලිසියට වැමෑරු රහස...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
පසුගිය දිනයක විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් කටුනායක ගුවන්තොටුපළට හදිසියේම ගියේය.

ඒ දැනට කමාන්ඩෝ බළකායෙන් පලාවිත් සිටින අයකු අත්අඩංගුවට ගැනීම සඳහාය. ගනේමුල්ල සංජීවගේ ඝාතන විමර්ශනය දිගුවක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක විය.

පොලිසියට ලද ඔත්තුව ටක්කෙටම නිවැරදිය. නේපාලය බලා පිටත්ව යෑමට සිටි පලා ආ කමාන්ඩෝ සෙබළකු මෙලෙස  අත්අඩංගුවට පත්විය. ඔහු කමාන්ඩෝ බළකායේ වසර හතක සේවා කාලයක් හිමි සෙබළෙකි.එසේම ඔහු එම බළකාය තුළ සිටි දක්ෂ වෙඩික්කරුවෙකි. ඔහුව හඳුන්වන්නේ “කමාන්ඩෝ යෝ යෝ” ලෙසය. 28 හැවිරිදි  කමාන්ඩෝ යෝ යෝ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගනේමුල්ල සංජීවගේ ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලැබූ කෙහෙල්බද්දර පද්මේගේ  මෙරට මෙහෙයුම් හසුරු වන බව කියන්නේ  කමාන්ඩෝ සලින්තය. සලින්ත  යෝ යෝ හට ඉලක්කයක් ලබා දෙන්නේ නේපාලයට ගොස් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමටය.  සලින්තද කමාන්ඩෝ බළකායෙන්ම පලාවිත් පද්මේ සමඟ දෙස් විදෙස් පාතාල මෙහෙයුම් සැලසුම් කරමින් සිටී.

“සර් සලින්තගේ අම්මයි නංගියි ඉන්නේ නේපාලයේ.සලින්ත මේ අම්මටයි නංගිටයි හරිම ආදරෙයි.නේපාලේ ඉන්න එකෙක් අම්මටයි නංගිටයි කරදර කරනවා.එයාලා ඒක අඬ අඬා සලින්තට කියලා.ඉතින් ඌව ඉවරයක් කරන්න මට බාර දුන්නා.මම එයාර්පෝර්ට් එකට ආවේ නේපාලේ යන්න.මට සලින්ත උපදෙස් දීලා තිබුණේ නේපාලේ එයාර්පෝර්ට් එකට මාව ගන්න කෙනෙක් එයි කියලා.එයා ටාගට් එක පෙන්නුවට පස්සේ මට තිබ්බේ ගහන්න විතරයි.ඒත් ඒකට දවස් කිහිපයක් යනවා.ඌ ඉන්න තැන් බලාගන්න තමයි මුලින්ම අපි සැලසුම් කරලා තිබ්බේ.ඌට ගහපු ගමන් ආයේ ලංකාවට පනින්න තමයි මම හිටියේ.ඌට ගහන්න වෙපන් ඔක්කොම මට එහෙන් දෙනවා කියලා තමයි තිබුණේ”

“යෝ යෝ” පුද්ගල ඝාතන සැලසුම මෙලෙස  විමර්ශකයන්ට පැවසුවේය.මේ සඳහා වන ටිකට්, වීසා, නවාතැන් ඇතුළු සියල්ල කමාන්ඩෝ සලින්ත විසින් සූදානම්කොට හමාරය.යෝ යෝගේ  මඟ වියදම් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්ද සලින්ත ඔහුට ලබා දුන්නේය.

ඔහු පාපෝච්චාරණය කළ මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශකයන් විමර්ශන ආරම්භ කොට තිබේ.ඔහු පවසන මෙම කතාව සත්‍යයක් නම් ඒ ඉතාම බරපතළ තත්ත්වයකි.

මෙරට පාතාලය විසින් විදෙස් රටවල පුද්ගල ඝාතන සැලසුම් කිරීම මහත් භයානක තත්ත්වයකි.මේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු කමාන්ඩෝ බළකාය වැනි සුවිශේෂී හමුදාවක සාමාජිකයන් යොදා ගැනීමද ඊටත් වඩා භයානකය.

කමාන්ඩෝ බළකායේ සේවා අත්දැකීම සහ දක්ෂ වෙඩි තැබීම නිසා සලින්ත යෝ යෝව පද්මේගේ පාතාල කමාන්ඩෝ කල්ලිය සඳහා බඳවා ගත්තේය.ඒ මීට ටික කලකට ඉහතදීය.

කමාන්ඩෝ බළකායෙන් පලා විත් සිටි යෝ යෝ පසුකාලීනව අයිස් මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි විය. ඔහු දිනකට රුපියල් දසදහසක පමණ මුදලක් වියදම් කොට අයිස් මත්ද්‍රව්‍ය පානය කරයි.

“මල්ලී උඹට සල්ලි කීයක් හරි ඕන්නම් කියපන් මම දාන්නම්” සලින්ත නිරන්තරයෙන් යෝ යෝ ගේ  දුක සැප සොයමින් ඔහුට තිස් හතළිස් දාහ ඔහුගේ බැංකු ගිණුමට බැර කළේය.
යෝ යෝත්  නොදැනීම සලින්තගේ කීකරු ගෝලයකු විය.

“සර් මම ඩීල් කළේ කමාන්ඩෝ සලින්තත් එක්ක විතරයි. එතැනින් එහාට මම කිසි දෙයක් දන්නේ නැහැ”විමර්ශකයන් හට පැවසුවේය.

මිද්දෙණිය, අහුන්ගල්ල ,මීගමුව යන ප්‍රදේශවල වෙඩි තැබීම් කිහිපයක්ද සිදුකිරීමට යෝ යෝට සලින්ත විසින් නියෝග ලබාදී තිබුණි.

“සර් මට දීපු ඒ ඇටෑක් ටික මට කරගන්න බැරි වුණා.මරන්න හිටපු උන් මඟහැරුණා.එක ඇටෑක් එකක් තිබ්බා වෑන් එකකට ගහලා මරන්න.ඒකත් බැරි වුණා.”මෙම යෝ යෝ නමැති හිටපු කමාන්ඩෝ සාමාජිකයා පිළිබඳ සියලු කරුණු හෙළිදරව් කරන්නේ දැනට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් “කමාන්ඩෝ වෙන්ටා” ය.

ගනේමුල්ල සංජීව ඝාතනයේ තවත් මොළකාරියක ලෙස සැලකෙන තවමත් අතුරුදන්ව සිටින සෙව්වන්දි හා ඝාතනයට පෙර දින පැය ගණන් දුරකථන සංවාදයේ යෙදුණු වෙන්ටාව තලවතුගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.ඒ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ගේ විමර්ශනයක ප්‍රතිඵල ලෙසය.

වෙන්ටාද තදින් අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.ඔහුවද පද්මේගේ පාතාල කමාන්ඩෝ බළකාය සඳහා බඳවාගෙන ඇත්තේ කමාන්ඩෝ සලින්ත විසිනි.කමාන්ඩෝ සලින්ත වෙන්ටාගේද දුක සැප සොයා බලමින් ඔහුට ඇති පදමින් මුදල් වියදම් කොට ඇත.

කමාන්ඩෝ සලින්ත දැනට මැලේසියාවේ සිටිමින් මෙම පාතාල කමාන්ඩෝ බළකාය මෙහෙයවමින් සිටී.

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට පැමිණ පොතක් අස්සේ තිබූ පිස්තෝලයක් ඇද නීතිඥවරයකු ලෙස ගනේමුල්ල සංජීව එලොව යැවීම සඳහා වෙඩි තැබූ කමාන්ඩෝ සලිදු ද, වෙන්ටාගේ  සහ යෝ යෝගේ  ගජ මිත්‍රයෙකි.

කමාන්ඩෝ සලිදු ද  දක්ෂ වෙඩික්කාරයකු වන අතර ඔහු කමාන්ඩෝ බළකාය හඳුන්වා ඇත්තේ “ටැටුවා” යන අන්වර්ත නාමයෙනි.
උපුටා ගැනීම - මව්බිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂීම බළකායක් ලෙස සැලකෙන කමාන්ඩෝ බළකාය මෙරටින් එල්ටීටීඊය තුරන් කිරීම සඳහා සුවිශේෂී මෙහෙයුම් රැසක් සිදු කළ බළකායක් ලෙස හැඳින්විය හැකිය.නැඟෙනහිර පළාතේ සුවිශේෂී මෙහෙයුම් රැසක් කරමින් යුද හමුදාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් කමාන්ඩෝ සෙබළුන් 600ක් පමණ ලක් මාතාව වෙනුවෙන් දිවි පුදා ඇත.

දැනට කමාන්ඩෝ බළකාය සතුව සෙබළුන් තුන්දාස් පන්සීයක් පමණ සේවයේ නිරත වේ...

උපුටා ගැනීම - මව්බිම





























































































































































































































































































































































































































































































































































































































































































































































.
සාමාන්‍ය යුද හමුදා සාමාජිකයන් මාස හයක පමණ කාලයක් සිය පුහුණුව සිදුකරන නමුත් කමාන්ඩෝ සාමාජිකයකු දවසක කාලයක් සිය පුහුණු කටයුතු සිදුකරයි.
විශේෂයෙන් වෙඩි තැබීම් සහ යුද උපක්‍රම සම්බන්ධයෙන් සුවිශේෂී පුහුණුවක් මෙම කාලසීමාවේ කමාන්ඩෝ සෙබළකු ලබයි.නගරබද සටන් ,ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සටන්, ප්‍රභූ ආරක්ෂක සේවා සේම ගුවනින් ගොඩබිමින් සහ මුහුදින් සිදු කෙරෙන ඕනෑම මෙහෙයුමක් සඳහා කමාන්ඩෝ සාමාජිකයකු යොදාගත හැකිය.
රණාලේ සමයංලාගෙන් මාකඳුරේ මදුෂ්ලාගෙන් ගනේමුල්ලේ සංජීවගෙන් අවසන් වූ පාතාල කිරුළ මුළු රටේම තමා සතු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පද්මේ කමාන්ඩෝ සෙබළු සිය කල්ලි සඳහා බඳවාගන්නේද ඔහුගේ ඉලක්කයන් සාර්ථක කර ගැනීම සඳහාය.
ඔහු සතුව යුද හමුදාවෙන් පලාවිත් සිටින 15 දෙනකු පමණ කල්ලියක් මේ වන විට විමර්ශකයන් විසින් හඳුනාගෙන ඇති අතර ඉන් හත් අට දෙනකුම කමාන්ඩෝ සාමාජිකයන් බව පැවසේ.
විමර්ශනවල ප්‍රතිඵල ලෙස සලින්ත ඒ ෆේස්බුක් පෙම්වතිය ලෙස සැලකෙන තරුණියක මැලේසියාව බලා යෑමට සූදානම්ව සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.එසේම පද්මේගේ කල්ලියට අදාළ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ තොගයක් පන්නල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී  මේ වන විට සොයාගෙන ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ  නියෝග පරිදි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති සමන් ද සිල්වා, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු නිලධාරීන්ගේ උපදෙස් මත මීට අදාළව විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.
මෙරට ජාතික ආරක්ෂාවට පමණක් නොව විදෙස් රටවල ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් ඇති මෙම පාතාල කල්ලිය දඩයම් කර ගැනීම පොලිසියේ ඊළඟ අභියෝගය වනු ඇත.
චාමර අමරසූරිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top