ගොඩක් දෙනෙක් සුරතල් සතුන්ට ආදරය කරනවා..
ඒ විතරක් නෙවෙයි, ලංකාව වගේ රටක නම් ගොඩක් දෙනෙක් සුරතල් සතුන් ඇති කරන්නත් කැමැත්තක් දක්වනවා වගේම තමයි ඊට බාධාවක්ද පවතින්නේ නැහැ..
ඔබ නිවසට අලුත් සුරතලෙක් ගෙන ඒමට පෙර පහත කරුණු සලකා බැලීම ඉතා වැදගත් වෙනවා..
නිවසේ සියලුම සාමාජිකයින් කැමති නම් පමණක් පැටවෙක් නිවසට ගෙන එන්න.. නිවසේ ඇති ඉඩකඩ, ආර්ථිකය, රැක බලා ගැනීමට ඇති කාලය සහ දැනටමත් ඔබ නිවසේ සිටින සුරතලුන්ගේ ස්වභාවයයි..
මෙම කරුණු ඉතා වැදගත් වන්නේ නිවසට ගෙන එන සුරතලත් නිවැසියනුත් සතුටින් සිටින්නේ සියලුම සාමාජිකයන් එම සුරතලාව ආදරයෙන් භාර ගන්නේ නම් පමණි.. එමෙන්ම ඔබගේ නිවසේ ඇති ඉඩකඩ සීමාසහිත නම් විශාල වර්ගයේ සුනඛයන් සුදුසු වන්නේ නැහැ.. කුඩා පැටවුන් ඉතා සිත් ඇදගන්නාසුලු බැවින් වර්ධනය වන විට ශරීර ප්‍රමාණය ගැන බොහෝ දෙනකුට අමතක වන කාරණාවක්.. ඉතා මිල අධික සුනඛ වර්ග තෝරා ගෙන ඔවුන් රැක බලා ගැනීමට ඇති ආර්ථික හැකියාව ඔබ තේරුම් ගත යුතුයි.. මෙසේ මිල අධික හා ශරීර ප්‍රමාණය විශාල සතුන් දෛනික ආහාර, විටමින හා අනෙකුත් ඖෂධ වර්ග සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන අතර එය තමන්ට තවත් පීඩනයක් වෙනවා... ඔබටත් සුරතලාටත් සතුටින් සිටිය නොහැකියි..
ඔබට එදිනෙදා වැඩ කිරීමේ දී ඔබට තිබෙන කාලය සීමාසහිත නම් දිගු ලෝම සහිත සුරතලුන් තෝරා ගැනීම සුදුසු නොවන අතර, එම සත්වයින්ගේ ලෝම සහිත සම හොඳින් පවත්වා ගැනීම සඳහා දිනපතා පනාවක් හෝ බුරුසුවක් භාවිතා කර පීරීම කළ යුතුයි... නැති නම් එම ලෝම ගැට ගැසී සමේ ආසාදන ඇති වී සුරතලාගේ අලංකාර බවත් සෞඛ්‍ය සම්පන්න බවත් නැති වෙනවා..
සුරතලකු තෝරා ගැනීම සඳහා ඉහත කරුණු පිළිබඳව හොඳින් සිතා බැලිය යුතු අතරම සුරතලාගේ සෞඛ්‍ය සම්පන්න බවටත් ඉතාම වැදගත් වන අතර, සෞඛ්‍ය සම්පන්න සුරතලකු තෝරා ගැනීමේදී මූලික වශයෙන් කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි... ඒවා නම්,
- සති 6 ක් වත් විය යුතුයි.
- මව සමග සති 5-6ත් සිටින විට ස්වභාවික ප්‍රතිශක්ති හොඳින් වර්ධනය වේ. එමෙන්ම ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියාවලිය හොඳින් ඇරඹීම සිදු වේ.
- සති 2 න් 2 කට පණු බෙහෙත් දී තිබිය යුතුයි.
- පණු බෙහෙත් හරියාකාරව ලබාදීම පැටවුන්ගේ වර්ධනයට උපකාරී වේ.
- පළවන පා(ර්)වෝ (Parvo Vaccination) එන්නත් ලබා තිබීම ඉතා වැදගත්.
- පා(ර්)වෝ වෛරස ඉතා භයානක රෝගයකි.
- ඈලි මෑලිකම් නැතිව හොඳින් ක්‍රියාශීලීව සිටී නම් සෞඛ්‍යයෙන් සිටින පැටවුන් බව හඳුනාගත හැකිය.
- සම ශරීරය ආරක්ෂා ප්‍රධාන ආවරණයයි. එනිසා සමේ නිරෝගී බව ඉතා වැදගත් වේ.
- කිනිතුල්ලන්, මැක්කන්, උකුණන් වැනි පරපෝෂිතයින් සමේ, කන්වල, ඇඟිලි අතර නොසිටීම. එසේ නොවුණහොත් බාහිර පරපෝෂිතයන් විවිධ වූ රෝගකාරකයන් ශරීර ගත කිරීමට හේතු වේ. එමෙන්ම රුධිරය උරා බොන බැවින් රක්තහීනතාවයට හේතු වේ.
- රෝස පාට විදුරුමස්, දිව, ඇස්
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..