ශරීරයේ කොතන තෙල් සහිත බවක් තැන්පත් වුණත් අක්මාවේ තෙල් ගතිය තැන්පත්වීම ඇත්තටම රෝගී තත්ත්වයක්..
අක්මාව රෝගීවීම නිසා අපගේ සිරුරේ රෝග රැසක් ඇතිවීමට බලපානවා.. මෙය වර්තමානයේ තරුණ, වැඩිහිටි පිරිස අතර බහුලවම දකින්නට ලැබෙන නිසා මේ පිළිබඳව අප වඩාත් අවධානය යොමුකළ යුතුයි...
අපගේ ජීවිතයේ පැවැත්ම සඳහා අක්මාවෙන් ඉටුවන කාර්යයන් බොහෝයි... ශරීරයේ පවතින විශාලතම ඉන්ද්‍රිය ලෙස මින් සිදුකරන ප්‍රධාන කටයුත්තක් වනුයේ සිරුරට ඇතුළුවන විස හරණය කිරීමයි... අප ගන්නා ආහාරවල ඇති බොහෝ විස කොටස් අක්මාව මගින් ඉවත් කරයි.. එහිදී මෙම විස කොටස් අක්මාවේ තැන්පත් කර තැබීම නිසා අක්මාව ඉතා ඉක්මනින් ලෙඩ වීමට ද ඉඩ තිබෙනවා..
රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රෝටීන කොටස් නිෂ්පාදනයට දායක වීම, ශරීරයට අවශ්‍ය ගුණදායක කොලෙස්ටරෝල් නිෂ්පාදනය කිරීම ද අක්මාව මගින් සිදුකරනවා..
අක්මාවට ඇතිවන රෝග
අක්මාව අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් බැවින් එය ආරක්ෂා කරගත යුතුයි.. අක්මාව රෝගීවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අප ගන්නා ආහාර පානයි.. අධික ලෙස මත්පැන් ගැනීම, තෙල් අධික ආහාර වර්ග දිනපතා ආහාරයට ගැනීම නිසා අක්මාව රෝගී වීම වේගවත් කරනවා... එහිදී ඇතිවන ප්‍රධාන රෝගය වන්නේ සිරෝසිස්.. ඊට අමතරව අක්මාවේ අධික ලෙස තෙල් තැන්පත්වීම සිදුවෙනවා.. වර්තමානයේ බොහෝදෙනකුට අක්මාවේ තෙල් තැන්පත්වීම (Fatty liver) තත්ත්වය බහුල ලෙස දැකිය හැකියි... සාමාන්‍ය පුද්ගලයකුගේ අක්මාවේ මේදය තිබිය යුත්තේ සියයට 30%කට අඩු ප්‍රමාණයක්.. යම් විටෙක අක්මාවේ මේදය සියයට 30%කට ආසන්නව ඇත්නම් එය අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතුයි...
අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු
අධික මේදය සහ පිෂ්ටය සහිත ආහාර බහුලව ගැනීම, අධික මත්පැන් පානය, ස්ථුලතාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ ජානමය හේතු ද මේ සඳහා බලපානවා..
මීට අමතරව ජලය නිසි ලෙස පානය නොකිරීම, කුසගින්නේ සිටීම, ප්‍රමාණවත් තරම් ක්‍රියාශීලී නොවීම සහ වේදනානාශක නිතර භාවිතය ද අක්මාවේ මේදය තැන්පත්වීමට හේතු වෙනවා..
මෙලෙස අක්මාව රෝගී වීම නිසා අපගේ සිරුරේ රෝග රැසක් ඇතිවීමට බලපා අතර, මෙය වර්තමානයේ තරුණ, වැඩිහිටි පිරිස අතර බහුලවම දකින්නට ලැබෙන නිසා මේ පිළිබඳව අප වඩාත් අවධානය යොමුකළ යුතුයි..
හෙළ වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර
මෙම රෝගයේදී ප්‍රතිකාර සඳහා යොමුවීමේදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමු වී වෛද්‍ය උපදෙස් අනුව අපගේ ජීවන රටාව වෙනස් කරගැනීමට පියවර ගැනීමයි.. එය අත්‍යවශ්‍ය කරුණක්..
අපගේ ආහාර රටාව වෙනස් කරගත යුතුයි.. දිනකට යම් කාලයක් ව්‍යායාමවල නිරත විය යුතුය. නිසි පෝෂ්‍යදායි ආහාරපාන ගැනීම, නිසි වේලාවට ආහාර ගැනීම කළ යුතුයි.. දිනපතා නිසි ලෙස ජලය පානය කළ යුතුයි..
මෙලෙස ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කර ගැනීමත් සමග ආයුර්වේදයේ මෙම රෝගය සුව කිරීමට ඇති උසස් ගුණයෙන් යුතු ඖෂධ භාවිතය මගින් ඉතා කෙටි කාලයකදී මෙම රෝග තත්ත්වය සුවපත් කළ හැකියි.. වර්තමානයේ මේ සඳහා ආයුර්වේදයේ ඇති බොහෝ ඖෂධ පර්යේෂණ මගින් ඉතා ගුණදායි බව තහවුරු කර තිබෙනවා.. ඒ නිසා අක්මාවේ තෙල් තැන්පත්වීමේ රෝගය ඉතා ඉක්මනින් සුවපත් කිරීමට ආයුර්වේද ප්‍රතිකාරවලට හැකියාවක් තිබෙනවා..
මේ එම රෝගයට ගුණ දෙන තවත් දේශීය පාන වර්ග කිහිපයක් සකසා ගන්නා ආකාරයයි
- මුස්වැන්ද කොළ, බක් මී පොතු, හාතාවාරිය අල, එළ පිටවක්කා කොළ, මේවායින් මිටක් පමණ වන සේ ගෙන හීනටි හාල් සමඟ කැඳ උයා දින තුනක් කිතුල් හකුරු සමග බීම ගුණයි.
- ගස් කරල් හැබ, බක්මී , හීන්බෝවිටියා, රසකිඳ කොළ ,මොනරකුඩුම්බිය,මුස්වැන්ද, සැවැන්දරා කොළ මිරිකා ගත් ඉස්මට හීනැටි හාල් හෝ රතු කැකුළු හාල් දමා කැඳ ළ කොළ කැඳ බීමත් ඉතා ගුණදායකයි.
- මුස්වැන්ද කොළ, හීන් බෝවිටියා, ගැට තුඹ කොළ, කරවිල කොළ, කොළ කැද උයා බීමත් වටිනා සත්කාරයක්.
- යකිනාරං කොළවලින් හදාගත් කැඳ, කිතුල් හකුරු සමග බීමත් පුරාණ වෙදකමේ එන දෙයක්.