ඒ මලේ සුන්දරත්වය ඇත්තටම සිත නිවන භාවනාවක් වගේ.. මේ කියන්න යන්නේ මොකක් ගැනද..? ඔබත් දැනගන්න කැමතියිද සේපාලිකා මලේ ඔසු ගුණය ගැන..
සේපාලිකා අතීතයේ සිට වඩා ප්‍රකටව ඇත්තේ දියවැඩියාව පාලනය කරන්නක් ලෙසයි.. ඒ සඳහා වියළි මල් තම්බා බොනවා.. මල් දහයක් පහලොවක් මඳ උණුසුම් ජලය මිලි 200ක බහා විනාඩි 10 -15 කින් පමණ පෙරා හිස්බඩ පානය කිරීමත් දියවැඩියා පලනයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව සඳහන්.. එය සතියකට දින තුනක් වත් පානය කළයුතුයි.. සේපාලිකා චර්ම රෝග පාලනයට ද උපකාරිවන්නක්..
සමේ කැසීම් හොරි, දද ආදියේ දී කොළ කොටා ආලේප කිරීම සිදු කෙරෙනවා.. කොළ යුෂ තල තෙල් සමග රත්කර, මඳක් නිවෙන්නට හැර උදය සවස ගෑමත් සහන දායකයි.. පොතු චූර්ණය දෙහි ඇඹුලෙන් අනා ආලේප කිරීම ද ගුණ දෙන ප්‍රතිකාරයක්.. සේපාලිකා ඇට ජලයෙන් අඹරා හිස ගැල්වීමෙන් හිසේ ඇතිවන හිස්සොරි කොරපොතු ආදි රෝග දුරුවෙනවා.. උකුණන් වඳවෙනවා..
හිසකෙස් වැටීමත් නැවතී නිරෝගී කෙස් කළඹක් වැවෙනවා. ඇට තැම්බූ දියෙන් සේදීමෙන්ද හිසෙගි සම නිරෝගී කරගත හැකියි..
ශ්වසන පද්ධතිය ආශ්‍රිත කැස්ස ඇදුම ක්ෂය රෝගය ආදි රෝගවලට එරෙහිවද ශාකය ප්‍රතිචාර දක්වනවා.. කල් ගත කැස්ස, සඳහා,සේපාලිකා කොළ යුෂ තේ හැන්දකට මීපැණි දමා දිනපතා උදෑසන බීමෙන් සහන අත්වෙනවා.. මුලේ පොතු චූර්ණය මංචාඩි දෙකක් බුලත් කොළ යුෂ සමග දීමෙන් ඝනවූ සෙම බුරුල්වී සහන සැළසෙන බව සඳහන් වෙනවා.. වෛද්‍ය උපදෙසකින් තොරව කොළ යුෂ තේ හැන්දකට වඩා බීම සුදුසු නැති බව සඳහන්..
ආතරයිටිස් රෝගයේදී කොළ අඹරා පැලැස්තර යොදනවා. හන්දි ඉදිමුම් කැක්කුම් ආදිය්දී කොළ කොටා තලපයක් සේ ආලේප කරනු ලබනවා.. හන්දි මෙන්ම කොන්ද වේදනාවලදී ද කොළ යුෂ තල තෙල් සමග සිඳුවා අසුරා තබාගෙන ගැල්වීම සුදුසු සේ දැක්වෙනවා. සන්ධි ශෝථ – ආමවාත උදරාබාධ සඳහා කොළ යුෂ අවුන්සයක් මීපැණි සමග ලබාදීම සුදුසු බව වෛද්‍ය, ලේඛනවල සඳහන්.. සේපාලිකා මල් කෂායත් සන්ධි ඉදිමුම් වේදනාවලට ගුණ දෙනවා..
මේ ශාකය පණු රෝග සමනයටත්, දායක වන්නක්.. කොළ යුෂවලට මී පැණි එක්කර ලුණු හෝ සහිඳ ලුණු ස්වල්පයක් යොදා පානය කිරීමෙන් වට පණුවන් හා කිරි පණුවන් මර්දනය කරගත හැකියි.. පණු රෝග පාලනයට කොළ කලං දොළහේ කෂාය ද සුදුසුයි.. එය පත අට එකට සිඳුවා උදය හවා පත බාගය බැගින් බීමෙන් සිරුරේ අප්‍රාණික බව දුරුවන අතර ඕනෑම උණක් ද බස්වාගත හැකි බව සඳහන්වෙනවා..
එසේම ඕනෑම උණක් කොළ යුෂ මීපැණි සමග ලබාදීමෙන් ද සමනය කරගත හැකි බව සඳහන්..
සේපාලිකා මල් කෂාය ප්‍රජනන පද්ධති රෝගවලට ගුණ ලබා දෙනවා.. අර්ශස් රෝගයේදී ශාකයේ ඇට අඹරා දිනකට දෙවරක් ගෙඩිවල ගැල්විම සුදුසු බව සඳහන්.. නාසයෙන් ලේ යාමේදී ප්‍රතිකාර සඳහා නස්නයක් ලෙස ශාකයේ මුලෙහි යුෂ යොදා ගන්නවා.. විෂ හරණය ,කිරීමේ හැකියාවද ශාකය සතුයි මීමැසි බමර දෂ්ට විෂට එහි කොළ අඹරා ගානවා.. සර්ප විස ට පොතු චූර්ණය අරත්ත අල යුෂ සමග ලබා දෙනවා.. අන්ත්‍ර රෝග හා මාංශ පේශිවල දැඩි බව ඇතිවිටත් සේපාලිකා ඖෂධ ලෙස යොදා ගන්නවා..
බොහෝ රෝග සුවකිරීමට දායක වන සේපාලිකා ශාකය සැපවත් නින්දක් ලබා දීමටත් උපකාරීවන්නක්.. මල්, මඳ පවනේ වියළා කුඩුකර ඉන් ස්වල්පය බැගින් යොදා සකසාගත් තේ පානය කිරීමෙන් නින්ද නොයාමේ අපහසුතාවෙන් මිදී සුව නින්දක් ලබාගත හැකියි..

අන්තර්ජාලය ඇසුරෙන්