Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
10
පහේ වර්ග කියන්නේම රස ගබඩාවක්.. ඒ විතරක් නෙවෙයි දිව ඔසුවක්..

- පහේ වර්ග කියන්නේම රස ගබඩාවක්.. ඒ විතරක් නෙවෙයි දිව ඔසුවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
රසට කෑමක් හදාගන්න එක මහා අමාරු වැඩක් කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නෙ.

හැබැයි හරි පදමට හදාගත්තු පහේ ටික තියෙනව නම්, ඒ පහේ දාන්න ඕන කොහොමද?

කොච්චර ප්‍රමාණයක්ද කියල දන්නව නම්, මොන මොන පහේ මොන මොන කරියටද කියලා දන්නවා නම්, උයන එක ලේසි වැඩක්.. මේ කියන්න හදන්නෙ ගෙදරදීම සුවඳට, රසට, පිරිසිදුවට පහේ ටික හදාගන්න හැටි.. අමු පහේ, බැදපු පහේ විතරක් නෙවෙයි, වෙන පහේ වර්ගත් මෙතන තියෙනවා.. හැම හොද්දටම එකම පහේ බෝතලේ හලන්නෙ නැතුව ඒ ඒ හොද්දට ඒ ඒ පහේ වර්ග පාවිච්චි කළොත් ඔයාටත් පුළුවන් වෙයි කටට රසට කෑම ටිකක් හදාගන්න..

1. අමු පහේ

කිරට උයන ඕනම හොද්දකට පාවිච්චි කරන්න පුළුවන්. හාල් එක් කරන නිසා හොද්දට උකු ගතියකුත් එකතු කරනව. අමු පහේ වැඩි ප්‍රමාණයක් එකවර හදාගන්නෙ නැතුව පොඩි ප්‍රමාණ හදාගන්න. මොකද වැඩි කාලයක් තියාගනිද්දි අමු පහේ වල රස සහ සුවඳ නැති වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g
සූදුරු 160g
මාදුරු තේ හැඳි 2 1/2
කරදමුංගු ඇට 8
කරාබු නැටි 15
කුරුඳු අඟල් 10
සේර අඟල් 10
රම්පෙ අඟල් 8
කරපිංචා ඉති 5
හාල් තේ හැඳි 8
වියළි කහ අඟල් 1/2 කෑල්ලක්

සියළුම ද්‍රව්‍ය එකට එක්කර සුවඳ හමන ප්‍රමාණයට එනතුරු පමණක් තැටියක දමා බැදගන්න. මදක් නිවුණු පසු ග්‍රයින්ඩ් කර කුඩු කරගෙන හොඳින් නිවා බෝතල් කරගන්න.

2. බැදපු පහේ

සැරට පහේ රසට උයන පොළොස් මාළුවක්, ඌරු මස් කරියක්, සෝයා මීට් කරියක් රස ගන්වන්න මීට වඩා දෙයක් කොහෙද? බැදපු පහේ හදනකොට කුළුබඩු ටික වෙන වෙනම බැදගන්න එක අනිවාර්යයයි. එකට බදිනකොට එක එක කුළුබඩුව බැදෙන්නෙ එක එක ගාණට නිසා රස සහ පාට සමබරව තියාගන්න ඒක වැදගත්.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 500g
සූදුරු 160g
මාදුරු 15g
කරදමුංගු ඇට 8
කරාබු නැටි 15
කුරුඳු අඟල් 10
සේර අඟල් 10
රම්පෙ අඟල් 8
කරපිංචා ඉති 6

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

3. මස් කරි තුනපහ

ඕනම මස් වර්ගයක් උයාගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ පහේ එක පාවිච්චි කරනව නම් මස් වලට අමතරව මිරිස් එකතු කරන්න අවශ්‍ය නෑ. හදල ගොඩක් කල් තියාගන්නවට වඩා අවශ්‍ය වෙලාවට හදාගන්න එකෙන් රස සහ සුවඳ උපරිමයෙන් ලබාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 100g
මාදුරු 100g
සූදුරු 100g
උළු හාල් 20g
කරදමුංගු ඇට 20
කරාබු නැටි 20
කුරුඳු අඟල් 4
අබ 20g
වියලි කහ අඟලක කෑල්ලක්
වියලි මිරිස් කරල් 150g
සේර අඟල් 5
කරපිංචා ඉති 6
හාල් මේස හැඳි 2

සියළුම ද්‍රව්‍ය රත් කරගත් නන්ස්ටික් තැටියක වෙන වෙනම රන්වන් දුඹුරු පැහැයක් වනතුරු බැදගන්න.
මදක් නිවෙන්නට හැර ග්‍රයින්ඩරයක කුඩු කරගන්න. හොඳින් නිවුණු පසු සුළං නොවදින සේ වීදුරු බෝතලයක අසුරාගන්න.

4. සාම්බාර් මසාලා

කඩේ රසට සාම්බාර් එකක් ගෙදරදිම කන්න ඕන නම් අමු තුනපහ බෝතලේ හලල ඒ රස ගන්න බෑ. ඒකට විශේෂිත වෙනම මසාල පව්ඩර් එකක් තියෙනව. මේ තියෙන්නෙ ඒක හදන හැටි. ඉන්දියන් රසට හදාගන්න පරිප්පුවකටත් මේ මසාල එක නියමයි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි ඇට 100g
උළුහාල් තේ හැඳි 2 1/2
සූදුරු තේ හැඳි 4
ගම්මිරිස් ඇට තේ හැඳි 2
කඩල 40g
උඳු ඇට 40g
කඩල පරිප්පු 30g
වියළි මිරිස් කරල් 20
කරපිංචා ඉති 5
පෙරුම්කායම් තේ හැඳි 1/4
කහ කුඩු තේ හැඳි 1

පරිප්පු, කඩල, උඳු, සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් ගින්දර අඩුවෙන් තැටියක බැදගන්න. ඒකටම උළුහාල්, කරපිංචා සහ මිරිස් එක් කර කරපිංචා ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
අවසානයට සූදුරු එක්කර කලවම් කර, ලිපෙන් ඉවත් කරගෙන පෙරුම්කායම් සහ කහ එක් කරගන්න.
නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස බෝතලයක අසුරාගන්න.

5. ගරම් මසාලා

අසල්වැසි රටේ කෑමක් හදන්න ගත්තොත් අනිවාර්යෙන්ම ගරම් මසාලා අඩංගු වෙනවමයි. කඩෙන් ගන්නවට වඩා රසට මේ පහේ එක ගෙදර හදාගන්න පුළුවන්. මේකට ඕන ස්ටාර් අනීස්, බේ ලීෆ් එහෙම සුපිරි වෙළඳසැල් වල තියෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොත්තමල්ලි 200g
සූදුරු 100g
ගම්මිරිස් 30g
මහදුරු 30g
කරදමුංගු 50g
කරාබු නැටි 50g
කුරුඳු අඟල් 7
බේ ලීව්ස් 7
සාදික්කා පොඩි ගෙඩි 2
ස්ටාර් අනීස් 2
වසාවාසි 6ක්

සියලුම දේවල් වෙන වෙනම පාට වෙනස් නොවී සුවඳ එන තෙක් තැටියක බැදගන්න.නිවුණු පසු හොඳින් කුඩු කරගෙන සුළං නොවදින්න අසුරාගන්න.

අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top