Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
03
ගෙදරට කරදරයක් වුණ හූනන් පළවාහරින්න ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න..

- ගෙදරට කරදරයක් වුණ හූනන් පළවාහරින්න ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53 Views
ඔබේ නිවසේ යම් යම් තැන්වල විශේෂයෙන්ම මුළුතැන්ගේ නිතර දෙවේලේ හූනන් ගැවසෙනවා නම් ඇත්තටම ඒක ටිකක් අප්‍රසන්න දෙයක් නේද..?

මේ කියන්න යන්නේ අන්න ඒ කරදරයෙන් ඔබට ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.. 

- ගම්මිරිස් යෙදූ වතුර
හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා. කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට එක්කර සාමාන්‍යයෙන් ඔබේ නිවසේ හූනන් සිටින ස්ථාන වලට හොඳින් ඉසින්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී ඔබ ඔබේ මුළුතැන්ගෙය පිරිසිදු කර අවසානයේ දී මේ උපක්‍රමය භාවිතා කරන්නට ඔබට පුළුවන්.

- ලූනු හෝ සුදු ලූනු
ලූණු සහ සුදු ලූණු සාමාන්‍යයෙන් පිටකරන තද සුවඳට හූනන් පලවා හැරීමේ හැකියාව තිබෙනවා. හූනන් ගැවසිය හැකි නිවසේ අඳුරු මුලුවල මේවා තැබිය හැකියි. අවශ්‍ය නම් ඒ මතින් කරාබු නැටි ද තැබිය හැකියි. නිවස පිරිසිදු කර අවසානයේදී මේ උපක්‍රමය භාවිතා කර දිනකට වරක් හෝ දින දෙකකට වරක් මේවා ඉවත් කරන්නට පුළුවන්.

- නිවසේ ඇති තෙත් අවකාශයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න
ඔබේ නිවසේ ඇති තෙත් අවකාශයන් වල හූනන් ගැවසීම සහ බෝවීම වැඩි වශයෙන් සිදුවිය හැකියි.
විශේෂයෙන්ම ජල කරාමය අවට මෙය සිදුවිය හැකි අතර ඔබේ ජල කරාම අවට කබඩ් සවිකර තිබේ නම් ඔබ එම ස්ථාන අනිවාර්යයෙන්ම පිරිසිදුව තබා ගත යුතු වෙනවා.
පිරිසිදු කිරිමට අමතරව එම කබඩ් තුළට වාතාශ්‍රය පැමිණීමට සැලැස්වීමෙන් ද හූනන් බෝවීම වළක්වා ගත හැකියි.

- කපුරු බෝල භාවිතා කරන්න
ඔබේ නිවසේ කුඩා දරුවන් හෝ සුරතල් සතුන් නිතරම එහා මෙහා නොයනවානම් හූනන් පලවා හැරීම සඳහා කපුරු බෝල භාවිතා කරන්නට ඔබට පුළුවන්.
අල්මාරිවල, මුලුතැන්ගේයි ලාච්චුවල, නිවසේ අඳුරු ස්ථානවල ,සින්ක් යට ,කැබිනට්වල සහ රාක්කවල කපුරු බෝල තැබීමෙන් හූනන්ගෙ කරදරයෙන් මිදෙන්න ඔබට හැකියාව තියෙනවා.
ඒ වගේම එම ස්ථාන තෙත් සහිත ස්ථාන නොවීමටත් ඔබ වගබලා ගත යුතුයි.

- ඉතිරිවූ ආහාර බැහැර කරන්න
හූනන් බෝවිය හැකි තවත් ප්‍රධාන සාධකයක් ලෙස ඉතිරි වූ ආහාර සැලකෙනවා.
රාත්‍රියේ දී නිවසේ ඉතිරි වන සියලු ආහාර සහ කසල නිවසින් බැහැර කරන්නට ඔබ වගබලා ගත යුතුයි.
අනෙක් විශේෂම කාරණාව නම් ඔබ කසල බැහැර කරන විට පියන හොඳින් වැසිය හැකි කසල බඳුනක් භාවිත කරනවානම් වඩා සුදුසුයි.

- ඉවත ලන බිත්තර කටු
ඔබ කසල බඳුනට දමන බිත්තර කටු වලින් නිවසේ හූනන් පලවා හරින්නට පුළුවන් බව දැන සිටියාද?
බිත්තර කටු වලින් වහනය වන සුවඳ හූනන්ට ඉවසිය නොහැකි බව පැවසෙනවා.
හොඳින් වේලා ගත් බිත්තර කටු මුළුතැන්ගෙයි හූනන් ගැවසිය හැකි අඳුරු ස්ථානවල තැබීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල දැකගන්නට පුළුවන් වේවි.

- නිවසේ උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වන්න
හූනන් ජීවත් ජීවත්වීම සඳහා වඩාත් ප්‍රිය කරන්නේ උෂ්ණත්වය සහිත දේශගුණයකයි.
එම නිසා ඔබේ නිවසේ පවතින උෂ්ණත්වය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත් වෙනවා.
දහවල් කාලයේදී ජනෙල් දොරවල් හොඳින් නැව තබා නිවසට වාතාශ්‍රය පැමිණීමට සැලැස්වීම මගින් යම් තරමක් දුරට ඔබේ නිවසේ පවතින උෂ්ණත්වය අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

- කුරුලු පිහාටු
කුරුල්ලන් හට හූනන් ඉතා බිය වන අතර ඔබේ නිවසේ හූනන් ගැවසෙන ස්ථානවල කුරුලු පිහාටු එල්ලා තැබීමෙන් හූනන් පැමිණීම වළක්වා ගත හැකියි.
එසේත් නොමැති නම් පිහාටුවලින් සකස් කළ විසිතුරු බිත්ති සැරසිලි වුවත් හූනන් පලවා හැරීම සඳහා ඔබට භාවිතා කළ හැකියි.

මෙවැනි උපක්‍රම භාවිතා කිරීම මගින් ගෘහණියන් බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටළුවක් වන හූනන්ගේ කරදරයෙන් අත් මිදීමට හැකි වෙනවා.. ඉතින් ඔබත් මේ ක්‍රම අත්හදා බලන්න..

අන්තර්ජාලය ඇසුරෙන්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top