ජංගම දුරකතනය මිතුරෙක් තරමටම සමීප වෙලා තියෙන යුගයක අපි ජිවත් වෙන්නේ.. සමහර රටවල ජනතාවගෙන් භාගයකටත් වැඩි පිරිසක් ජංගම දුරකතන භාවිතා කරන බව පැවසෙනවා...
අද ලෝකය පුරා සන්නිවේදනයේ ප්රමුඛ කාර්යක් ඉටුකරන මෙවලමක් විදියට ජංගම දුරකතනය හදුවන්න පුළුවන්...
දුරකතනය කියන්නේ මේ වෙද්දි අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා. ජංගම දුරකථනය එතරම්ම ප්රයෝජනයවත්...
ඒත් දුරකතනයට ඇබ්බැහි වීම කියන්නේ එතරම් හොද දෙයක් නොවෙයි. මොකද ඒකෙන් අපිට ලැබෙන ප්රතිවිපාක රැසක් තියෙනවා. ඒ කියන්නේ වාසි වගේම අවාසිත් තියෙනවා... හරියට භාවිතා කලොත් ඔබ දිනුම්...
ඔයත් දුරකථනයට ඇබ්බැහි වෙලාද.. චුට්ටක් හිතල බලන්න... ඔයාගේ දවසින් ඔයා කොයිතරම් වෙලාවක් ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවාද කියලා හිතලා බලන්නකෝ..
අපි දැන් බලමු දුරකතනයට ඇබ්බැහි වීමෙන් ලැබෙන ප්රති විපාක මොනවාද කියලා....
ඇස් දුර්වල වීම
මනස දුර්වල වීම
මතක ශක්තිය අඩු වීම
වැඩ මග හැරීම හා වැඩ කල් දැමීම
සම්බන්ධතා බිද වැටීම
ඒ නිසාම දුරකථනය පරිහරණය කිරීමේදි පරිස්සමෙන් පරිහරණය කිරීම ඉතාම වැදගත් වෙනවා.
ඒ නිසාම ඔබත් දුරකථනයට අදික ලෙස ඇබ්බැහි වෙලානම් පහත දේ අත්හදා බලන්න .
ඔබේ ඇඳ අසල ඔබේ දුරකථනය චාජ් කිරීම නවත්වන්න
දුරකථනයෙන් එලාම් එක සකසනවා වෙනුවට සැබෑ ඔරලෝසුවක් ගන්න
ඇබ්බැහි වන හා ප්රයෝජනවත් නොවන යෙදුම් මකන්න
සතියකට වරක් දුරකථනයෙන් නිදහස් ව දිනයක් ගත කිරීමට උත්සාහ කරන්න
ඔබ ඔබේ දුරකථනය අතරට ගැනීමට පැහැදිලි හේතුවකට පමණක් සීමාකරන්න
ඔබේ දුරකථනය නොමැතිව ළඟ ගමන් යෑමට උත්සාහ කරන්න
මේ දේවල් අනුගමනය කරලා බැලුවොත් ඔයාට දුරකතනය එක්ක තියෙන අසීමිත ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන් වේවී...