කාලෙන් කාලෙට වෙනස්වන, අලුත් වන විලාසිතා සමග අපේ ගැලපීම කෙතරම්ද යත් ඒවායින් අපේ සුවතාවද එපරිදිම රැකිය යුතු වෙනවා.. කුමන හෝ විලාසිතාවක් නිසා අපේ සෞඛ්‍යයට අවදානමක්වේද දෙවරක් නොසිතාම එය අත්හළ යුතුමයි..
අඩි උස පාවහන්, සපත්තු පැළැඳීමත් අද වනවිට ජනප්‍රිය කාන්තා විලාසිතාවක්... කාන්තා පාර්ශවයෙන් බොහෝ දෙනකුම අඩි උස සපත්තු පැළැඳීමට, රුචිකත්වයක් දක්වනවා.. ඒත් එහි අවාසිය, ඔබට මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී අවස්ථා, රෝගී තත්ත්ව ගැන ඔබ මොහොතකටවත් සිතුවාද..?
ඔබට මනා පළපුරුද්දක් නැත්නම්, සිරුරේ සමබරතාව රැක ගැනීමට අපහසු නම් කිසිසේත්ම අඩි උස පාවහන් පැළැඳීම සුදුසු නැත. ඔබගේ ශරීරයේ උස,බර ගැන අවධානය යොමු කරන්න..
මන්ද අඩි උස පාවහන් පැළැඳගෙන ඔබට දිගු දුරක් පා ගමනින් ගමන් කිරීම ඇතැම් විට ඔබගේ දෙපාවලට මහත් වෙහෙසකාරී ගතියක් දනවනු ඇති අතර, එසේම අඩි උස පාවහන් පැළැඳ ගමන් කරන විට කිසියම් මොහොතකදි හෝ සිරුරේ සමබරතාව ගිලිහී ගිය ගමන්ම ඔබව ඇද වැටීමට පුළුවන්.. එවිට දෙපාවලට පමණක් නොව,කොන්දේ පවා අස්ථි බිඳී යාමට ලක් වීමට පුළුවන්..
ඇතැම් විටෙක උස අඩිය අපේ දෙපාවලට අනවශ්‍ය පීඩනයක්.. දෙපාවල වේදනාවට ශරීරයේ ස්ථායිතාවට මෙමගින් බලපෑම් එල්ල වෙනවා.. සමතලා මාර්ගයකටත් වඩා අපේ මහා මාර්ග ගැටි, වලවල් ආදියෙන් යුතු බැවින් දෙපාවල අස්ථි සේම මාංශපේශීන්වලටද එවන් නුහුරු ඇවිදීම ගුණදායී නොවේ... එය ඉතාම අනතුරුදායී පෙරනිමිත්තක්..
යම් හෙයකින් අස්ථියක් හෝ මාංශපේශියක් තැළුණු විටෙකදී ඒවා යථා තත්ත්වයට පත් වීමට බොහෝ කාලයක් ගත වෙනවා.. අඩි උස පාවහන් පැළඳ දිනපතා රාජකාරියට යන කෙනකු නම් සිරුරට අනවශ්‍ය පීඩනයක් එල්ල වී කොන්ද අමාරු පවා ඇති වීමට පුවවන්..
දරා ගත නොහැකි අඩි උසකට වඩා තමාට සමබරතාව රැක ගත හැකි පහසු පාවහන් පැළැඳීම යෝග්‍යයි.. එසේ නොවුණහොත් වාහනයකට නැගීමේදී හෝ බැසීමේදී, පඩි පෙළක ගමන් කිරීමේදී හෝ ඔබ ඇද වැටී අනතුරකට භාජන වීමට පුළුවන්.. කොහොම වුණත්, හැම තත්පරයකම ඔබගේ සුවතාව වෙනුවෙන් සිතන්න, කටයුතු කරන්න..
අන්තර්ජාලය ඇසුරෙන්..