Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
31
මට ලෙඩක් කියලා ඇත්තේ මේ පීනස විතරයි.. ඔයත් පීනස නිසා පීඩාවෙන්ද..?

- මට ලෙඩක් කියලා ඇත්තේ මේ පීනස විතරයි.. ඔයත් පීනස නිසා පීඩාවෙන්ද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,224 Views
අපේ බොහෝ දෙනෙක් අතර බහුලවම තියන රෝගයක් තමයි පීනස කියන්නේ.. ඇතමෙක් මේ නිසා ගොඩක් කරදරයට පත් වෙනවා.. 

ඒ විතරක් නෙවෙයි, මේ රෝගය සුවපත් කරන්න ගොඩක් දෙනෙක් විවිධ ප්‍රතිකාර කරත්, ඇතමෙකුට එය සාර්ථක නොවුණ අවස්තා දැකගන්න තියනවා.. කොහොම වුණත් ඔබට කරදරයක් වුණ පීනසෙන් මිදෙන්නේ කොහොමද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..

පීනස් රෝගය ගැන මතුපිටින් අප දකින්නේ ඇස්, කන් කසන නිතර සොටු දියර ගලන, නිතර කිවිසුම් යන, හිසේ බර ගතිය ඇති කරන හිස කැක්කුම් දෙන රෝගයක් ලෙසයි. මෙයත් බෝ නොවන රෝග අතරට යන රෝගයක්.. පීනස් රෝග වර්ග 18 ක් තිබෙන බව සිංහල වෙදකමේ එනවා. කුඩා, මහලු, ස්ත්රී පුරුෂ හැම කෙනකුටම පීනස වැළඳෙනවා.. ශරීරයේ හිස ප්රදේශයට සම්බන්ධ සුළං නාල, එනම් ගලනාලය, ශ්වාසනාලය යනාදියෙහි ශ්ලේෂ්මල පටල නමැති තුනී පටක ආසාදනය වීම මේ මගින් සිදුවෙනවා. ඒ ක්රියාවලිය ගෙලෙහි අභ්යන්තරයට ඉතා නරකට බලපානවා.. ඇස්වලට හා කන්වලට මහත්සේ පීඩා දෙනවා. පීනස සමඟ සමගාමීව උණ, උගුරේ දැවිල්ල හෙවත් ග්රසනිකා දාහය යනාදියන් හට ගන්නවා.. පීනස මගින් නිපදවන සෙම් එක්කෝ නිතරම ගලා යනවා. එහෙමත් නැත්නම් හිරවෙනවා.. කල් තබා සුව කර නොගත්තොත් මෙය නිදන්ගත රෝගයක් බවට පත් වෙනවා..

ඔබ කිව්වා පීනස් රෝග 18 ක් තිබෙනවා කියලා. රෝගියාට තිබෙන්නේ කවර පීනස් තත්ත්වයක් ද කියලා හඳුනා ගන්නෙ කොහොමද?

රෝග නිශ්චය සඳහා අපේ පාරම්පරික වෙදකම්වල ක්රමවේද තිබෙනවා.. රෝගියා කියන විස්තර අනුව පමණක් නොව රෝගියාගේ නාසයෙන් ගලන සොටු දියර පරීක්ෂා කිරීමෙනුත් ඔහුට ඇත්තේ කවර පීනසක්ද කියා කිව හැකියි.. සමහරුන්ගේ සොටු දියර සහ අඳුරු පැහැති කැබැලි ලෙස තිබෙනවා.. ඇතැමකුගේ සොටු දියර කහපාටයි.. තව අයකුගේ කොළ පාටයි.. තව කෙනකුගේ සොටු වතුර වගෙයි.. ඒ ලක්ෂණ අයත් වන්නේ එක් එක් ආකාරයේ පීනස් රෝගවලටයි.. තවත් සමහර පීනස් රෝගියාගේ කට ගඳ ගසනවා.. දත් මුල් දියවෙනවා.. මෙයත් පීනස් වර්ගයක ලක්ෂණයක්..

පීනස සෑදෙන්නෙ කොහොමද?

පීනස කියන්නේ අසාත්මිකතාව පදනම් කරගත්ත රෝගයක්.. මෙය ජාන උරුමයෙන් එන රෝගයක් ලෙස ඉස්මතු වන අවස්ථාවක් තිබෙනවා.. ඒ වගේම අධික ලෙස නිදි මැරීම, අවේලාවේ නෑම, අධික ලෙස නිදි මරා ස්නානය කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන යැම, ගිනියම් ආහාර දිගටම ගැනීම යනාදියෙන් මෙය වැළඳෙන්නට පුළුවන්..

නින්ද ගැන අපට ප්රශ්නයක් තිබෙනවා.. කෙනෙක් දිනකට පැය කිහිපයක් නිදා ගත යුතුද..? දවල් දවසේ නිදාගෙන රෑ අවදිවී වැඩ කිරීම නරකද? සමහරු ඉන්නවා දහවල් සහ රාත්රියේ ටික ටික නිදාගන්නවා.. එය කොතරම් දුරට සුදුසුද..?

නින්ද කියන්නේ විවේකයයි.. වැඩ කිරීමෙන් සහ මහන්සි වීමෙන් ගිලිහී ගිය ශක්තිය සහ ගෙවී ගිය ශාරීරික කොටස් නැවත වතාවක් යථා තත්ත්වයට පත්වන කාලය තමයි නින්ද.. දිනකට කෙනකුට එක දිගට පැය හයක විතර නින්දක් අත්යාවශ්යයි..
ළදරුවන් පැය 10 -12 ක් විතර නිදාගත යුතුයි.. මෙය රාත්රිය වෙන්නත් පුළුවන්.. මෙය රාත්රි දවාල වෙන්නත් පුළුවන්.. කොහොම වුණත් දවසකට සැරයක් නිශ්චිත වේලාවක් නින්ද අවශ්යයි..

ඊළඟට නෑම.. සෙම් කෝප අවස්ථාවක නොවේ නම් උදය වරුව තමයි නෑමට තිබෙන වඩාත්ම ගුණ දායක කාලය.. සෙම් රෝග නැති අයට ඇල්වතුර ගුණදායකයි.. සෙම් රෝග තිබෙන අයට ඇල්වතුර අගුණයි.. ඔවුන් ස්නානය කළ යුත්තේ උණු වතුරෙන්.. හැබැයි හැකි තරම් උදෙන් නාන්න ඕනෑ.. පාන්දර හතරට පහට වුණත් කමක් නැහැ.. රාත්රි කාලයේදී නෑවම වෙන්නේ තෙතමනය හිසට උරාගෙන සෙම් ගතිය වැඩි කරන එකයි..

මත්පැන් පානයත් මෙයට බලපානවාද..?

අධිකව මත්පැන් පානය.. ඒ කියන්නෙ නිතිපතා බේබද්දෙකු මෙන් මත්පැන් පානය කිරීම නිසා පීනස හැදෙන්න පුළුවන්..
මත්පැන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් තිබෙනවා.. සමහරු කියනවා මම බොන්නෙ බීර ටිකක් විතරයි කියලා.. හැබැයි දවසකට බීර බෝතල් තුනක් හතරක් බොනවා.. තව කෙනෙක් කියනවා මම බොන්නේ අරක්කු චුට්ටක් විතරයි කියලා.. හැබැයි රෑට අරක්කු භාගයක් බොනවා. මේ අනුව බීර බොන මිනිහා මාසයක බීර බෝතල් සියයක් විතරත්, අවුරුද්දට බීර බෝතල් 1200 ක් විතරක් බොනවා.. අරක්කු බොන තැනැත්තා මාසයකට බෝතල් 15 ක් බොනවා.. අවුරුද්දට බෝතල් 180 ක් හෙවත් අරක්කු ගැලුම් 25 ක් විතරක් බොනවා.. කොහොම වුණත් ඒ ගැන ඇත්තේ මෙන්න මේ වගේ මතයක්..

ආයුර්වේදය සහ සිංහල වෙදකමට අනුව මත්පැන් කියන්නෙ බෙහෙතක්.. සෑම අරිෂ්ටයකම මත්පැන් ස්වල්ප මාත්රාවක් තිබෙනවා.. ඒ කියන්නේ පිටින් දානවා නොවෙයි.. අරිෂ්ට පෙරද්දී මත්පැන් හැදෙනවා.. මත්පැන් සහිත ඖෂධ වහාම ශරීරයට උරා ගන්නවා.. ඒත් මත්පානය නොකර ඉන්න තරමට හොදැයි.
පීනස බෝ නොවෙන රෝගයක් ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්.. ඒත් කල් ගිහින් පීනස නරක් වුණාම නියුමෝනියාව, ක්ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්.. පීනස බෝ නොවුණාට ක්ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි..

අද පීනස් රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා... ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් වැඩි වෙමින් තිබෙන බව ලෝක සෞඛ්ය සංවිධානය කියනවා.. මෙයට හේතුව මොකක්ද?

ප්රධාන හේතුව දුහුවිල්ල වෙන්නත් පුළුවන්. දුහුවිලි තිබෙන්නේ එළිමහනේ විතරක් නොවෙයි. කම්හල් ඇතුළෙත් දුහුවිලි තිබෙනවා.. ඇඟලුම් ෆැක්ටරි ඇතුළේ නූල් සහ රෙදිවල තිබෙන කුඩා අංශු තිබෙනවා.. වැඩ බිම්වල ඕනෑ තරම් දුහුවිලි තිබෙනවා.. මේ දුහුවිලි ශරීරගත වුණාම ඒවා අසාත්මික අයට නාසයෙන් දිගින් දිගටම සොටු එන්නට පටන් ගන්නවා.. සමහරුන්ට ශීතල සුදුසු නැහැ.. සිසිල් බීම, අයිස්ක්රීම් අසාත්මිකයි. ඒවා පරිහරණය කළ විට පීනස හැදෙනවා..

පීනස් රෝගයට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද?

ඔව්.. දිගින් දිගටම සාමාන්ය මට්ටමින් පීනස තිබෙන අය දවසක් හැර දවසක් පහත සඳහන් සරල කසාය පානය කළ විට පීනස පාලනය වෙනවා.. ඒ කියන්නේ නිට්ටාවටම සනීප නොවුණත් සොටු දියර ගැලීම ඇනහිටිනවා.. ගොටුකොළ දඬු මිටක්, වළඟසාල් මිටක් සහ රතුලූනු ගෙඩි හතක් පමණ අරගෙන වතුර කෝප්ප 7 ක් දමලා එය එක කෝප්පයට හින්දලා පානයන කළ යුතුයි.. මෙය සුදුසු වන්නේ පීනස අලුතෙන්ම හැදුණ අයට විතරයි.. රෝගය යම් ප්රමාණයකට බරපතළ වූ අයකුට පහත සඳහන් ප්රතිකාරය සුදුසුයි..
ගොටුකොළ මිටක්, (මේ ගොටුකොළ ගම්වල වැවෙන කුඩා ප්රමාණයේ පත්ර සහිත සිංහල ගොටුකොළ වීම වැදගත්) රතුලූනු ගෙඩි 7 යි.. මේ ද්රව්ය දෙක කුඩා වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක දමා හොඳින් ඉස්ම ටික මිරිකා ගන්න.. මේ ඉස්ම උදේ හවස පානය කළ හැකි නම් මූලික අවස්ථාවේ පවතින පීනස සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකියි.. ගොටුකොළ කියන්නේ පීනසට ඉතාම යෝග්ය ඖෂධයක්.. ගොටුකොළ සම්බෝලයක් (රතුලූනු සහ අමු මිරිස් ලියා දමන ලද) ආහාර වේලට එකතු කරගන්නට හැකිනම් එය පීනස නොවැළඳීමට හේතුවක් වෙනවා.. ඉහත සඳහන් ගොටුකොළ රතුලූනු ඉස්ම දින 7 ක් නොකඩවා පාලනය කළ විට තමන්ටම වටහා ගන්නට පුළුවන් එහි ඇති ගුණය මොකක්ද කියලා..
මුහුණුපොත ඇසුරෙන්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top