Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
18
විසිකරන්න එපා.. කොමඩු ඇටයේ සැඟවුණ විශ්මිත ගුණ මෙන්න..

- විසිකරන්න එපා.. කොමඩු ඇටයේ සැඟවුණ විශ්මිත ගුණ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views

කොමඩු කියන්නේ ඉතාමත් රසවත් පළතුරක්.. බොහෝ දෙනෙක් කන්න ආස කරන මේ රසවත් පළතුර නොදන්නා කෙනෙක් නැති තරම්..


බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරන්නේ කොමඩු ගෙඩියක් කැපූ පසුව එහි ඇට සියල්ලම කරදරයක් සේ සලකා ඉවත් කර දැමීමයි.. අද වනවිට පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඇට රහිත කොමඩු පවා අලෙවි කිරීමට තිබෙනවා.. කෙසේ වෙතත් ඔබ කොමඩු ඇට වියළා තබා ගන්නවා නම් එමගින් ඔබට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන්..

කැලරි ඉතා අවම වශයෙන් අන්තර්ගත වන කොමඩු ඇට තුළ අන්තර්ගත වන අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථයන් ලෙස ප්‍රෝටීන්, විටමින් B ඇතුළු අනෙකුත් විටමින් වර්ග, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, පොටෑසියම්, කොපර්, මන්ගනීස් සහ සින්ක් සඳහන් කරන්නට පුළුවන්.. ඉතින් මේ කොමටඩු ඇට නිසා අපේ ශරීරයට තව මොනවාද ලැබෙන්නේ දන්නවාද..?

දියවැඩියාව නිසි ලෙස කළමනාකරණය කිරීම

දියවැඩියාව පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝගී තත්වයන්ට සුවයක් සලසා ගැනීමට කොමඩු ඇට භාවිතා කරන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ල මගින් රුධිර නාලිකා ලිහිල් කිරීම සිදු කරනවා. එසේම, කොමඩු ඇට සතුවන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රැධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමත් සිදු කරනවා.

මෙවන් හේතු නිසා “Applied Sciences and Environmental Management” සඟරාවේ පවා 2014 වසරේදී කොමඩු ඇට මගින් දියවැඩියාව සුව කරන බවට අධ්‍යයන වාර්තාවක් පළකරනු ලැබුවා. මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කරමින් කොමඩු ඇට භාවිත කර තේ පානයක් සකස් කර පානය කරන්න.

ජලය කෝප්ප හතරකට කොමඩු ඇට අහුරක් එක්කරන්න. එය රත්කර ගැනීමට සුදුසු භාජනයකට එක්කර එහි කට වසා විනාඩි 45ක් පමණ රත් කර ගන්න. පසුව එම පානය සිසිල් කර පානය කරන්න. මෙය තේ පානයක් ලෙස දිනපතා පානය කිරීමට හුරුවන්න.

තෙහෙට්ටුව දුරු කිරීම

කොමඩු ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කර තෙහෙට්ටුව දුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට යකඩවලින් පොහොසත් වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය වන ඔක්සිජන් ශරීරය පුරාවට ගෙනයාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරනු ලබනවා. එසේම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ යකඩ මගින් කැලරි ශක්තිය බවට පත් කිරීම සඳහාත් කොමඩු ඇට උපකාර වනවා.

ශරීරයේ තෙහෙට්ටුව දුරැ කිරීමට අවශ්‍ය කරන “L-citrulline” ඇමයිනෝ අම්ලයත් කොමඩු ඇට තුළ අන්තර්ගත වනවා.

හදවත සෞඛ්‍යසම්පන්නව තබා ගැනීම

ඔබ කොමඩු ඇට ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත හොඳ තත්වයෙන් තිබෙන බව තහවුරු කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ මොනසැකරයිඩ, පොලිසැකරයිඩ සහ මේද අම්ල අන්තර්ගත වනවා. මේවා මගින් හෘදයාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා. එසේම මෙම සෞඛ්‍ය සම්පන්න මේදයන් විසින් නරක කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස අඩු කරනු ලබනවා.

ඊටත් අමතරව කොමඩු ඇට තුළ අන්තර්ගත වන පොටෑසියම් මගින් හදවතේ සෞඛ්‍යය වර්ධනය කරන අතර ඇමයිනෝ අම්ලයන් වන “citrulline” සහ “arginine” මගින් ධමනි නිසි ලෙස පවත්වා ගෙන රැධිර නාල පද්ධතියේ සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා.

රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන ඇමයිනෝ අම්ලයන් අතරින් “arginine” මගින් ශරීරය විසින් නිපදවන “arginine” ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට සපයාදී රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරනු ලබනවා.

ශරීරය තුළ මැග්නීසියම් අඩු වූ විට රුධිර පීඩනය ඉහළ යන නිසා කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් ප්‍රමාණය රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වනවා. ශරීරයේ මැග්නීසියම් අගය අඩුවීම නිසා පොටෑසියම් මට්ටමත් පහළ බසිනවා. මේ නිසා ශරීරයට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්විය යුතු වනවා.

මාංශ පේශි සෞඛ්‍යසම්පන්නව පවත්වා ගැනීම

ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් පසුව ඇතිවන මාංශපේශී වේදනාව දුරුකර ගැනීමට කොමඩු ඇට ඉතා ඵලදායී වනවා. මාංශ පේශී පටක වර්ධනයට කොමඩු ඇට සතු “L-citrulline” උපකාර වනවා. මෙමගින් මාංශපේශී ලිහිල් කර ක්‍රියාශීලී බවක් ඇති කරවනවා.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන මැග්නීසියම් මගින් ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කිරීම වේගවත් කරවන නිසා මාංශපේශී ශක්තිමත් කිරීම මෙන්ම මාංශපේශී වල ඇතිවන වේදනාවද දුරුකරනු ලබනවා.

මේද දහනය

කොමඩු ඇට “citrulline” ලෙස හඳුන්වන සංයෝගයකින් පොහොසත් වනවා. මෙම සංයෝගය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම මගින් ශරීරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අමලයක් වන “arginine” නිෂ්පාදනය කරනවා.“Arginine” මගින් ශරීරයේ තැන්පත් වී ඇති මේදය දහනය කිරීමද සිදු කරනවා.

කොමඩු ඇට තුළ කැලරි අවම වන නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා එය උපකාරයක් වනවා. කොමඩු ඇට සතුව මේදය සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවත් ඒවා ශරීරයට සෞඛ්‍ය සම්පන්න වන මේදය ( monounsaturated” සහ “polyunsaturated) ලෙස හඳුන්වන්නට පුළුවන්.

මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය

කොමඩු ඇට ෆෝලික් අම්ලය සහ විටමින් B9 සපයා ගැනීමට ඇති ඉතා හොඳ මුලාශ්‍රයක් වනවා. මොළයේ නිසි වර්ධනයක් සඳහා මෙය අත්‍යාවශ්‍ය වන අතර ගර්භනී මව්වරැන්ට ෆෝලික් අම්ල ඌනතාවයක් ඇතිවූ විට දරු ප්‍රසූතියේදී විවිධ ගැටලු ඇති වන්නට ඉඩ තිබෙනවා.

කොමඩු ඇට සතු සෞඛ්‍යය සම්පන්න මේද අම්ලයන් විසින් “neurotransmitters” වල ක්‍රියාකාරිත්වය වේගවත් කර මතක ශක්තිය සහ ඥාන ශක්තිය වර්ධනය කිරීමත් පොටෑසියම් මගින් පරිකල්පන හැකියාව වර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්‍ෂා කිරීමත් සිදුකරනු ලබනවා.

අක්‍ෂි ආබාධ දුරු කිරීම

කොමඩු ඇට සතු විටමින් A සහ විටමින් C දෑස් සඳහා සුවදායක වනවා. කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් වයස් ගත වීමේදී සිදුවන අක්‍ෂි වියළීම, අක්‍ෂිවල ඇතිවන ස්නායු ආබාධ සහ “glaucoma” වැනි රෝග මෙන්ම වෙනත් අක්‍ෂි රෝග වලින් වැලකී සිටින්නට පුළුවන්.

හිසකෙස්වල සෞඛ්‍යය වර්ධනය කිරීම

හිසකෙස් යනු වැඩි වශයෙන් ප්‍රෝටීන් වලින් සැදුම්ලත් අංගයක් නිසා ප්‍රෝටීන් අඩංගු වන ඕනෑම ආහාරයක් හිසකෙස් සඳහා ගුණදායක වනවා. කොමඩු ඇට තුළ ප්‍රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කර ගන්නට පුළුවන්.

කොමඩු ඇට තුළ අන්තර්ගත වන යකඩ මගින් හිසකෙස් සවිමත් කිරීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම මෙන්ම හිසකෙස් වියළි මලානික වීම නවතා දමනවා. එමෙන්ම බැදගත් කොමඩු ඇට තුළ අන්තර්ගත වන කොපර් මගින් මෙලනින් නිෂ්පාදනය වීම වේගවත් කර හිසකෙස් සඳහා පැහැපත් වර්ණයක්ද එක්කරනු ලබනවා.

කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇට මගින් සකස් කළ තෙල් හිසෙහි ආලේප කිරීම මගිනුත් හිසකෙස්වල නිසි වර්ධනයක් ඇතිකර ගන්නට පුළුවන්.

සම පැහැපත් කර ගැනීම

කොමඩු ඇට තුළ අන්තර්ගත වන විටමින් C සම පැහැපත් කර අකලට වියපත්වීම දුරු කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වනවා. විටමින් C මගින් සමේ වර්ධනයට අවශ්‍ය වන කොලේජන් නිෂ්පාදනය වීමත් වේගවත් කරනු ලබනවා. තවද, කොමඩු ඇට සතු “oleic” අම්ලය සහ “linoleum” අම්ලය මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර සමට සිදුවන විවිධ ආසාදනයන් දුරු කරනු ලබනවා.

 
අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top