සුවබර නින්දක් සඳහා අවශ්‍ය වන යහපත් පුරුදු හඳුනාගැනීම නින්දේ ස්වස්ථතාවය ලෙස සලකනු ලබනවා..
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ඊයේ (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළා..
වර්තමානයේ නවීන තාක්ෂණයත් සමග වැඩි වේලාවක් විදුලි පහන් දල්වා සිටීමටද, ඩිජිටල් තිර ආදිය භාවිතය හේතුවෙන් නින්දට බලපෑමක් වන පරිදි බොහෝ දෙනා අවදිවී සිටීමට හුරුවී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය පවසනවා..
ස්වභාවිකව හිරු උදාව හා හිරු බැසීම ආශ්‍රිතව පැවති නින්දේ රටාව වෙනස් වීමත් සමග එය පුද්ගලයාගේ සෞඛ්‍යයට ද වර්තමානයේ බලපෑම් එල්ල කළ බව පරීක්ෂණවලින් ද තහවුරු වී තිබෙනවා..
මෙරට නින්ද සම්බන්ධව සිදුකර ඇති සීමිත පරීක්ෂණ දත්ත අනූව වයස අවුරුද්දක් දක්වා වන දරුවන් 25%ක් අතර නින්ද සම්බන්ධව යම් ගැටලු පවතින බවද, වැඩිහිටි සහ තරුණ වියේ පසුවන්නන්ගේද නින්දේ ගැටලු පවතින බවට ද අනාවරණය වී තිබෙනවා..
එසේම, නින්දෙහි මූලිකාංග ලෙස නිදාගන්නා වෙලාව, නිදාගන්න ස්ථානය, නිදාගන්න විදිහ, වටපිටාව සහ කොතරම් වේලාවක් නිදාගත යුතුද යන්න බලපාන බවද සඳහන්..
දරුවෙකුට නින්දෙහි ඇති වැදගත්කම පෙන්වාදුන් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, නින්දේදී දරුවෙකුගේ වර්ධක හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වන අතර එය දරුවාගේ වර්ධනයට ඉවහල් වන බවයි..
එමෙන්ම ශාරීරික සහ මානසික විඩාව නිවීමටද, දෛනික ආතතීන් සමනය වීමට, ගැඹුරු මතකය දියුණු වීමට හා ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා නින්ද ඉතා වැදගත් වනු ඇති..