උත්තර් ප්‍රදේශයේ අග්‍රා හි නර්තන ශිල්පිණියන් දෙදෙනෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් 12 දෙනෙකු විසින් සමූහ දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පසුගිය දා එම ප්‍රදේශයේ පැවතී සංගීත සංදර්ශනයක නර්තනය සඳහා පැමිණි නර්තන ශිල්පිණියන් දෙදෙනෙකුයි මෙලෙස සමුහ දුෂණයට ලක්ව ඇත්තේ.
අදාළ සංදර්ශනය අතරතුර ඇති වූ ගැටළුවක් හේතුවෙන් එය නවතා දැමූ සංවිධායකවරු දෙදෙනෙකු විසින් මෙම ශිල්පිණියන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙන බවට පවසා රවටා රැගෙන ගොස් තිබෙනවා.
අනතුරු ඒ පසුපස පැමිණි තවත් පිරිසක් සමඟ ඔවුන් එක් වී අදාල නර්තන ශිල්පිණියන් දෙදෙනා සමූහ දුෂණයට ලක් කර තිබෙනවා.
අනතුරුව ඔවුන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී අදාළ සංවිධායකවරු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.