Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
24
යටි පතුල්වල දැවිල්ල.. හිතනවාට වඩා භයානක වෙන්න පුළුවන්..

- යටි පතුල්වල දැවිල්ල.. හිතනවාට වඩා භයානක වෙන්න පුළුවන්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52 Views
පාද ආශ්‍රිතව ඇතිවන දැවිල්ල බොහෝ විට රෝගයක් නොවන අතර ශරීරයේ වෙනයම් තැනක හෝ පාද ආශ්‍රිතව පවතින වෙනයම් ප්‍රාථමික රෝගයක ලක්ෂණයක් වෙනවා..

මෙහිදී දැවිල්ල හෝ දැවෙන ස්වභාවය විලුඹ, යටි පතුල් සහ ඇඟිලි ආශ්‍රිතව ඇතිවන්නට පුළුවන්.. සමහර අවස්ථාවලදී මේ දැවීමේ ස්වභාවයට අමතරව හිරිවැටීම සහ පාදාශ්‍රිත සංවේදනයේ වෙනස්වීම් හෝ දුර්වලතා ඇතිවන්නට පුළුවන්.. කිසිවිටක සුළුවෙන් සැලකීම නොකළ යුතු මේ තත්ත්වය පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත්..

පතුල් දැවිල්ලට හේතු

පාද ආශ්‍රිතව ඇතිවන දැවීමේ ස්වභාවය සඳහා ප්‍රධානතම හේතු දියවැඩියාව සහ එහි සංකූලතාවයක් වන Diabetic Neuropathy නම් තත්ත්වයයි. මේ රෝග තත්ත්වයේදී පාද අශ්‍රිතව පවතින සංවේදක ස්නායුවලට හානි වීම සිදුවෙනවා. මේ ස්නායු හානි වීම නිසා දැවීම් ඇතුළු වෙනත් වෙනස් වූ සංවේදනයක් ඇති වන්නට පුළුවන්. මෙහිදී පාද සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත් නොවන අතර වැලඳී තිබෙන දියවැඩියා තත්ත්වය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතුයි. මෙහිදී ආහාර පාලනය සහ ව්‍යායාම සමඟ සිදුකරන පාරම්පරික චීන කටු ප්‍රතිකාර මඟින් දියවැඩියා තත්ත්වය සහ ඒ ආශ්‍රිතව ඇතිවන පාදවල දැවිල්ල සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.

කාන්තා සහ පිරිමි ඔබ පලඳීන පාවහන් අනවශ්‍ය පරිදි තදවීම නිසා පාදයේ වක්‍රතාවයන් සහ කුඩා සන්ධිවල චලනයන්ට ඉඩ ඇහිරීම සහ පාද ආශ්‍රිත ස්නායු තදවීමක් ඇතිවන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවලදී ද පාද ආශ්‍රිතව දැවිල්ල ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. මේ නිසා පාවහන් සහ සපත්තු පැළඳීමේදී සහ තෝරාගැනීමේදී පාදයට අපහසුතාවයක් නොවන පරිදි තෝරා ගැනීම සහ දිගු වේලාවක් පැලඳ නොසිටීමටත් වග බලා ගත යුතු වෙනවා.පාවහන් සහ සපත්තුවල තද ගතිය නිසා ඇතිවන දැවීමේ ස්වභාවය පාවහන් ඉවත් කර පාද මිනිත්තු පහළොවක් විස්සක් පමණ වේලාවක් අයිස් වතුරේ තබාගෙන සිටීම මඟින් සුව කරගන්නට පුළුවන්. මෙය තාවකාලික තත්ත්වයක්. වැඩි වේලාවක් සිටගෙන සිටීම සහ වැඩි වේලාවක් පාද ආශ්‍රිත ව්‍යායාම සිදුකිරීම නිසාද සමහර අවස්ථාවලදී පාද ආශ්‍රිත මාංශ පේශී අනවශ්‍ය පරිදි වෙහෙස වීම නිසා දැවිල්ල ස්වභාවයක් ඇතිවන්නට පුළුවන්. මෙයද තාවකාලික තත්ත්වයක් වන අතර පාද අයිස් වතුරේ තබාගෙන සිටීම මගින් සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමේ හැකියාව පවතිනවා.

පාදයේ උඩුපතුලේ හෝ යටිපතුලේ සමෙහි ඇතිවන සමහර ආසාදන තත්ත්වයන් නිසාද පාදාශ්‍රිත දැවිල්ල හටගන්නට පුළුවන්. මෙහිදී තවදුරටත් තුවාල ඇති නොවන පරිදි පාද ආරක්ෂා කරගෙන අදාළ ආසාදන තත්ත්වයන්ට නිවැරදි ප්‍රතිකාර කිරීම් මගින් එම තත්ත්වය සුව කරගන්නට පුළුවන්.

ඒබඩතඥබඥඵ ජ්ධධබ නම් රෝගී තත්ත්වයේදී ඇතිවන දිලීර ආසාදනය මීට හේතුවක්. ඔබ සිරුරේ බර වැඩි තරබාරු හෝ ස්ථූල පුද්ගලයෙකු නම් පාදවලට යොමු වන සිරුරේ බර අනවශ්‍යය පරිදි ඉහළ යාම සිදුවනවා. එවිට පාද සහ යටි පතුල් ආශ්‍රිත මාංශපේශි සහ සන්ධිවලට අනවශ්‍ය පීඩනයක් එල්ල වන විට පාද ආශ්‍රිතව දැවීම හෝ ඒ සමඟ හට ගන්නා වේදනාව ඔබට අත් විදින්නට සිදු වන්නට පුළුවන්. පාරම්පරික චීනකටු වෛද්‍ය ප්‍රතිකාර සමඟ සිදු කරන ව්‍යායාම සහ ආහාර පාලන ක්‍රමවේද මඟින් තරබාරුකම සහ ඒ ආශ්‍රිතව හටගන්නා එවන් සංකූලතාවයන් මඟහරවා ගන්නට පුළුවන්.

කොන්දේ වේදනාව සහ පතුල් දැවිල්ල

ඔබ කොන්දේ වේදනාව හෝ ඒ සමග හට ගන්නා Sciatica හෝ එවැනි තුනටිය ආශ්‍රිත ස්නායු තෙරපීමකට ලක් වී තිබෙන පුද්ගලයෙකු නම් පාද, යටි පතුල සහ විලුඹට බලපාන පර්යන්ත ස්නායු අකර්මණ්‍ය වෙන්නට පළුවන්. මෙහිදී පාද ආශ්‍රිත දැවිල්ල, වේදනාව සහ හිරිවැටීම ඇතිවන්නට පුළුවන්. මෙහිදී නිවැරදිව සිදු කරන රෝග විනිශ්චයකින් පසුව කොන්ද ආශ්‍රිත වේදනාවට සහ ස්නායු තෙරපීමට ප්‍රතිකාර කළ යුතු වනවා. මෙහිදී පාරම්පරික තෙල්, පත්තු ප්‍රතිකාර සමඟ චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන මේ රෝග තත්ත්වවලින් පූර්ණ සුවය ලබාගැනීමට හැකියාව පවතිනවා.

වකුගඩු ආශ්‍රිත ගැටලු සහ අර්ධ හෝ පූර්ණ වකුගඩු අක්‍රීය වීමකදී සිරුරේ බහිස්‍රාවී ක්‍රියාවලිය අඩපණ වෙනවා. මෙහිදී විවිධ සංකූලතාවයන් ඇතිවන අතර පාද ආශ්‍රිතව ඇතිවන දැවිල්ල ස්වභාවය සහ ඉදිමීම සිදුවන්නට පුළුවන්. මෙහිදී නිවැරැදි රෝග විනිශ්චයකින් පසුව වකුගඩු සඳහා ප්‍රතිකාර කලළ යුතුයි. වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නවාට වඩා රෝග වළක්වා ගැනීම ඉතා පහසු බව මතක තබා ගන්න. ඒ සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, ව්‍යායාම කිරීම සහ වකුගඩුවලට හානි ඇති කරන ආහාර සහ පාන වර්ගවලින් වැලකී සිටීම ඉතා වැදගත්.

ඔබ තයිරොක්සින් හෝමෝනයේ හිඟතාවයකින් Hypothyroidism ) හෝ විටමින් B හිඟතාවයකින් පෙළෙන විටද පාද ආශ්‍රිත දැවිල්ල ඔබව පීඩාවට පත් කරන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී සිරුරේ හෝමෝන මට්ටම සමබර කිරීම සදහා අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම මෙන්ම විටමින් ඕ බහුල ආහාර ලබාගැනීම සහ අවශ්‍ය පරිදි විටමින් ඕ පෝෂණ අතිරේක ලබාගැනීමත් ඉතා වැදගත්.

පාද , වළලුකර සහ යටිපතුල ආශ්‍රිත රුධිර නාල සහ ස්නායුවලට ඇතිවන විවිධ රෝගාබාධ නිසාද පාද ආශ්‍රිත දැවීමේ ස්වභාවය ඇතිවන්නට පුළුවන්. මෙයට හේතුවන ස්නායු ආබාධ ලෙස Tarsal Tunnel Syndrome සහ Peripheral Neuropathies දක්වන්නට පුළුවන් .රුධිර නාල ආශ්‍රිත ආබාධ සඳහා උදාහරණ ලෙස Reynaud Syndrome තත්ත්වය දක්වන්නට පුළුවන්. මෙය ඉතා සුලබ තත්ත්වයක් නොවුණත් පාද ආශ්‍රිත දැවිල්ල සඳහා හේතු වෙනවා. මෙවැනි ස්නායු සහ රුධිර නාල ආශ්‍රිත ආබාධ පවතින විටදී පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සහ චීනකටු වෛද්‍ය ක්‍රම මගින් සුවය ලාබා ගන්නට පුළුවන්. ඔබේ පාද පිළිබඳව නිබඳව සැලකිල්ල දක්වමින් මෙවැනි රෝග හැකි ඉක්මනින් හඳුනාගෙන නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීම මඟින් පාද ආශ්‍රිත දැවීම සහ දැවිල්ල තත්ත්වයන් පූර්ණ වශයෙන් සුව කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top