Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
10
පියයුරු කුඩයි කියලා ඔබත් දුකින්ද ඉන්නේ ? එහෙනම් මේක කියවන්න...

- පියයුරු කුඩයි කියලා ඔබත් දුකින්ද ඉන්නේ ? එහෙනම් මේක කියවන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views


පියයුරු වල මූලිකම කාර්ය වෙන මව් කිරි දෙන එකට අමතරව ගැහැණු කෙනෙක්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්නත් පියයුරු ගොඩක් දායක වෙනවා. 


පිරිමි කෙනෙක් මීට කලින් දැකලා නැති ගැහැණු කෙනෙක්ව දකිද්දී ගොඩක් වෙලාවට මූණ දිහා බලන්නත් කලින් පිරිමින්ගේ ඇස් යන්නේ ගැහැණු කෙනාගේ පියයුරු වලට. මේක කියවන ඔයා පිරිමි කෙනෙක් නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති ඔයාගේ ඇස් දෙක නිකන්ම ඒ දිහාවට යනවා.
තමන්ගේ ඇඟේ හැඩය ගැන ගැහැණු අය කොහොමත් වද වෙන හින්දා තමන්ගේ පියයුරු වල හැඩය, ප්‍රමාණය ගැන ගොඩක් දෙනා හිතනවා. ඔයත් පියයුරු කුඩා හින්දා අපහසුවෙන් ඉන්න කෙනෙක් නම් හෝ පියයුරු ලොකු කර ගන්න එක ගැන හිතනවා නම් මේ පෝස්ට් එක ඔයාට.
.
.
පියයුරක් ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ මේද තට්ටුවක්, ඊට අමතරව මව් කිරි සඳහා ඇති නාල, ග්‍රන්ථි වගේ තව දේවල් ටිකකුත් තියෙනවා.
ජානමය ලක්ෂණ, හෝමෝන වල බලපෑම, මව් කිරි දීම වගේ දේවල් අයින් කලාම පියයුරු වල ප්‍රමාණය තීරණය කරන්නේ මේ මේද තට්ටුවෙන්.
එතකොට පියයුරු වල ප්‍රමාණය වැඩි කරන්න නම් කරන්න පුළුවන් දෙයක් තමා ඇඟේ බර වැඩි කරගෙන ඇඟේ තියෙන මේදය ප්‍රමාණය වැඩි කර ගන්න එක.
පියයුරු ලොකු කර ගන්න හිතාගෙන ඇඟේ බර වැඩි කර ගන්න හැදුවට, වැඩියෙන් ඇඟට එකතු වෙන මේදය තැන්පත් කරන්නේ මොන මොන තැන් වලද කියන එක තීරණය කරන්නේ ඇඟ. ඒ හින්දම අපිට ඕන ඕන තැන් ලොකු කර ගන්න බෑ. සමහර විට ඉස්සෙල්ලම මේදය බඩේ තැන්පත් වෙලා බඩ වැඩි වෙලා ඊට පස්සේ පියයුරු ලොකු වෙන්නත් පුළුවන්.
අවාසනාවට ඇඟේ අනිත් දේවල් විශාල නොවී පියයුරු විතරක් වැඩි කර ගන්න එක කරන්න බැහැ.
Facebook, Instagram වල එහෙම සමහර විට දකිනවා ඇති ඉන හරිම කෙට්ටුවට තියෙන හැබැයි පියයුරු විතරක් හරිම ලොකුවට තියෙන අයගේ ෆොටෝ. ගොඩක් වෙලාවට ඒවා ලොකු කරලා තියෙන්නේ.
ඒ වගේ ගොඩක් ෆොටෝ ඇත්ත නෙමේ. මොකද ඇඟ කෙට්ටු වෙද්දී ඇඟේ තියෙන මේදය ප්‍රමාණය අඩු වෙනවා. පියයුරු ලොකුවට හැදිලා තියෙන්නෙත් ඇඟේ තියෙන මේදය වලින්ම තමයි. ඉතින් කෙට්ටු වෙලා ඇඟේ තියෙන මේදය ප්‍රමාණය අඩු වුනාම පියයුරු ලොකු වෙන්න කොහෙන්ද මේදය? ඉතින් ෆොටෝ වල දකින ඒ වගේ පියයුරු ස්වභාවික නැහැ.
ඔයාත් ඒ කෙනෙක්ගේ වගේ ඇඟක් ගැන හීන මවනවා නම් ඉස්සෙල්ල කරන්න පුළුවන් දේවල් ගැන විතරක් බලාපොරොත්තු (realistic expectation) ඇති කර ගන්න.
.
.
ඇඟේ තියෙන මේදය ප්‍රමාණය වැඩි කරලා පියයුරු ලොකු කර ගන්න එකට අමතරව දිගු කාලීන විසඳුමක් විදියට ශල්‍යකර්මයක් කරලත් පියයුරු ලොකු කර ගන්න පුළුවන්.
වැඩියෙන්ම පාවිච්චි කරන ක්‍රමය තමයි breast implant කියන්නේ. මේකෙදි කරන්නේ සේලයින් හරි සිලිකන් වලින් හදපු කෘතීම දෙයක් පියයුරු ඇතුලට රඳවන එක. තමන්ට ගැළපෙන ප්‍රමාණයෙන් පියයුර ලොකු කර ගන්න පුළුවන්. ඒ වගේම ඕන තරම් ලොකු කර ගන්නත් පුළුවන්.
ඒ වගේම පියයුරු විශාල කරන්න තවත් ක්‍රමයක් තියෙනවා, ඒ තමා ඇඟේ වෙන තැනකින් ගන්න මේද කොටස් පියයුරු ඇතුළට ඇතුල් කිරීම. මේකෙන් පියයුරු ගොඩක් ලොකු කර ගන්න බැහැ. හැබැයි පියයුරු ටිකක් ලොකු කර ගන්න ඕන කෙනෙක්ට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.
මේ ශල්‍යකර්ම වලින් පියයුරු ලොකු කරන ක්‍රම දෙකෙන්ම කැළලක් හිටිනවා. ඒත් එක පිටතට පෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. පියයුරේ යට පැත්තෙන් හරි තන පුඩුව වටේ තියෙන අඳුරු කොටසෙන් හරි කිහිල්ලෙන් හරි කැපුමක් කරලා තමයි මේක කරන්නේ. ඒ හින්දා මේක නිසා ඇති වෙන කැළල පිටට පෙන්නේ නැහැ.
breast implant එකක කලාතුරකින් සමහර අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්, ඒත් හැමෝටම ඇති වෙන්නේ නැහැ.
මේක කලාට පස්සේ මුල් කාලේ ඇති වෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ තමයි implant එකට විසබීජ යන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට ප්‍රතිජීවක ඖෂධ වලින් පාලනය කර ගන්න පුළුවන්. එහෙම කරලත් පාලනය කර ගන්න බැරි වුනොත් implant එක අයින් කරන්න වෙනවා.
දිගුකාලීනව බැලුවොත් implant එක වටේට ඇඟෙන් හැදෙනවා කැප්සියුල් එකක්. ඒක හරියට පටක වලින් හැදෙන කොපුවක් වගේ. සමහර වෙලාවට මේ කැප්සියුල් එක පොඩි වෙලා implant එකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වුනොත් පියයුර ඇද වෙලා වගේ පේන්න ගන්නවා. ඒ වගේ දෙයක් වුනොත් ආපහු ශල්‍යකර්මය කරලා හදන්න ඕනා.
ඊට අමතරව තවත් අතුරු ආබාධ ඇති වුනොත් ගොඩක් වෙලාවට implant එක අයින් කරාම ඒ ප්‍රශ්න නැති වෙනවා.
කලින් කිව්වා වගේ හැමෝටම මේ දේවල් ඇති වෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක්ට තමයි ඒවා වෙන්නේ.
තමන්ගේ පෙනුම ගැන හිතලා පියයුරු විශාල කර ගන්න ඕනා නම් රජයේ රෝහල් වල ඒක කරන්නේ නැහැ. හැබැයි උපතින් ඇති වෙලා තියෙන ආබාධයක් හින්දා හරි වෙනත් ශල්‍යකර්මයක ප්‍රතිඵලයක් හින්දා හරි පියයුරුවල අසාමාන්‍යතාවක් ඇති උනා නම් වගේ වෙලාවක රජයේ රෝහල් වලින් මේක කර ගන්න පුළුවන්.
ඊට අමතරව පෞද්ගලික රෝහලකින් මේක කර ගන්න පුළුවන්. හැබැයි ලක්ෂ කීපයක් වියදම් කරන්න වෙනවා.
.
.
ඒ වගේම අන්තර්ජාලයේ ඕන තරම් දැකලා ඇති පියයුරු ලොකු කර ගන්න නම් මේ ව්‍යායාම කරන්න, මේ දේවල් ගාන්න, මේ බෙහෙත් බොන්න වගේ එක එක කතා, හැබැයි ඇත්තටම් ඒ දේවල් වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන විදියේ පියයුරු ලොකු කර ගන්න පුළුවන් මැජික් ක්‍රම නැහැ.
හැබැයි පපු ප්‍රදේශය ඉලක්ක කරලා කරන ව්‍යායාම වලින් පියයුරු වලට පහලින් තියෙන Pectoralis muscle ශක්තිමත් කරන්න පුළුවන්. පියයුරු වලට යටින් තියෙන මාංශපේශි ශක්තිමත්ව තියෙනවා නම් පියයුරු පිරිලා, ඉස්සරහට නෙරලා ඇවිල්ල තියෙනවා වගේ පෙන්නන්න පුළුවන්. ඒත් එහෙම කළා කියලත් ප්‍රමාණයේ ලොකු වැඩි වීමක් කර ගන්න බැහැ. මොකද පියයුරු ඇතුලේ තියෙන්නේ මේදය මිසක් මාංශපේශි නෙමේ.
තවත් පියයුරු ලොකුවට පෙන්නන්න කරන්න පුළුවන් දෙයක් තමයි push up බ්‍රා එකක් අඳින්න. පියයුරු හොඳට උස්සලා, රවුම් හැඩයෙන් තියන්න push up බ්‍රා එකකට පුළුවන්. හරියට ඇඳ ගත්තොත් අපහසුවක් නැතුව ඇඳගෙන ඉන්නත් පුළුවන්.
ඒ වගේම තමන් අඳින ඇඳුම් වලිනුත් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. V කර තියෙන ඇඳුම් වගේ දේවල් වලින් පියයුරු වල ප්‍රමාණය වැඩි කරලා පෙන්නන්න පුළුවන්. පෑඩ් තියෙන බ්‍රා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් බ්‍රා එක ඇඳලා බ්‍රා පෑඩ් එකක් ඇතුළට දාගෙනත් පියයුරු වල ප්‍රමාණය වැඩියෙන් පිටතට පෙන්නන්න පුළුවන්.
අවසානේ මතක තියා ගන්න පියයුරු වල ප්‍රමාණය කියන්නේ ඔයාගේ එක දෙයක් විතරයි. ඒක ගැන හිතලා දුක් වෙන්න වත් තමන්ගේ ආත්ම විශ්වාසය නැති කර ගන්න වත් එපා. ඒකට හොඳම උදාහරණය තමයි වොන්ඩර් වුමන් ට රඟපාන, Gal Gadot.
Gal Gadot ගේ පියයුරු පොඩි උනත්, මුළු ලෝකෙම ඉන්න මිනිස්සු එයාට ආදරේ කරනවා, එයාගේ පියයුරු පොඩියි කියන එක මිනිස්සුන්ගේ ඒ ආදරේට අදාළම නෑ.
(උපුටා ගැනීමක්)

Adjustable Wired Push Up Bra
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top