මේ දේවල් ලංකාවේ අපට නම් ඒ තරම් සුපුරුදු කෑමක් නොවුණත්, බොහෝ විදෙස් ජාතිකයින්ට නම් මේවා ඉතා සුලබව තමන්ගේ ආහාරයට එකතු කරගන්න පුළුවන්..
ලංකාවේ අපට නම් බෙරි වර්ග ආහාරට එකතු කරගන්න ලැබෙන්නේ කලාතුරකින් වුණත්, ඒක එහෙම වෙන්නත් හේතු තියනවා.. අපේ රටේ මේ දේවල් සරුවට හැදෙන්නේ නෑ වගේම තමයි වෙළඳපොලින් මිලදී ගන්න ඒවාට විශාල මිලක් ලබා දෙන්න වෙනවා.. ඒත් මේ බෙරි වර්ග මොන තරම් ගුණ දායකද කියලා දන්නවාද..? මේ ඒ ගැන සමීක්ෂණයකදී හෙළිවුණ තොරතුරු කීපයක්..
බෙරි සහ රතු වයින් පිළිබඳව පර්යේෂණ කළ විද්‍යාඥයන් කිහිපදෙනකු සොයාගත් අපූරු තොරතුරු කිහිපයක් මෙසේය. මිනිස් සිරුරේ ඇති වන ආසාදනවලට එරෙහිව සටන් කරන ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය විධිමත්භාවයට පමුණුවන ආරක්ෂාකාරී පදාර්ථ “බෙරි” (Berries) හෙවත් මිදි වැනි කුඩා පලතුරු වර්ගවලත් තේ සහ රතු වයින්වලත් ඇතුළත් ස්වාභාවික සංයෝගවල අඩංගු යැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. එම ස්වාභාවික සංයෝගවල අඩංගු “ෆ්ලැවනොයිඩ්” (Flovonoid) නමැති පදාර්ථ විශේෂයෙන්ම දරුණු උණ ඇති කරන ආසාදන වැළැක්වීමේ විශේෂ ශක්තියකින් යුක්ත යැයිද අනාවරණය වී තිබේ. ඔබට අත්‍යවශ්‍ය තොරතුරක් මෙසේය. සෙම්ප්‍රතිශ්‍යා උණ හේතු කොටගෙන පෙණහලු පටකවලට සිදුවන හානිය ෆ්ලැවනොයිඩ් පදාර්ථය මඟින් වැළකෙන බවට පමණක් නොව පුද්ගලයන් ආසාදන
කෙරෙහි නොයෙක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වන හේතු විස්තර කිරීමටද මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයනට හැකිවිය. සෙම්ප්‍රතිශ්‍යා උණට ගොදුරු වන සමහර පුද්ගලයන් සතියක පමණ කාලය තුළ මනා සුවයක් ලබන නමුත් වඩා වයස්ගත පුද්ගලයන්ට හා වෙනත් යම් රෝගයක් සිරුරෙහි ඇති පුද්ගලයන්ට එය බෙහෙවින් අනතුරුදායක වෙයි. ලෝකය පුරා පුද්ගලයන් 2,50,000ක් 5,00,000ත් අතර ගණනක් අවුරුදු පතා ඉන්ෆ්ලුවෙන්සා
උණ රෝගයෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ ආරක්ෂාකාරී ශක්තියක් ෆ්ලැවනොයිඩ් පදාර්ථයෙහි පැවැති බවට විශ්වාසයක් වසර ගණනක් තිස්සේ පැවැතිනැයි මෙම අධ්‍යයනයට පළමුවෙන්ම අත ගැසූ, මිසෝරීහි සාන්ත ලාවී ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ අෑෂ්ලි ස්ටීඩ් ප්‍රකාශ කරයි. ඔහු තවදුරටත් සඳහන් කරන පරිදි ෆ්ලැවනොයිඩ් අපගේ ආහාරවල අඩංගු පොදු පදාර්ථයකි. ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අධ්‍යයනයේ වැදගත්ම ප්‍රතිඵලය, සෙම්ප්‍රතිශ්‍යා උණට හා වෙනත් රෝගවලට හේතු වන ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ෆ්ලැවනොයිඩ් පදාර්ථයට ඇති ශක්තිය තහවුරු වීමය. තවදුරටත් දැන ගත යුතු කරුණු තිබෙන නමුත් මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලය තමන් දිරිගන්වනසුලු යැයිද වෛද්‍ය අෑෂ්ලි ප්‍රකාශ කරයි.
ඊට අමතරව පර්යේෂණ තොරතුරු කිහිපයකි.
ෆ්ලැවනොයිඩ් පදාර්ථයෙහි අඩංගු සෞඛ්‍ය හිතකර ශක්තිය හඳුනා ගැනීම සඳහා පෝෂණවේදීහු බොහෝ කාලයක් තිස්සේ ගවේෂණවල යෙදුණහ. ආහාරවල සංයෝග සමඟ ෆ්ලැවනොයිඩ් පදාර්ථය අන්තර්ක්‍රියා කරන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් සිරුරේ සෛල විසින් නිෂ්පාදනය කැරෙන ඉන්ටර්ෆෙරොන් නමැති ප්‍රෝටීනය වයිරසවලට එරෙහි ප්‍රතිචාරයක් දක්වන බවත් එම පෝෂණවේදීහු හඳුනාගත්හ.
ඔබ තවත් දැනගත යුතුම තොරතුරු මෙසේයි,
ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රතිචාරය නිසි පරිදි පාලනය කිරීම සඳහා ෆ්ලැවනොයිඩ් පදාර්ථය ක්‍රියාත්මක වන්නේ කෙනකුගේ අන්ත්‍රයෙහි හෙවත් බඩවැලෙහි නිවැරැදි අනුජීවීන් (Microbes) ඇති විට බවද තමන්ගේ අධ්‍යයන ප්‍රතිඵල අනුව තහවුරු විනැයි එහි තවත් හවුල්කරුවකු වූ වෛද්‍ය තැඩියස් ස්ටෙපන් බෙක් පැවැසීය. ඉන්ෆ්ලුවෙන්සාවෙන් පෙණහලුවලට සිදුවිය හැකි හානිය ෆ්ලැවනොයිඩ් පදාර්ථයෙන් වැළකෙන බව මීයන් යොදා ගෙන පැවැත්වුණු අධ්‍යයනයේදී තහවුරු විය. මිනිසුනට වැලඳෙන නප්‍රමෝනියා රෝගයට හේතු වන හානිය පෙණහලුවලට සිදු වන්නේද ඉන්ෆ්ලුවෙන්සාවෙන් බවත් මෙම පර්යේෂකයෝ කියති.
මව්බිම පුවත්පත ඇසුරෙන්..