Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
31
හැමෝම ප්‍රිය කරන "මසාලා චායි" මේ තරම් ගුණදායකයි කියලා දැනගෙන හිටියාද...?

- හැමෝම ප්‍රිය කරන "මසාලා චායි" මේ තරම් ගුණදායකයි කියලා දැනගෙන හිටියාද...?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
මේ කියන්න යන්නේ ඉන්දියාවේ ගොඩක් ජනප්‍රියම පානයක් ගැන කතාවක්... 

බටහිර ලෝකයේ චායි යන වචනය වඩාත් නිවැරදිව "මසාලා චායි" ලෙස හඳුන්වන ඉන්දියානු තේ වර්ගයක් වන සුවඳැති කුළුබඩු සමග සකස් කරන තේ වර්ගයක් වෙනවා... අප සාමාන්‍යයෙන් පානය කරන තේවලට වඩා මේ මසාලා චායිවලින් අපේ සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා.. දන්නවාද..? මේ මසාලා චායි බිව්වාම මෙන්න මේ විදිහේ ප්‍රතිලාභ ලැබෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද..? මේ කියන්න යන්නේ අන්න ඒ දේවල් ගැන..


ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත්..
චායි, ප්‍රතිඔක්සිකාරක වල විශිෂ්ට ප්‍රභවයක් ලෙස සැලකෙනවා. එයට හේතුව වන්නේ මෙම තේ වර්ගය සකස් කිරීමට යොදා ගන්නා එනසාල් , කුරුඳු සහ කරාබු නැටි වල ප්‍රති ඔක්සිකාරක ඉහළ මට්ටමක පැවතීමයි. එමගින් ශරීරයෙ සෛලීය සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන අතර , සමහර රෝග සහ පිලිකාද අවම කරනවා.

හෘද සෞඛ්‍ය වැඩිදියුණු කරයි..
අධ්‍යයනවලින් පෙන්වා දී ඇති ආකාරයට චායි වල අඩංගු වන ප්‍රධාන අමුද්‍රව්‍යක් වන කුරුඳු මගින් රුධිර පීඩනය අඩුකළ හැකි වනවා.ඒ වගේම තත්වයේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කිරීමට කුරුඳු වලට හැකියාව තිබෙනවා.ඊට අමතරව චායි සකස් කිරීමට භාවිතා කරන කළු තේ වලටද රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ හැකියාව පවතිනවා.

රුධිරයේ සීනි මට්ටම අඩු කරයි..
චායි වල අඩංගු වන ඉඟුරු සහ කුරුදු යන අමුද්‍රව්‍ය දෙක මගින් රුධිරයේ සීනි මට්ටමට හිතකර බලපෑම් එල්ල කල හැකි බව පර්‍යේශන මගින් සොයාගෙන තිබෙනවා.නමුත් නිවසේ දී සකස් කරගන්නා චායි වලට වඩා අවන්හල් වලින් ඔබ මිලදී ගන්නා චායි වල අධික ලෙස සීනි අඩංගු විය හැකි බැවින් චායි වල අඩංගු අමුද්‍රව්‍ය වල රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ ප්‍රතිලාභ ප්‍රතික්ෂේප විය හැකි නිසා නිවසේදීම ඔබට අවශ්‍ය ආකාරයට සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කරගන්නා චායි වලින් ඔබට හොඳ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගත හැකි බව විශ්වාස කළ හැකියි

ඔක්කාරය සහ අජීරණ තත්වයන් අඩු කරයි..
චායි වල අඩංගුවන ඉඟුරු මගින් ඔක්කාරය සහ අජීරණය වැනි තත්ත්වයන් ඇතිවීම අඩු කරනවා.ඒ වගේම කුරුඳු, කරාබු නැටි සහ එනසාල් වල බැක්ටීරියා ආසාදන නිසා ඇතිවන ආහාර ජීර්ණ ගැටළු වළක්වා ගැනීමට උපකාරී වන ප්‍රතිබැක්ටීරීයා ගුණ අඩංගු වනවා.මේවා මගින් උදරයේ ඇති විය හැකි අජීරණ තත්වයන් බොහෝ දුරට අඩු කරනවා

බර අඩු කර ගැනීමට උපකාරී වෙයි..
චායි පානය කිරීම මගින් බර වැඩි වීම සහ මේදය අඩු කිරීම ක්‍රම කිහිපයකින් සිදු වනවා.පලමුව , චායි සාමාන්‍යයෙන් සකස් කරනු ලබන එළකිරි හෝ සෝයා කිරි යනු ප්‍රෝටීන් වලින් පොහොසත් ප්‍රභවයන් නිසා ඔබට නිතර කුසගිනි දැනීම සහ පූර්ණ බවක් දැනීම සිදුවන නිසා චායි පානය කිරිම මගින් ඔබේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම වළක්වනවා

චායි සෑදීමට භාවිතා කරන කළු තේ වර්ග වල අඩංගු සංයෝග, මේදය බිඳවැටීම ප්‍රවර්ධනය කරන අතර ඔබේ ශරීරය ආහාර වලින් අවශෝෂණය කර ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණ මගින් පෙන්නුම් කර තිබෙනවා.

එපමනක් නොව දිනකට කළු තේ කෝප්ප දෙකක් හෝ තුනක් පානය කිරීම මගින් අනවශ්‍ය බර වැඩිවීම සහ උදරයේ මේදය තැන්පත් වීම වළක්වා ගත හැකි බව ද පර්යේෂණ මඟින් පෙන්වා දී තිබෙනවා

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි..
චායි පානය කිරීම මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.එයට හේතුව වන්නේ කළු තේ සහ කුලුබඩු වල ප්‍රතිශක්තිකරණ ගුණ අඩංගු වීමයි.විශේෂයෙන්ම ඔබේ බඩවැල් වල සෞඛ්‍ය සඳහා ඉඟුරු යනු ඉතාම හොඳ අමු ද්‍රව්‍යයක් වන අතර ඔබේ බඩවැල් සෞඛ්‍ය සම්පන්න නම් සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු බොහෝ වෛරස් වලින් ඔබට ආරක්ෂා විය හැකියි.

ඉතින් මේ ඒ රසවත් තේ එක බොන්න ඔයත් කැමතියිද..? මෙන්න ඒක හදාගන්න එක ක්‍රමයක්.. චායි කියන්නෙ තේ වලට,මසාලා කියන්නෙ කුලුබඩු ගනනාවකින් හැදුනු එකතුවක් කියන එක... කිරිත් එකතුවෙලා ආවාම ඒකෙන් මැවෙන රස ගැන හිතාගන්න පුලුවන්නේ... මේ ඒක හදාගන්න අවශ්‍ය වෙන දේ.. (හතරදෙනෙක් සදහා)

කිරි කෝප්ප 2 යි
වතුර කෝප්ප දෙකයි(කිරි නැත්නම් වතුර කෝප්ප 4ක් අරන් පිටිකිරි දාගන්න.)
තලාගත්තු ඉගුරු තේ හැදි 2ක්
කුරුදු කෑල්ලක්
තලාගත්තු ගම්මිරිස් ඇට 5ක්
කරදමුන්ගු ඇට හතරක් (තලාගෙනා
කරාබුනැටි 4ක් තලාගෙන
තේ කුඩු මේස හැදි දෙකහමාරක්
සීනී අවශ්ශ පමනට

මුලින්ම වතුරටික බාජනේට දාලා ලිපේ තියාගන්න.
ඒ එක්කම අනිත් කුලුබඩුත් දාලා තේ කුඩුත් දාගෙන මේක හොදට උතුරන ගානට රත්වෙන තුරු තියන්න.
ඊටපස්සෙ කිරි එකතුකරලා සීනීත් දාලා කිරි උතුරන ගානට එනකොට ලිපෙන් බාලා හොදට පෙරාගෙන උනුවෙන්ම බොන්න.

කිරිපිටි පාවිච්චිකරන අය මුලින්ම වතුර ලිපේ තියලා මේ සෙරම කුලුබඩු,තේ කොල දාලා හොදින් නටාගෙන එනකොට කිරිපිටි හා සීනී දාගෙන හොදට හැදිගාලා උතුරන කොටම ලිපෙන් බාගන්න. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top