Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
05
"නිරුවත හෝ ලිංගික දර්ශනයක් නිර්මාණය ඉල්ලා සිටිනවා නම් එය අපිට කරන්න වෙනවා.." - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි - Photos

- "නිරුවත හෝ ලිංගික දර්ශනයක් නිර්මාණය ඉල්ලා සිටිනවා නම් එය අපිට කරන්න වෙනවා.." - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views

"කොකේන් පාවිච්චි කළ පළමු රංගන ශිල්පියාත් මම.."
"මළමිනිය තමයි නිරුවතින් ඉන්නේ.."
 
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ මේ දිනවල පුළුල් තිරයේ රට පුරා දකින්න ලැබෙන චරිතයක්. සිනමාවත් පුංචි තිරයත් එක්ක එකතු වෙන ඉසුරු වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය වැටුණු සිනමාපටයකින් දකින්න ලැබෙන නිසා මේ දිනවල ඔහු ගැන කවුරුත් කතා කරනවා. මේ ඔහු ගැනයි..


මේ දිනවල තිරගත වන ‘හුස්ම’ සිනමා නිර්මාණයේ ඔබගේ රංගන දායකත්වය ගැන මුලින්ම කතා කරමු?
දින පහළොවක් එක දිගට එකම දර්ශන තලයක් තුළ මෙහි රූපගත කිරීම සිද්ධ වෙන්නේ. පැය තුනක් තුළ සිදුවන සිදුවීමක් තමයි මේ චිත්‍රපටයේ කතාව බවට පත් වෙන්නේ. චරිත හතරක් එක දර්ශන තලයක්. රෝහලක් තුළ මෝචරියක් තුළ සිදුවන කතාවක් තමයි මීට පාදක වෙන්නේ. මම මේ සිනමා නිර්මාණයේ පිටපත කියවද්දි මෙහි සිටින රුවන් කියන චරිතය මට ගොඩක් දැනුණා. ඒකයි මම මේ චරිතය භාර ගත්තේ. මේ චරිතය ආන්දෝලනාත්මක චරිතයක්. පිටපත තුළ තිබූ සිදුවීම් එක්ක බැලුවම එහි අභියෝගයක් තිබුණා. වැඩක් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අවදානමක් ගන්න ඕන. රුවන් කියන චරිතය තුළ හොඳ රංගනයක් කරන්න අවස්ථාවක් තිබුණා. ඒ නිසා මම ඒ ගැන දෙපාරක් හිතුවේ නැතුව මේ අවස්ථාව ගත්තේ. රුවන් කියන චරිතයට ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහෝදර රංගන ශිල්පීන්ගෙන්, අධ්‍යක්ෂකවරුන්ගෙන්, ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මේ චරිතය භාර ගැනීම ගැන මම සතුටු වෙනවා.
 
‘හුස්ම’ සිනමා නිර්මාණය තවත් සිනමා නිර්මාණයක් ඇසුරින් ගොඩනැගුණු නිර්මාණයක් මෙලෙස නිර්මාණ කිරීම ඔබ දකින්නේ කෙලෙසද?‍
මේක කොපියක් කියලා හඳුන්වන්න මම කැමති නැහැ. කොපි කියලා දෙයක් නැහැ, ලෝකේ මිනිස්සුත් කොපි තමයි. විද්‍යාව මෙතරම් දියුණු යුගයකත් පුනරුප්පත්තියක් තමයි සිද්ධ වෙන්නේ. මං වගේ කෙනෙක් මීට පෙර මේ ලෝකේ ඉඳලා තියනවා කියලා මම හිතනවා. මේක සිනමා නිර්මාණ කිහිපයක් වූ කෘතියක්. ඒ කෘතිය ආශ්‍රයෙන් ලංකාවට උචිත ලෙසින් මෙය ප්‍රතිනිර්මාණය වුණා. ධර්ම යුද්ධය සිනමා නිර්මාණය බලන්න. එය ලංකාවට උචිත ලෙස ප්‍රතිනිර්මාණය කළා. සාර්ථකව තිරගත වුණා. ලෝකේ විවිධ භාෂාවලින් මේ නිර්මාණය නිර්මාණ වෙලා තිබෙනවා.
 
‘වැඩිහිටියන්ට පමණයි’ කියන ලේබලය යටතේ තමයි මේ නිර්මාණය තිරගත වෙන්නේ. ඒ ගැන කතා කළොත්?
මේ කතා තේමාව පටන් ගන්නේ මළ මිනියක දර්ශනයකින්. මේ මළ මිනිය සිටින්නේ නිරුවතින්. ඒ තුළ මේ නිර්මාණය ‘වැඩිහිටින්ට පමණයි’ නිර්මාණයක් බවට පත් වෙනවා. මේ නිර්මාණය කුතුහලය ත්‍රාසය භීතිය තියාගෙන යන නිර්මාණයක්. ලිංගිකත්වයම උත්කර්ෂයට නගන නිර්මාණයක් නෙමෙයි. මගේ රංගන දායකත්වය පැත්තෙන් කතා කළොත්, මම රාමුවකට කොටුවුණු රංගන ශිල්පියෙක් නෙමෙයි. ටෙලිනාට්‍ය නිර්මාණ ඇතුළේ යම් විදිහකින් කොටුවෙන්න සිද්ධ වුණත් සිනමාව තුළත් ඒ දේම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කියලා බාල විදිහට ලිංගිකත්වය පෙන්නා ලාබ හොයන තුට්ටු දෙකේ ‘වැඩිහිටියන්ට පමණයි’ කියන නිර්මාණවලට මම දායක වෙන්නේ නැහැ. නිරුවත හෝ ලිංගික දර්ශනයක් නිර්මාණය ඉල්ලා සිටිනවා නම්, එය අවශ්‍ය වෙනවා නම් එය අපිට කරන්න වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරන දර්ශනයක් වුණත් නිර්මාණයට අවශ්‍ය නම් කරන්න සිද්ධ වෙනවා. ඒක මම කරනවා. ලංකාවේ සිනමාව තුළ කොකේන් පාවිච්චි කළ පළමු රංගන ශිල්පියාත් මම. මේ නිර්මාණයේ මම එය සිදු කරනවා.
 
මේ නිර්මාණය සිනමා ප්‍රේක්ෂකාගාරය භාරගත්ත ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද?
මේ වන විට මේ සිනමා නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලබනවා. මේ පළමු සතිඅන්තය. වානිජ චිත්‍රපටයක් සමග මේ නිර්මාණය කුමන මොහොතේවත් අපිට සංසන්දනය කරන්න හැකියාවක් නැහැ. ‘වැඩිහිටියන්ට පමණයි’ කියන ලේබල් එක අලවපු ගමන්ම ගෙදර ඉන්න 18ට අඩු පිරිස මේ සිනමා නිර්මාණය නරඔන්න එන්නේ නැහැ. අම්මට තාත්තට එන්න බෑ ළමයි නිසා. මේ විදිහේ බැරියර් එකක් නිර්මාණය වෙනවා. ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා අපි සිනමාව තුළ ඒජ් ගැප් එකක් හදාගෙන ඉන්නවා. ‘දරුවෙකුට ලිංගික දර්ශනයක් බැලිය යුතු නැහැ, ඔවුන්ගේ මනස විකෘතිවෙන්න පුළුවන්’ කියන අදහසේ අපි ඉන්නවා. ඒ තුළ තමයි සිනමා නිර්මාණ මෙලෙස වර්ගීකරණය වෙන්නේ. ඒ නිසා මේ නිර්මාණයේ ප්‍රේක්ෂකාගාරයට යම් බැරියර් එකක් තිබෙනවා. නමුත් මෙවැනි නිර්මාණයක් භාරගන්නා බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ ඉන්නවා. වානිජමය සිනමාවේ නිර්මාණයක් ලබන ලාභය බලාපොරොත්තුවෙන් කළ නිර්මාණයක් නෙමෙයි මේක. කලාත්මක නිර්මාණයක්,මැද මාවතේ නිර්මාණයක්. මම හිතන්නේ මේ නිර්මාණය ප්‍රේක්ෂකාගාරයට අලුත් අත්දැකීමක් වෙයි.
 
‘නිදහසේ පියා ඩීඑස්’ සිනමා නිර්මාණයට පසුව තමයි ඔබ රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයක් තිරගත වෙන්නේ. තවත් නිර්මාණ කිහිපයක්ම මේ සමග තිරගත වීමට නියමිතයි?
මම රංගනයෙන් දායක වන හතරවන සිනමා නිර්මාණය මේක. මේ වෙද්දි මම හුඟක් සතුටින් ඉන්නේ. සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ, නිහාල් විජේසිංහ නිෂ්පාදනය කළ ‘හුස්ම’ චිත්‍රපටය පසුගිය 20 වැනිදා තිරගත වීම ආරම්භ කළා.
 
නිදුක් මදුෂික






Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top