Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
05
ඒ වේදනාව තැවුල හරියට මුළු අහස වගේ, මහ මුහුද වගේ . ඔහුගේ අන්තිම මොහොත පුදුම තරමට අමිහිරි අත්දැකීමක් - විජයගේ අවසන් මොහොත ගැන බිරිඳ දේවිකා මිහිරානි සිහිකරයි - Photos

- ඒ වේදනාව තැවුල හරියට මුළු අහස වගේ, මහ මුහුද වගේ . ඔහුගේ අන්තිම මොහොත පුදුම තරමට අමිහිරි අත්දැකීමක් - විජයගේ අවසන් මොහොත ගැන බිරිඳ දේවිකා මිහිරානි සිහිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views

විජය නැතිවෙලා දැන් අවුරුදු 3ක් ‍පිරෙනවා
ප්‍රිය ඇසුරක් පවත්වන්න විජයත් මමත් නිතරම උත්සාහ කළා

විජය නන්දසිරි කියන්නේ සිංහල සිනමාවේ වගේම පුංචි තිරයේ හිටපු හොදම හාස්‍ය නළුවා. ඔහු ජනප්‍රිය වෙන්න එතරම් කාලයක් ගියේ නැහැ. ඔහු මිය ගිහින්. නමුත් ඔහුගේ නම, රූපය, මෙන්ම රාගපෑම තවමත් ජිවත් වෙනවා. අදටත් ඔහුට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද දේවිකා මිහිරාණි මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි....


සහෘද කලාකරු  විජය නන්දසිරි වියෝ වී අගෝස්තු 10වැනි දාටවසර 3ක් පිරීම නිමිත්තෙනි.

සංසාරේ දිගු කාලයක් එකම මඟක ආ අය මේ සංසාරෙත් එකටම හමුවෙනවා. මේ ජීවිතයෙත් සහයෝගයෙන් එකම සිතින් එක වහලක් යටට වෙලා ඉඳලා එක්කෙනෙක් කලින් සමුගත්තාම අනෙකාට දැනෙන විරහව, සංතාපය, දුක අපමණයි. විජය නන්දසිරි - දේවිකා මිහිරාණි ඒ වගේ දෙන්නෙක්.

ජීවිතයේ සැබෑවට එහා ගිය මනඃකල්පිත ලෝකයකදී, කෙනෙකුව හඬවන්න, හිනස්සන්න තවකෙකුට පුළුවන්නම් ඒකත් විරල හැකියාවක්. විජය නන්දසිරි කියන්නේ එවන් නිසඟ හැකියාවන්ගෙන් සපිරුණු රංගධරයෙක්.

ඔහු අප අතරින් වියෝවෙලා වසර තුනක් සපිරුණත් විජය නන්දසිරි තාමත් අප අතර වගේ අපට දැනෙන්නේ සිනමා නිර්මාණවල තාමත් ඔහු ජීවත්වෙන නිසයි. මනමේ කුමරුට ‍පෙම්බැන්ද ම‍නමේ කුමරිය, දේවිකා මිහිරාණි තම ආදරණීය වල්ලභයාගේ වියෝවින් තවමත් තැවෙනවා.

විජය නන්දසිරි....., ජීවිතයේ ආදරණීය ගමන් සගයා සදහටම සමුගත්තාම හදවතට දැනුන හැඟීම වචනවලට පෙරළුවොත් ?

“විජය නැතිවුණාම හිතට දැණුනු දුක වචනවලින් කියන්න බැහැ. හරියට සුනාමියක් ආවා වගේ. ඒ වේදනාව තැවුල හරියට මුළු අහස වගේ, මහ මුහුද වගේ . ඔහුගේ අන්තිම මොහොත පුදුම තරමට අමිහිරි අත්දැකීමක්. අපිට මේ ලෝකෙ උපන් කාටවත් සදාකාලිකව ජීවත්වෙන්න බැහැ තමයි. ඒත් අදහගන්නවත් බැහැ මට.... බලාපොරොත්තු වුණේ නැහැ කොහොමත්ම ඒ තරම් ඉක්මනට යයි කියලා...

හඳහනකවත් කියලා තිබුණේ නැද්ද? අඩු ගාණේ ඒ කාලෙට අපලයි කියලවත්...?

ජ්‍යෙතිෂයේ මහා පරිමාණයට එල්ලීගෙන නොහිටියාට යම් යම් අවස්ථාවල සුභ මුහුර්ත බලනවා. ඒත් එහෙම බලන්න තරමට අසනීපයක්වත් තිබුණේ නැහැ . විජයට මාරක අපලයක් තිබුණෙත් නෑ. මැරෙන්න තරම් ලෙඩක් තිබුණෙත් නෑ එයාට. ඒත් සොබාදහමට මුහුණ දෙන්න වෙනවා අපිට. කොයි මොහො‍තේ යන්න වෙයි ද දන්නෙ නෑනෙ.

සෙනෙහසින් බැඳුණු මුල් යුගයේ ආදරණීය මතක සටහන් මතකයට නැගුවොත්...?

හරිම සුන්දර අතීතයක් තිබුණා අපිට. නැටුම් පන්තියේ නටද්දී එයා තමයි මාව රඟපෑමට ගත්තෙත් මුලින්ම. මම වේදිකාවට, කලාවට ආවේ විජය නන්දසිරියි , ඩී.බී. නිහාල්සිංහයි නිසා. විජය හොඳ පෙම්වතෙක්. විවාහ වුණාට පස්සේ හොඳ සැමියෙක්. දරුවන්ට ආදරණීය තාත්තෙක්. මම හිතන්නෙ ලෝකයේ හොඳම ස්වාමිපුරුෂයා මගේ සැමියා කියලා. අපි දෙන්නා අතර හොඳ විශ්වාසයක් තිබුණා. අපේ ජීවිත හරි විනිවිදයි . කොහෙද යන්නෙ. මොනවද කරන්නේ කියලා. අද වුණත් මම දරුවන්ටත් කියලා යන්නේ. ඒ නිසා එකිනෙකා අතර සැකයක් ඇතිවෙන්නෙ නැහැ. විජයයි මායි අතරේ ලොකු බැඳීමක් තිබුණා.

කලා ලෝකයේ ඉදිරියට එන්න වුණත් මට විජයගෙන් ලැබුණේ ලොකු පිටුවහලක්. මට අම්මා තාත්තා වගේම විජයත් හුඟාක් උදව් කළා. නවාංජනා මිහිරාණි, රසාංජන සුචිත්‍ර දරුවෝ ලැබු‍ණට පස්සේ අපේ ජීවිත තවත් සුන්දර වුණා. විජය හුඟාක් කාර්යබහුල වෙද්දී ගෙදර දොර කටයුතු , දරුවන්ගේ වගකීම මම කරට ගත්තත් විජයගෙනුත් ඒවාට විශාල සහයෝගයක් ලැබුණා. නිවසේ හා අපේ ආර්ථිකය අපි නිතරම සැලසුම් කළා, කළමනාකරණය කළා. කවදාවත් අපි හුදකලා පවුලක් වුණේ නැහැ. දරුවන්ගේ හා පවුලේ සුඛ විහරණය, ශරීර සෞඛ්‍යය ගැන අපි නිතරම සැලකිලිමත් වුණා. අපි විනෝද සංචාරයක් ගියත් පවුලේ ඥාතීන් පවා එකතුකර ගත්තා. හැම දෙයක්ම බෙදාහදාගෙන ජීවත්වෙන්න අපි පුරුදු වෙලා හිටියේ.

ඔයාලා ජීවත්වුණේ කලාකරුවන් බොහොමයක් මැද කලාපුරයක. ඒ අය සමඟ ඔබ පවුලේ සැබැඳියාව, ළෙන්ගතුකම පැවසුවොත්.....

කිසිම අවුලක් තිබුණේ නැහැ. අපි අනිත් සියල්ලන්ම තේරුම් අරගෙන වචනයකින්වත් අනිත් අයට කරදරයක් නොවෙන විදිහට ජීවත් වුණා. කලා ක්ෂේත්‍රයේ කිසිකෙනෙකුට වරදක් නොවෙන්න , ප්‍රිය ඇසුරක් පවත්වන්න විජයත් මමත් නිතරම උත්සාහ කළා. මට පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් ඉන්නවා. අපේ කලා ජීවිතයත්, විවාහ ජීවිතයත් සමබරව ගෙනියන්න අපේ දරුවන්ගේ වැඩවලට ගෙදර දොර වැඩවලට වගේම මගේ පවුලේ සහෝදර සහෝදරියන්ටත් විජය හුඟාක් උදව් කළා.

ප්‍රහසන චරිතවලින් සහෘදයන්ගේ හදවත් තුළ අමරණීය වෙන්න විජයට හැකිවුණා.

විජය කියන්නෙ කාසියක දෙපැත්තක් වගේ. ප්‍රහසන චරිතවලින් මිනිසුන්ගේ හදවත්වලට සමීප වෙනවා වගේම ම‍නමේ කුමරු ලෙසින් දශක තුනක් රසික හදවත් තුළ විරාජමාන වෙන්නත් ඔහුට හැකිවුණා. සමහර ජනප්‍රිය චරිත දක්ෂ නැහැ. ඇතැම් දක්ෂයන්ට ජනප්‍රියතාවය අඩුයි. විජයට මේ දෙකම තිබුණේ පෙර පින් මහිමයකට. ගායන, වාදන, නර්තන, රංගනය ආදී සියලු හැකියාවන් විජයට තිබුණා.

විජය නන්දසිරිගේ හිස්තැන පුරවන්න පුතාට හැකි වෙයිද?

පුතා සචිත්‍ර ගුවන් නියමුවෙක්. තාත්තාගේ හැකියාවන් වලට අමතරව වේදිකා පාලනය, හඬ පාලනය, බෙර වාදනය, නර්තනය පුතා ඉගෙනගෙන තියෙනවා. ගිරිරාජ් කෞෂල්‍ය මිතුරාගේ කතුරු මිතුරු චිත්‍රපටයේ පුතා රංගනයෙන් පෙරට එනවා. රටේ පවතින දේශපාලන, සමාජ වාතාවරණය, ප්‍රශ්න, වෙනත් වෘත්තීන්වලටත් වඩා කලාවට බලපානවා. මේ කිසිවක් මඟ හරින්න බැහැනේ. මිනිබිරිය සහන්‍යා මිහිරාණිට අවුරුදු 3යි. මිහිරාණි පරම්පරාව ඉදිරියට ගෙනයාවි. බෑනා සනත් සමින්ද ගුණරත්න ව්‍යාපාරිකයෙක්.

විජය නැතිවෙලා දැන් අවුරුදු 3ක් ‍පිරෙනවා. ඒ වෙනුවෙන් අගෝස්තු 10 දවස පුරාම ලේ දන්දීමේ පිංකමක් අපේ ගෙදර තියනවා. පහුවදාට සංඝරත්නයට දානයක්. විජය වෙනුවෙන් මියගිය දා පටන්ම කරන්න පුළුවන් හැම පින්කමක්ම කරලා ඔහුට පින් පමුණුවනවා.

නිශානී හේරත් බන්නැහැක - සිළුමිණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top