Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
28
‘‘පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා‘‘ පාතාල ලෝකේ රජ වුණු ‘‘සමයං“ මියයන්න කලින් සිදුකළ සංවේදී පාපොච්චාරණය

- ‘‘පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා‘‘ පාතාල ලෝකේ රජ වුණු ‘‘සමයං“ මියයන්න කලින් සිදුකළ සංවේදී පාපොච්චාරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

‘‘සල්ලි නොදුන්නොත් මාව මරණවා කිව්ව නිසා අම්මා බයවුණා..“
‘‘මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා“
‘‘මට අම්මාව මතක් වුණා.. අම්මා අදටත් නොන්ඩි ගහනවා“
‘‘මම කරදර කළේ මට කරදර කළ අයටයි..“

රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ පුවත සමගයි.  දකුණු උරහිසට වැදුණු වෙඩිපහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවුණා. එහෙත් තමන්ගේ ජීවිතය කෙළවර කිරීමට පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මණින්ම තමා සොයා එන බව සමයං දැන සිටියා.


සමයංට ඒ දවස උදාවුණේ ඊයේ.

සමයං සමග ‘‘අංගොඩ ලොක්‌කා“ ගේ කල්ලිය අතර කාලයක සිට ගැටුම් ඇති වී තිබුණා. මේ නිසා සමයං අංගොඩ ලොක්‌කා ඝාතනය කිරීමට ද සැලසුමක්‌ සකස්‌ කරගෙන සිටියද ඊට පෙර අංගොඩ ලොක්‌කා ක්‍රියාත්මක වී මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

පසුගිය මාස කීපයේදී සමයංගේ පාතාල කල්ලිය විසින් අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කළා.

සමයං නමැත්තා ඝාතනයට ලක්‌වූ පුවත ඇසීමත් සමග කඩුවෙල, රණාල, නවගමුව ප්‍රදේශවල ජනතාව රතිඤ්ඥා පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළ ආකාරයද දක්නට ලැබුණා.

මේ අතර 2015 ඔක්තෝබර් මාසයේදී මහ උළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට සිතූ සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය වී තිබුණා.

ඔහු පාපොච්චාරණය කරන්නට යොදාගත්තෙ පුවත්පතක්.

සමයංගේ පාපොච්චාරණය සහිත ලංකාදීප පුවත්පතේ පළවූ සාකච්චාව පහතින්...

මම අරුණ කියන්නද? සමයං කියන්නද?
අවුලක් නෑ. අරුණ කියන්න.

ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?
යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..

ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?
මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.

ගම්පළාත කොහේද?
මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.

ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?
ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.

පවුලේ සහෝදර සහෝදරියො?
කවුරුවත් නෑ. මට මම විතරයි.

අධ්‍යාපන කටයුතු කළේ?
බෝමිරියෙ.

කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?
මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.

ඥාතීන් උදවු කළේ නැද්ද?
ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.

පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?
මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.

කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?
ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.

කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?
ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.

කරදර වුණා කිව්වේ මොනවද?
තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්.  ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමිණිල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.

මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?
එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.

අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?
නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.

පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?
ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.

මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?
2007 දි.

මොකද්ද හේතුව?
තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.

ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?
මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්බෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.

නැවත හිරෙන් එලියට එන්නේ?
2009 දි.

විවාහක ද?
ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.

වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?
මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.

ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?
ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.

ඔබෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?
 ඔව්. මමත් එහෙම හිතනවා.

දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?
මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.

ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?
මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.

තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.

ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?
මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිබෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top