පුංචි තිරය ඔස්සේ රසික හදවත් දිනාගෙන ඇති නිළියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ.
ඒත් මේ දවස්වල චතුරිකා අම්මා කෙනෙක් වෙලාලු. ඒ ගැන සතිඅන්ත පුවත්පතකට චතුරිකා කියලා තිබුණේ මේ විදිහට.
කොහොමද චතුරිකා. මොකද මේ දවස්වල කිසිම සද්දයක් නැත්තේ ?
මේ දවස්වල මම ටිකක් විවේකයෙන් ඉන්නවා.
ඒ කියන්නේ මේ දවස්වල වැඩ නෑ කියන එකද ?
තිබුණ වැඩ ඔක්කොම ඉවර කළා. ගිය අවුරුද්දේ නොවැම්බර්, දෙසැම්බර් නම් හුස්මක් කටක් ගන්න බැරි තරමට වැඩ කළා. ඊට පස්සේ ආයෙමත් වැඩ තියෙන්නේ මාර්තුවල.
එතකන් මගේ ව්‍යාපාර කටයුතුවලට ටිකක් වැඩි අවධානයක් දීලා තියෙනවා. මොකද පසුගිය කාලේ වැඩ වැඩි වීමයි, ඇතිවෙච්ච ප්‍රශ්නයි එක්ක ව්‍යාපාර කටයුතු සෑහෙන්න මඟ හැරුණා. ඒ නිසා දැන් ටිකක් මගේ ව්‍යාපාර කරගෙන ඉන්නවා.
චතුරිකාට අපල කාලයක් ලබලා වගේ?
ඒක නම් ඇත්ත. අපේ තාත්තයි, ලොකු තාත්තයි දෙන්නම ලෙඩ වුණා. පහුගිය කාලේ අපි ඒ වෙනුවෙන් සෑහෙන්න වෙහෙසුණා. තාත්තා ලෙඩ ඇඳේ ඉන්නකොට හිත හදාගෙන වැඩක් කරන්න බෑනේ. ඒත් බාර ගත්ත වැඩ කොහොමත් කරන්න වෙනවා. ඉතිරි කාලය ගෙවුණේ තාත්තා වෙනුවෙන්.
තාත්තා ලෙඩවුණු නිසා ව්‍යාපාර කටයුතුත් මඟ හැරුණා නේද ?
ඔව්. ඒ විතරක් නෙමෙයි. ගේ හදන වැඩත් ටිකක් නතර වුණා. ඔන්න දැන් තමයි ආපහු වැඩ පටන් ගත්තේ.
දැන් තාත්තාට සනීපද ?
දැන් හුඟක් හොඳයි.
චතුරිකාට මේ දවස්වල ප්‍රශ්න නේද ?
ඔව්... ටිකක් විතර ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට හැමදේම බැලන්ස් කරගෙන වැඩ කරනවා.
ගයානුයි චතුරිකායි නම් දැන් සතුටින් කාලය ගතකරනවා වගේ ?
ඇත්තටම. දැන් ආදරය විඳිනවා. ආදරය දැනෙනවා. අපි දෙන්නා දැන් සතුටින් ඉන්නේ.
ඇත්තටම ගයාන්ගේ දරුවන්ට හැබෑවටම අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද චතුරිකාට ?
මමවත් ගයාන්වත් ඒ දරුවන්ට මට අම්මා කියන්න කිව්වේ නෑ. එයාලමයි මට සුදු අම්මා කියන්නේ. නෙත්සර පුතාට දැන් අවුරුදු 7යි. එයා අපි ළඟ ඉන්නේ. පොඩි පුතා නම් ආච්චි ළඟ ඉන්නවා.
අපි පුතාව බලහත්කාරයෙන් තියාගෙන නෑ. නෙතු අපිව දාලා යන්න කැමතිම නෑ. මම ගෙදර හිටියොත් මගේ පස්සෙන්මයි. මාකට් එකට ගියත් එයා පිටිපස්සෙන් එනවා. ගෙදර නැත්නම් ඇත්තටම මටත් පාළුයි. ඉස්කෝලෙ ගිහින් එනකන් මමත් මඟබලාගෙන ඉන්නවා. සමහර දවසට නිදාගන්නෙත් මගේ ළඟ. ඇත්තටම නෙතු හරිම හොඳ දරුවෙක්.
දරුවෙකුගේ වගකීමක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වගකීම ගන්න චතුරිකාට පුළුවන්ද ?
අපෝ පුළුවන්. දැනටමත් මම ඒ වගකීම අරගෙන තියෙන්නේ. පහුගිය කාලේ පුතාලගේ වියදම අපි දැරුවට එයාලා හරියට ඉස්කෝලේ ගිහින් නෑ. ගොඩක් වැඩ අතපසුවෙලා. මම මේ දවස්වල එයාගේ මඟහැරුණ වැඩ කරගන්න උදව් කරනවා. මොනවා කළත් වැඩක් නෑ. දරුවෙකුගේ ඉගෙනීම කඩාකප්පල් වුණොත්.
ගයාන් නිර්මාණවල දකින්න ඉන්නවා. ඒත් චතුරිකා පේන්න නෑ. වෙනදාට වඩා වැඩකරන්නේ අඩුවෙන්ද?