ඉන්නන් කියන්නේ අපේ ශරීරයේ සම මත ඇතිවන ඉතාමත් අවලස්සන චර්ම රෝගයක්
HPV වෛරසය බලපෑම නිසා සම මතුපිට ස්ථරය අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගැටිත්තක් දක්වා වැඩිදියුණු වන අතර
සම මත ඇතිවන එවැනි ගැටිති ඉන්නන් ලෙස හඳුන්වනවා. එවැනි ඉන්නන් අතරින් බොහොමයක් ඒවා ප්රතිකාළ නොකළත් ටික කළකින් ඉවත්වී යන්න පුළුවන්. ඒ වගේම ඉන්නන් ප්‍රමාණයෙන් කුඩා නම් ඔබ අනියත බියක් ඇතිකර ගතයුතු නැහැ. නමුත් මේ හේතුවෙන් පිරිසක් ඉදිරියේ ඔබ අපහසු තාවයකට පත්වෙන්න පුළුවන්
ඉන්නන් ඉවත් කරගැනීම සඳහා වෙළඳපොල වෙත ඉදිරිපත් කරඇති වානිජ නිෂ්පාදනවල ශරීරයට අහිතකර විශ රසායනිකයන් අන්තර්ගත නිසා ඒවායෙන් වැලකී ස්වභාවික ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් හිතකර වෙනවා.
මේ ඔබව දැනුවත් කරන්න යන්නේ කිසිම වේදනාවකින් තොරව ඉන්නන් ඉවත් කර ගතහැකි ඉතාම සාර්ථක ස්වභාවික සත්කාරයක් පිළිබඳවයි.