Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
06
බඩ අඩුකරගන්න ගමන් නීරෝගී වෙන්න කස කසා බොන්න..

- බඩ අඩුකරගන්න ගමන් නීරෝගී වෙන්න කස කසා බොන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views

නීරෝගී දිවියකට මග කියා දෙන කස කසා ඇට රසයෙන් වගේම ගුණයෙන් ද අනූනයි..

කස කසා ඇට ගැන ඔබ මෙන්න මේ දේවල් දැනගෙන හිටියාද..? 


- මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම ඇට පිපිරී යයි. මේ නිසා කස කසා ඇට භාවියට ගන්නා ප්‍රමාණය පමණක් ක්ෂණිකව සෝදා පිරිසිදු කර භාවිතයට ගැනීමට අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුයි.

- බොහෝ දෙනා කස කසා ඇට යොදාගනු ලබන්නේ ආහාර වර්ග හා බීම වර්ගවල අලංකාරය සඳහාය. විශේෂයෙන් බීම වර්ගවලට මෙන්ම වටලප්පන්, පුඩිං, සලාද, ජෙලිවලට රසකාරකයක් මෙන්ම අලංකාරයත් සඳහා කස කසා ඇට යොදා ගැනේ. නමුත් බොහෝ දෙනා නොදැන සිටි කරුණක් වන්නේ කස කසා ඇටවල ඉතා ගුණදායක පෝෂ්‍ය පදාර්ථයන් ඇති බවය.

- හින්දි භාෂාවෙන් කස කසා ඇට හඳුන්වනු ලබන්නේ කුෂ් කුෂ් ලෙසිනි. කස කසා ඇට නිල් සහ සුදු වර්ණවලින් යුක්තය.

- කස කසා ඇට ග්‍රෑම් 100ක පෝෂණ ගුණය ලෙසින් ශක්තිය කිලෝ කැලරි 525, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28.13, ප්‍රෝටීන් ග්‍රෑම් 17.99, සම්පූර්ණ මේදය ග්‍රෑම් 41.56, (මෙහි කොලෙස්ටරෝල් නැත) කෙඳි ග්‍රෑම් 19.5, පෝලේට් මයිකෝ ග්‍රෑම් 82, නියසීන් මිලිග්‍රෑම් 89, අන්තර්ගත වේ.

මීට අමතරව තවත් පෝෂ්‍ය ගුණයන් කිහිපයක්ම කස කසා ඇටවල අඩංගුව වෙන බව ඔබ දැන සිටියාද..?
- කස කසා ඇටවල තෙල් මඟින් කාන්තාවන්ගේ සරුභාවය වැඩිදියුණු කරගත හැක.
- විශේෂයෙන් පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය කොටස, අනවශ්‍ය කොටස, දියකර හැරීමේ හැකියාවත් කසකසා ඇටවල අන්තර්ගතව පවතී.
- ලිංගික ශක්තිය උත්තේජනය කිරීමේ හැකියාවත් කසකසා ඇටවල පවතී.
- කස කසා වල ඇත්තේ ජලයේ දිය නොවන කෙඳිවන අතර ඒවා ආහාර දිරවීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් මළ හොඳින් පිටකිරීමට උදව් කෙරේ. අර්ශස් ඇති රෝගීන්ට කස කසා ඇට ඉතා ගුණදායක වේ.
- කස කසා ඇට අඩංගු බීම වර්ග පානය කිරීමෙන් කෝටිසෝල් (හෝමෝනය) පහළ බසී. එමඟින් මානසික පීඩනය දුරැකර ආතතිය අඩුකර සිරුර නිශ්චලතාවයට පත්කර නින්ද හොඳින් ඇති කෙරේ.
මේ නිසා නින්දට පෙර කස කසා ඇට සහිත බීම වීදුරුවක් පනය කර නින්දට යාමෙන් මහන්සිය දුරැකර සුවබර නින්දක් උදාකරයි.
- නිතරම තුවාල හටගන්නා රෝගීන්ටද කස කසා ඇට සහිත බීම ඉතා ගුණදායක වේ. එමඟින් සිරුර සිසිල් කිරීමක් සිදුවන අතර විශේෂයෙන් මුඛයේ තුවාල ඉතා ගුණදායක වේ.
- මෙහි කාබෝහයිඩ්‍රේට් ඇතුළු බොහෝ පෝෂණ සංඝටක අන්තර්ගතව පවතී.
එම නිසා ප්‍රතිශක්තිය ඇතිකර රෝග ඇතිවීම වළකාලයි.
- මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කෙරේ. මේ නිසා බුද්ධි වර්ධනය සඳහා බොහෝ උපකාරී වේ.
- සැලකිය යුතු ප්‍රමාණයේ කැල්සියම් අන්තර්ගතව පැවතීමෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට උදව් කෙරේ.
- පැලෝපීය නාල අවහිරතා මඟහැරේ. ආර්තවහරණයෙන් පසුව කාන්තාවන්ට ඇතිවන අස්ථි සම්බන්ධ රෝග සඳහාද ඉතා ගුණදායක වේ.
- සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් අඩංගු වීම නිසා දියවැඩියා රෝගීන්ටද ගුණදායක වේ.
- හිසකෙස්වලට මෙන්ම සමටද ඉතා ගුණදායක වේ. දද කුෂ්ඨ ඇතිවීම වළකාලයි.
- විටමින් බී 6 අඩංගු වීම හේතුවෙන් රක්තහීනතාවයට ඉතා ගුණදායක වේ.
- පිළිකා නාශක ගුණයත් කස කසා ඇටවල පවතී.
- විටමින් බී සහ කැල්සියම් මඟින් ස්නායු පද්ධතියේ රෝග ගණනාවකට සුවය ලබාදේ.
- තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වයට මෙය උදව් කෙරේ.
- ඇස් පෙනීමට ඉතා ගුණදායක වේ.

ඒත් කිසි විටකත් එක දිගට සෑම දිනකම කස කසා ඇට ගැනීමත් බොහෝ ප්‍රමාණයක් එක්වරම ගැනීමත් ශරීරයට අහිතකරයි...

- ගොඩ දෙනෙක් උසට සරිලන ශරීර බරකට උරුමකම් කියන්නේ නෑ. ගොඩදෙනෙක් උවමනාවට වඩා මහතයි. ජිම් යන්න වෙලාවක් හොයා ගන්නබැරි, ඒ වෙනුවෙන් අමතර වියදමක් කරන්න බැරි අය වෙනුවෙන්, මේ කරුණු වැදගත් වේවී.
- අද කාලේ අපි බටහිර වෛද්‍ය ක්‍රම පස්සේ ගියාට, ඉස්සර කාලේ හැම ප්‍රශ්නයකටම විසඳුම් දුන්නේ ස්වභාවික ක්‍රම වලින්.

මේ පානයත් ඒ වගේ ස්වභාවික පානයක්.
අවශ්‍ය වෙන්නේ ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් දේවල් කිහිපයක්.
1.මීපැණි මේස හැඳි 1
2.ලෙමන් ගෙඩි 1ක්
3.කස කසා ඇට මේස හැඳි 1
4.වතුර විදුරු 1 1/2ක්

කස කසා ඇට මේද දහනය කරන්න උපකාරී වෙනවා. අපි නොදන්නවා වුනාට කස කසා අතීතයේදීත් මේද දහනය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. කස කසා ඇට වතුර ස්වල්පයක දාලා පැයක් විතර තියන්න. එහි පිටත වතුර බුබුලක් වගේ ආවරණයක් හැදෙනවානේ. ඒ කස කසා ඇට වල තියෙන තන්තුමය කොටස. ඒවා වතුර උරාගනවා.

ඊට පස්සේ කස කසා, මි පැණි, ලෙමන් යුෂ සහ වතුර ඔක්කොම එකට බ්ලෙන්රඩයට දාලා බ්ලෙන්ඩ් කරන්න. හොඳින් මිශ්‍රණයක් හැදුනයින් පස්සේ මේක පානය කරන්න.



අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top