මෙහෙම කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම ඔයාලට මේ ප්‍රතිකාර ගෙදරදීම අත්හදා බලන්න පුළුවන්. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ පානයක් ගැනයි..
මේ පානය හදන්න හදන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ කැරට්...
කැරට් කියන්නේ විවිධ පෝෂ්‍ය ගුණයන්ගෙන් අනුන එළවළුවක්... ඒ වගේම කැරට් අධි රුධිර පීඩනයටත් දියවැඩියාවටත් ඉතාම ගුණදායි ආහාරයක්...
ඔයා මේ එළවළු උයලා කනවට වඩා ජූස් එකක් විදිහට බොන්න පුළුවන්නම් තමයි වඩා ගුණදායකයි...
කැරට්වල තියෙන සෞඛය ප්‍රතිලාභ
- ප්‍රතිශක්තිය වර්ධනය හා හදවත රුධිරවාහිනී පද්දතියේ ක්‍රමවත් ක්‍රියාකාරිත්වය පවත්වා ගෙන යාම
- ශරීරයේ කොලෙස්ටරොල් මට්ටම අවම කිරීම
- පිළිකා ඇතිවීම වැලක්වීම
- සම මත කුරුලෑ හටගැනීම පාලනය කිරීම විටමින් A බහුල ආහාරයක් වීම (මේ විටමින් ඔයාට පැහැපත් සමක් ලබාදෙනවා)
- සිරුරේ කැල්සියම් අවශ්‍යතාවය සපුරාලීම
- ආහාර ජීරණය පහසු කරවීම
දැන් අපි බලමු මේ කැරට් පානය හදාගන්නේ කොහොමද කියලා
අවශ්‍ය ද්‍රව්‍ය..
කැරට් කිලෝ භාගයයි
පිරිසිදු මී පැණි මේස හැදී 4ක්
ජලය
සකස් කර ගන්නා ආකාරය
- මුලින්ම කැරට් ටික හොදින් පිරිසුදු කරගෙන කුඩා කෑලිවලට කපාගන්න ඕන.
- ඊට පස්සේ කැරට් කැලි මෙලෙක් වෙන තරමට තම්බ ගන්න ඕන. තම්බ ගත්තු වතුර ටික විසි කරන්න එපා
- එහෙම තම්බගත්තු කැරට් කෑලි ටික අරන් බ්ලෙන්ඩර් එකකට දාල ජුස් එක හදාගන්න ඕන.
- ඊළට අපි කලින් කැරට් තම්බන්න ගත්ත වතුර ටික කෝප්පයකට දාල ඒකටම මී පැණි ටිකත්
එකතු කරගන්න.
- දැන් අපි හදාගත්ත කැරට් තලපය ඒකට එකතු කරගෙන හොදට කවලම් කරගන්න.
ඔන්න අපි කැස්ස සුවකර ගන්න පුළුවන් කැරට් පානය හදාගෙන ඉවරයි. අපි හදාගත්ත මේ පානය ශිතකරණයක තියන්න අමතක කරන්න එපා. ඔයා හැමදාම මේ පානයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් බොන්න ඕන. දවස් 2ක් ඇතුලත ඔයාට සහනයක් ලැබේවි. මේ බේත ඔයාගේ පෙනහළුවල තියෙන සෙම ඉවත් කරනවා වගේම කැස්සටත් ලොකු සහනයක් ගෙනදෙන බව විශ්වාසයි.
අන්තර්ජාලය ඇසුරෙන්..