Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
08
රෝග රැසකට එකම බෙහෙතක්...

- රෝග රැසකට එකම බෙහෙතක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42 Views

කවුරු වුණත් කැමතියි නේ කටට රසට කන්න..

මේ කියන්න යන්නේ අන්න එහෙම කටට රසට කන්න නැතුවම බැරි තවත් එක දෙයක් ගැනයි..


මොනවා ගැනද මේ කියන්නේ... ලංකාවේ අපි කාටත් හුරු පුරුදු රතුලූනු ගැන තමයි මේ කියන්න යන්නේ..

සම්බලට, බැදුමට, අච්චාරුවට, ලුණුමිරිසට විතරක් නෙවෙයි සෑම ව්‍යංජනයකටම නැතිවම බැරි දෙයක් තමයි රතුලූනු. ආහාර රුචිය වඩවන්නත්, ආහාරයට නැවුම් සුවඳක් එක් කරන්නත් ආහාර රසවත් කරන්නත් යොදා ගන්න රතුලූනු අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අනුව ඉතා අගනා ඖෂධයක්. රතුලූනුවල පවතින ඖෂධීය ගුණ රාශියක් අතරෙන් කිහිපයක් කීවොත් ආහාර රුචිය වඩවන්නත්, ශරීරයට ජවය ශක්තිය ලබා දෙන්නත්, රතුලූනු ඉතාමත්ම ගුණදායකයි. රතුලූනු පලාණ්ඩු යන නමින් හඳුන්වනවා.

එහි අර්ථය තමයි ශරීරය සියලු රෝගයන්ගෙන් රැකීම යන අදහස. තීක්ෂණ ගන්ධ, යවනේෂ්ඨ යන අන්වර්ථ නම්වලිනුත් රතු ලූනු හඳුන්වනවා. මෙහි ප්‍රභේද 3ක් පවතිනවා. ශ්වේ පලාන්ඩු, රාජ පලාණ්ඩු, රක්ත පලාණ්ඩු තමයි ඒ ප්‍රභේද තුනට. සුදු ලූනු, රාජ ලූනු, රතු ලූනු යනුවෙන් සිංහලෙන් ව්‍යවහාර කෙරෙනවා. රතු ලූනුවලත් වර්ග දෙකක් පවතිනවා. තද රෝස පැහැති කුඩා රතු ලූනු සහ රෝස පැහැති ලොකු රතුලූනු ඒ දෙක. පොදුවේ රතු ලූනුවල පවතින ගුණ සඳහන් කළොත් ශරීරයේ සෙම බුරුල් කර ඒවා බැහැර කරන්නත්, ශරීරයේ වේදනා නැති කරන්නත්, වාත රෝග නැති කරන්නත්, ආහාර රුචිය ඇති කරන්නත් රතු ලූනු ඉතාමත්ම ගුණදායකයි.

ෆෝලික් ඇසිඩ්, පොටෑසියම් සහ සල්ෆර් සංයෝගයක් රතු ලූනුවල අන්තර්ගතයි. ගෙන්දගම් අඩංගු රසායනික ගුණය නිසා රතුලූනු අධික සැරකින් සමන්විතයි. ඉහත සඳහන් කළ රසායනික ගුණ හේතුවෙන් නින්ද අඩු අයට නිසියාකාර නින්දක් ලබාදීමට රතු ලූනුවලට පුළුවන් කියලා පර්යේෂණ මට්ටමින් අපි තහවුරු කරගෙන තිබෙනවා. දිනපතා රාත්‍රි ආහාර වේලට රතු ලූනු සලාද හෝ රතු ලූනු ඉස්ම වීදුරුවක් පානය කරනවා නම් මේ ඖෂධයේ පවතින නිද්‍රාකාරී ගුණ නිසා යහපත් නින්දක් ලබන්නත් පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන වැඩවල නිරතවන දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරන්නත් රතු ලූනු ඖෂධයට පුළුවන්. දිනපතා නිරෝගීව සිටීමට කැමැති නම් මතක ශක්තිය රඳවා තබා ගැනීමට කැමැති නම් දිනපතා උදෑසන රතු ලූනු යුෂ කෝප්ප භාගයක් එළඟිතෙල් මේස හැන්දක් මිශ්‍ර කර හිස් බඩට බොන්න. එමඟින් ස්නායු ශක්තිය වර්ධනය වී මතක ශක්තිය වැඩිවී නිරෝගී ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්.

කෙට්ටු අයට මහත් වෙන්න බෙහෙතක්..

කාලයක් තිස්සේ රෝගාතුර වී සිටීම නිසා හෝ වෙනත් හේතු මත ශරීරය කෘශ වීම හෙවත් දුර්වල වීම, කෙට්ටු වීම වෙන්න පුළුවන්. එවන් ශරීරය කෙට්ටු අයගේ සිරුර නැවතත් පුෂ්ටිමත් වීමට රතු ලූනු යුෂ සමඟ සූකිරි මිශ්‍ර කරලා දිනපතා උදේ සවස බොන්න. මාස කිහිපයකදී කෙට්ටු බවින් මිදෙන්න ඔබට එමගින් හැකිවේවි.

ඔළුවේ කැක්කුමට..

අධික ලෙස හිස රුජාවක් හටගත් අවස්ථාවකදී පොල්තෙල් ස්වල්පයක් සමඟ රතුලූනු යුෂ කකාරා නිවාගෙන හිසේ ආලේප කළොත් හිසරදය ඉක්මනින් සුව කරගන්න පුළුවන්.

පීනස – ඇදුම – කැස්ස නසන රතුලූනු කෂාය මෙන්න..

අද වන විට හුඟ දෙනකු පීඩා විඳින රෝගයක් තමයි පීනස කියන්නේ. යමෙක් පීනස රෝගයෙන් පෙළෙනවා නම් රතු ලූනු යුෂ හා ගොටුකොළ යුෂ එකට මිශ්‍ර කර දින කිහිපයක් උදේ සවස පානය කරන්න. පීනසට එය ඉතා ගුණයි. පීනස රෝගය, ඇදුම, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව රෝගවලින් පෙළෙන අයට රතු ලූනු කෂායක් සාදාගන්න හැටි මම කියන්නම්. රතු ලූනු, ගොටුකොළ නැටි, වළඟසහල්, ඉඟුරු පියලි කළං තුන බැගින් අරගෙන එය මුට්ටියකට දමා වතුර පත 8ක් එක් කර පත 1ට සිඳුවා පත භාගය බැගින් උදේ සවස බොන්න. දින කිහිපයක් මෙය කළොත් සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. ඉහත රෝගවලින් පෙළෙන අය රතු ලූනු කොළ සලාද ලෙස හෝ රතු ලූනු යුෂ ලෙස ගැනීමෙනුත් ආහාර සඳහා රතුලූනු වැඩි වශයෙන් යොදා ආහාරයට ගැනීමෙන් රෝග සුව කරගන්න පුළුවන්. උගුරේ සෙම අවස්ථාවකදී රතු ලූනු යුෂ විනාකිරි හා මිශ්‍ර කර උගුර සෝදන්න. සෙම ඉක්මනින් ඉවත් වෙනවා.

මුහුණේ කුරුලෑ නසන රතුලූනු ප්‍රතිකාරය..

අධික වේදනා සහිත ආර්තව තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් ආර්තවයට පෙර රතු ලූනු ගෙඩි තම්බා හෝ අමුවෙන් වැඩි වශයෙන් ආහාරයට ගන්න. වේදනාකාරී තත්ත්වය එමඟින් සුව වෙනවා. ඇතැම් කාන්තාවන්ගේ මුහුණේ ලප කැළැල් කුරුලෑ විශාල වශයෙන් දක්නට ලැබෙනවා. එය සුන්දරත්වයට හානියක් වගේම ඇයටත් ඉමහත් පීඩාවක් ගෙන දෙන්නක්. එවන් ලප කැළැල් කුරුලෑ සහිත මුහුණකට රතු ලූනු ඉස්ම හා කහ මිශ්‍ර කර දෛනිකව ආලේප කරනවා නම් දින කිහිපයකින් දීප්තිමත් පැහැබර සමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉස්හොරි, උකුණන් කරදරය නිසා පීඩාවට පත්වී සිටින කාන්තාවන්ටත් රතු ලූනු හොඳ විසඳුමක්. දිනපතා රතු ලූනු ගෙඩි කිහිපයක් තළා හිසේ ආලේප කර පැයක් පමණ හිඳ හිස සෝදන්න. දින කිහිපයකින් ඉස්හොරි, උකුණො කරදරෙන් ඔබට මිදෙන්න පුළුවන්.

රතගාය හැදුණු ළමයින්ට කෂායක්..

පුංචි දරුවන්ට රතගාය තත්ත්වයන් නිසා හටගන්නා උණ රෝගවලට රතු ලූනුවලින් සාදාගත් කෂායක් දෙන්න පුළුවන්. රතුලූනු, සුදු හඳුන්, වැල්මී, රත් හඳුන් කළං එකයි මංචාඩි එකක් අරගෙන ඒවා මුට්ටියකට දමා වතුර පත 4ක් මිශ්‍ර කර පත භාගයක් වන සේ සිඳ ගන්න. ඉන්පසු එය පෙරා උදේ පත කාලයි සවස පත කාලයි වෙන්න පුංචි දරුවන්ට බොන්න දෙන්න. ඒ වගේම කුඩා දරුවන්ට පණු රෝග හැදුණු අවස්ථාවකදී රතු ලූනු යුෂ අරගෙන දිනකට තේ හැඳි එක බැගින් දින 5ක් බොන්න දෙන්න. පණු රෝගය එමඟින් සුව වේවි.

තුවාල සුව කරන රතුලූනු..

රතු ලූනු කියන්නේ වේදනා නාශක ද්‍රව්‍යයක්. එනිසා රතු ලූනු හමේ බාහිර ඉදිමුම්, තැළීම්, වේදනා වගේම තුවාලවලටත් සුවය සලසනවා. ශරීරයේ තැළීමකදී හෝ හන්දිපත් වේදනාවකදී ඇතිවන අපහසුතා මඟ හරවන්න රතු ලූනු අඹරා මඳක් රත් කර වේදනා සහිත ස්ථානයේ ආලේප කරන්න. ඒ වගේම කල් ගතවූ විස බිබිළි, සැරව බිබිළි නිසා ඇතැම් අය පීඩාවට පත්ව සිටිනවා. රතු ලූනු උණු අළුපල්ලේ තම්බා ගිතෙල්වලින් අඹරා සැරව ගෙඩිවල ආලේප කරන්න. ඉන්පසු සැරව ගෙඩි, විස බිබිළි පුපුරා සැරව ගලා තුවාලය සුව වීම ඉක්මන් වෙනවා. කල් ගතවූ සුව නොවන තුවාල සුව කර ගන්නත් රතු ලූනු ඔෟෂධය ගුණදායකයි. රතුලූනු ගෙඩි කිහිපයක් අරගෙන පොල් කිරෙන් තම්බාගෙන අඹරා තුවාලයේ ආලේප කරන්න. දින තුනක් වගේ යද්දි තුවාලය සුව වේවි.

සතියකින් අර්ශස් නසන රතුලූනු කෂාය හදන හැටි..

අද සමාජයේ බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන රෝගයක් තමයි අර්ශස් කියන්නේ. රුධිරය පිටවන අර්ශස් රෝගීන්ටත් සාමාන්‍ය අර්ශස් රෝගීන්ටත් සුවය පිණිස පානය කරන්න පුළුවන් ඔෟෂධීය කෂායක් මම කියන්නම්. රතු ලූනු කොහිල දලු, බිංකරල් හැබ හා උඳුපියලිය කළං 2 බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත අටක් එක් කර එය පත එකක් ලෙස සිඳුවා දිනපතා උදේ සවස පත භාගය බැගින් බොන්න. මේ කෂාය සතියක් පානය කළොත් අර්ශස් රෝගයෙන් මිදෙන්න හැකි වේවි.

බුලත් කාලා මත් වුණොත් මෙහෙම කරන්න..

ඇතැම් අවස්ථාවලදී වැඩිහිටි අය බුලත් විටක් කෑ අවස්ථාවක දුම්කොළ අධික ලෙස කැවුණොත් මත් වෙනවා. එවන් මත්වීමක් ආ විටදී බුලත් විට විසි කර කට සෝදා රතු ලූනු යුෂ ස්වල්පයක් බොන්න. මත් වීම නැති වෙනවා. ගෝනුසු, පත්තෑ ආදී සත්ත්වයන් කෑවම ඒ විෂ නිසා ශරීරය ඉදිමීමක් වෙනවා. එවන් සත්ත්ව දෂ්ටනයකදී වහාම රතු ලූනු ගෙඩියක් තළා එහි යුෂ සත්ත්ව දෂ්ටනය වූ තැන ආලේප කරන්න. රතුලූනුවල පවතින රසායනික ඔෟෂධීය ගුණය නිසා සත්ත්ව විෂ විනාශ වෙනවා.

දියවැඩියාවට, කෙලෙස්ටරෝල්වලට, ගුණදෙන රතුලූනු..

දිනකට ආහාර ගැනීමට අමතරව වෙනත් වේලාවන්වලදී වරින් වර රතු ලූනු ආහාරයට ගැනීම ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉතා ගුණදායකයි. ඒ වගේම හෘදයාබාධ මඟහැරීමටත් මේ වටිනා ඖෂධයට හැකියාවක් පවතිනවා. ශරීරයේ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව පැවැත්වීමේ හැකියාව මෙම අගනා ඔෟෂධය සතුව පවතින නිසා දියවැඩියා රෝගයෙන් පෙළෙන අයටත් රතු ලූනු ඉතා ගුණදායකයි. වයසත් සමඟ තලත්තෑනි වන පුද්ගලයන්ට හන්දි දිරා යෑමේ රෝග තත්ත්ව නිසා හන්දි ඉදිමුම, වේදනාව ඇතිවීමේ අවදානමක් තියෙනවා. එවන් වේදනාකාරී තත්ත්වයකදී රතුලූනු ගෙඩි 4ක් පමණ කපා තල තෙලේ හෝ එඬරු තෙලේ බැද කහ කුඩු ස්වල්පයක් එයට මිශ්‍ර කර පොට්ටනියක බැඳ වේදනාකාරී හන්දි ඒ පොට්ටනියෙන් තවන්න.

රතුලූනු යුෂ ගන්න හැටි..

සෑම ඖෂධයකටම රතු ලූනු යුෂ ගන්නේ සාමාන්‍ය ආකාරයට තළලා නෙවෙයි. ඔෟෂධ සඳහා රතු ලූනු යුෂ ගන්නේ මෙහෙමයි. රතු ලූනු ගෙඩි කිහිපයක් අරගෙන පොතු ඉවත් කර කුඩා කැබැලිවලට කපා ගන්න. ඉන්පසු ඒ කැබලි වතුර කෝප්ප භාගයකට දමා පැය 2ක් පමණ දියේ තබා ඉන්පසු ඒ කැබලි පොඩිකර රතු ලූනු යුෂ ගන්න. රතු ලූනු අන්තර්ගත සාම්ප්‍රදායික විවිධ ඔෟෂධ ඔබට ර්ණීර්ථීච් මට්ටමෙන් පවා ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. පීනස වැනි රෝග තත්ත්වයකදී රතු ලූනු තෛලය ඔබට ඔෟෂධහල්වලින් ලබාගන්න පුළුවන්. ඒ වගේම මාන්දම, මන්දපෝෂණය වැනි රෝගවලට බොන්න වගේම හම රළු වූ විට ආලේප කරන්නත් සුදුසු තෙලක් තමයි ග්‍රහනි චන්ද්‍රකාන්ති තෛලය. ඒ තුළත් රතු ලූනු ඔෟෂධය සම්පාදිතයි. ඒ වගේම සෙම් රෝග සඳහා සුදුසු නිෂාධි තෛලයේත් රතු ලූනු ඖෂධය අන්තර්ගතයි.


අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top