ගැහැනු ළමයින්ට තියෙන බරපතලම ප්‍රශ්නවලින් එකක් තමයි බඩ...
සුන්දර පිරිපුන් සිරුරක් ප්‍රාර්ථනා කරන ඕනම ගෑනු ළමයෙක් "සිරුර පිරිපුන් වුණාට බඩ පිරිපුන් වෙනවට කැමති නැහැ..
"ඉඟ සුඟ ගත හැක මිටින" විදියේ ඇඟක් තියෙනකොට තමයි ලස්සන ඇඳුම් අඳින්න පුළුවන් වෙන්නේ.. ඇඟ ගානට තිබ්බට බඩ ලොකුවට එන වෙලාවලුත් තියෙනවා.. මහත නිසා බඩ නෙරා එන අවස්ථා තමයි වැඩිපුරම තියෙන්නේ..
කොහොම වුණත් බඩ නිසා කාන්තාවෝ අපහසුතාවයට පත්වෙනවා.. විශේෂයෙන්ම ඡායාරූප ගන්න ගියාම ඡායාරූපය අරගෙන ඉවර වෙනකල්ම බඩ තද කරගෙන ඉන්න එක විශාල කරදරයක්..
අන්න ඒ නිසා තමයි උදේ පාන්දරට කරන්න පුළුවන් මෙන්න මේ ටිප් එක කියන්න යන්නේ..
කරන්න තියෙන්නේ පොඩි වැඩයි.. ඇල්මරුණු වතුර එකකට, දෙහි බිංදු කීපයක් දාලා පානය කරන්න.. හැබැයි ඉතින් දිගටම බොන්න වෙනවා..
ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් බෙහෙත් ගන්න.. බඩේ ගෑස් වැඩි උනාමත් බඩ ඉදිරියට නෙරා එනවා..
මල බද්ධය, හරියට වැසිකිලි යන්නේ නැති එක බඩ නෙරා එන්න හේතුවක්.. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් නිසි ප්‍රතිකාර ගන්න..
ඔයාට තියෙන්නේ උෂ්ණ ඇඟක් නම්, රෑට කොත්තමල්ලි ටිකක් වතුර දාලා උදේට පානය කරන්න.. හැබැයි සෙම වැඩිවෙන්න ඉඩ තියෙනවා..
හිස් බඩ හොඳට වතුර බොන්න පුළුවන්නම් බඩ අඩු කරගන්න පහසුයි.. ඒ විතරක් නෙවෙයි බොන වතුර එකට ඉඟුරු යුෂ චුට්ටක් දාලා බිව්වත් කමක් නෑ..
කෑම කනකොට හොඳට හපල කන්න ඕනේ..
නැත්නම් ආහාර දිරවන්න වැඩි වෙහෙසක් ගන්න වෙන නිසා බඩේ ගෑස් තත්වය වැඩි වෙනවා.. ඒක බඩ ඉදිරියට නෙරා එන්න හේතුවක්..
කෑවට පස්සේ කලයක් විතර වතුර බොන්න එපා.. වතුර උගුරු දෙකක් බීලා පස්සේ ටික ටික වතුර බොන්න..
කන්න පැය භාගයකට කලින් වතුර ගොඩක් බොනවා නම් යා කන ප්‍රමාණය සීමා කරගන්න පුළුවන්..
අන්තර්ජාලය ඇසුරෙන්.