Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
29
ගුණ ගැන දැනගෙනම කමු.. බත්පත රස කරන මුහුදු මාළු මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැනගෙන සිටියාද..?

- ගුණ ගැන දැනගෙනම කමු.. බත්පත රස කරන මුහුදු මාළු මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැනගෙන සිටියාද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ඔබත් හැමදාම වගේ ඔබේ කෑම වේලට ප්‍රෝටීන් අඩංගු ආහාරයක් එක්කරගන්නවා ඇති..

ඒ අතර මුහුදු මාළු කියන්නේ ගොඩක් ගෙවල්වල ජනප්‍රිය ආහාරයක්..


ඉතින් මේ අපි හැමදාම කන මාළු පෘථිවියේ තියෙන වඩාත් පෝෂ්‍යදයකම ආහාරයක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද...? මාළුවල ප්‍රෝටීන්, විටමින් D වැනි පෝෂක අන්තර්ගත වෙනවා.. ඒ වගේමයි ඔමේගා 3 මේද අම්ලයත් අන්තර්ගත වෙනවා... එය අපගේ කායික වගේම මානසික පැවැත්ම සදහාත් හේතු වෙනවා... ඉතින් දැන් අපි කියන්න යන්නේ පරීක්ෂණ මගින් ඔප්පු කරපු මාළු ආහාරයට ගැනීම නිසා ඇතිවන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැනයි..

1 ශරීරයට ඉතා වැදගත් නමුත් ශරීරයට අඩුවෙන් ලැබෙන වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් මාළුවල අන්තර්ගත වීම..
කෙටියෙන් කිව්වොත් ඕනෑම ජාතියක මාළු ආහාරයට ගැනීම ශරීරයට හිතකර වෙනවා. විටමින්, ඛනිජ ලවණ , අයඩින් ඒවගේමයි වැදගත් ප්‍රෝටීන් වර්ගත් මාළු තුළ අන්තර්ගත වෙනවා. විවිධ මාළු වර්ග අතරිනුත් මේදය බහුල මාළු ශරීරයට වඩාත් හිතකර වෙනවා. ඒ මේදය සමග බැදුණු පෝෂ්‍ය පදාර්ථ රාශියක් ඒවගේ අන්තර්ගත වෙන හින්ද. උදාහරනයක් විදිහට කිව්වොත් විටමින් D කියන්නේ මේද ද්‍රාව්‍ය විටමිනයක්.එය අප ශරීරය තුළ ස්ටෙරෝයිඩමය හොර්මොනයක් විදිහටත් ක්‍රියා කරනවා. අපි කලින් සදහන් කළා වගේම ඔමේගා 3 මේද අම්ලයත් මාළුවල අන්තර්ගත හින්දා එය අපගේ මොලයේ හා ශරීරයේ විවිධ ක්‍රියාවලි ප්‍රශස්තව පවත්වා ගැනීමටත් වැදගත් වෙනවා. ඒ වගේමයි බොහොමයක් රෝගවලට ඇති අවදානමත් මේ නිසා අඩු වෙනවා.

2 හෘදයාබාධ හා ආඝාතය වැනි රෝගී තත්ව ඇතිවීමේ අවදානම අඩුයි..

හෘදයාබාධ හා ආඝාතය කිව්වම ඉතින් වර්තමානයේ ඉතා සුලබ බෝ නොවන රෝග දෙකක්නේ. නිරෝගී හදවතක් පවත්වාගෙන යාමට අපිට ඉතා වැදගත් අහාරයක් ලෙස මාළු හදුන්වන්න පුළුවන්. පරීක්ෂකයන් කියන විදිහට මාළු දිනපතා අහාරයට ගන්න පුද්ගලයන්ට හෘදයාබාධ හා ආඝාතය වැනි රෝගී තත්ව ඇතිවීමේ අවදානම ඉතා අඩුයිලු.

3 ශරීරයේ වර්ධනයට ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථ මාළුවල අන්තර්ගත වීම...

ඔමේගා 3 මේද අම්ලය ශරීරයේ වර්ධනය හා විකසනයට ඉතා වැදගත් වෙනවා. docosahexaenoic acid (DHA) කියන මේද අම්ලය ශරීරයට ඉතා වැදගත් වෙනවා.ඒ එය මොලයේ හා ඇස් වල නිරෝගිභාවය වැඩිකරන්න හේතු වෙනවා.හැබැයි ගර්භණි කාන්තාවන්ට සමහරවිට මෙය හානිදායක වෙන්න පුළුවන්. ඒ සමහර මාළු වල රසදිය වැනි බැර ලෝහ තියෙන්න පුළුවන් හින්ද. එහෙම තිබ්බොත් එය දරුවාගේ මානසික වර්ධනයට බාධා ඇතිකරන්න පුළුවන්. එනිසා ගර්භණී කාන්තාවන් එනිසා ආහාර දාම වල පහල පෝෂි මට්ටම් වල ඉන්න මාළු ඒ කිව්වේ සැමන් ,සාඩින් වැනි මාළු තමයි ආහාරයට ගන්න ඕනේ. සතියකට ග්‍රෑම් 340 කට නොවැඩි වන විදිහට තමයි එත් කන්න ඕනේ. ඒවගේමයි නොපිසින ලද මාළු ගර්භණි කාන්තාවන් විසින් ආහාරයට නොගත යුතුයි .ඒ කළලයට හානිදායක ක්ෂුද්‍ර ජීවින් මාළුවල අන්තර්ගත වෙන්න පුළුවන් නිසා.

4 මොලයේ ධුසර ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිකරන අතර වයස්ගත වන විට සිදුවන එහි පිරිහීයාම අවම කරයි..

මෙය සාමාන්‍ය තත්වයක් වුවත් ඇල්සය්මර් රෝගය ( Alzheimer’s disease) වැනි භයානක ස්නායු අබාධත් මෙනිසා ඇති වෙන්න පුළුවන්. පරීක්ෂකයන් පවසන අන්දමට මාළු වැඩිපුර අහාරයට ගන්න පුද්ගලයන්ට ඉහත කී තත්ව ඇතිවීමේ අවදානම ඉතාමත් අඩු මට්ටමක තමා පවතින්නේ. ඉහත සදහන් කල ධුසර ද්‍රව්‍ය අපගේ මොලය තුල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.මන්ද අපගේ මතකය ඒවගේමයි සමෝධනයට වැදගත් වන නියුරෝන එහි අන්තර්ගත වෙන නිසයි.

5 මානසික ආතතිය අඩුකරන්න වගේම ඔබව ප්‍රීතිමත් පුද්ගලයෙක් කරන්නත් මාළු උදව් වෙනවා..

වර්තමානයේ ඉතා සුලබ මානසික අබාධ තත්වයක් විදිහට මානසික හදුන්වල දෙන්න පුළුවන්. හෘදයාබාධ හා ස්ථුලතාවය හැරුණු විට ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් විදිහට මානසික ආතතිය හදුන්වල දෙන්න පුළුවන්. පරීක්ෂකයන් පවසන අන්දමට මාළු දිනපතා ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය අඩුවෙනවා වගේම ඔබව ප්‍රීතිමත් පුද්ගලයෙක් බවට පත්වෙනවලු. ඒවගේමයි මාළු වල අන්තර්ගත ඔමේගා 3 මේද අම්ල මානසික ආතතිය අඩු කිරීමට හේතුවෙනවා වගේම මානසික ආතතිය සදහා වූ ප්‍රතිකර්මවල ඵලදායිතාවය වැඩිකරනවා.

6 මාළු විටමින් D ශරීරයට සපයන ප්‍රධාන ප්‍රභවයක් ලෙසට ක්‍රියාකරනවා..

විටමින් D කියන්නේ ශරීරයට ඉතා වැදගත් පෝෂකයක් කිව්වොත් නිවැරදි. එය ශරීරය තුල ස්ටේරෝයිදාමය හොර්මෝනයක් වශයෙනුත් ක්‍රියා කරනවා.ඒ වගේමයි සැමන් මාළු ග්‍රෑම් 113 ක් වගේ ප්‍රමාණයකින් ශරීරයට අවශ්‍ය විටමින් D 100% ක් ම ලැබෙනවා. එමෙන්ම මත්ස්‍ය තෙල්ද විටමින් D වලින් පරිපුර්ණ වෙනවා. හරියටම කිව්වොත් මේස හැදී 1ක් වගේ සුළු ප්‍රමාණයකින් 200%ක් ශරීරයට අවශ්‍ය විටමින් D ලැබෙනවා.

7 දියවැඩියාව (type 1) වැනි බෝනොවන රෝග ඇතිවීමේ අවදානම අඩුකරනවා..

වර්තමානයේ ඉතා සුලබ රෝගී තත්වයක් විදිහට දියවැඩියාව හදුන්වල දෙන්න පුළුවන්. එනිසා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අග්න්‍යශයේ පවතින ඉන්සියුලින් නිෂ්පාදක සෛල වලට පහරදීලා ඒවා විනාශ කරනු ලබනවා.විවිධ අධ්‍යනයන්ට අනුව ඔමේගා 3 මේද අම්ල හෝ මත්ස්‍ය තෙල් නිසා කුඩා දරුවන් තුල දියවැඩියාව (type 1) ඇතිවීමේ අවදානම අඩුවෙනවා වගේම වැඩිහිටියන්ටද එය එම ආකාරයෙන්ම බලපාන්න පුළුවන්. රුමටයිඩ් අතරයිටිස්, ශරීරයේ පටක ඝනවීම වැනි සංකුලතාද මාළු ආහාරයට ගැනීම නිසා අඩුවෙන බව කියන්න පුළුවන්.

8 දරුවන්ව ඇදුම රෝගයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වෙයි...

ඇදුම රෝගය පසුගිය දශක කීපයක කාලය තුල වාර්තාගත ලෙස ඉහල ගිය ශ්වසන මාර්ගයේ ඇතිවන ප්‍රදාහ තත්වයක් නිසා ඇතිවන රෝගයක්. පරීක්ෂකයන් කියන විදිහට මාළු අහාරයට ගැනීම හින්දා කුඩා දරුවන්ට ඇදුම වැලදීමේ අවදානම 24%කින් අඩුවෙනවලු.හැබැයි වැඩිහිටියන් සම්බන්ධයෙන් නම් ඔය කියන විදිහේ ප්‍රතිපලයක් ලැබෙන නෑලු.

9 වයස්ගත වුවත් ඔබේ ඇස් පෙනීම හොදින් පවත්වා ගන්නත් මාළු උදව් වෙනවා...

වයස්ගත වන විට ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දෙන්න සිදුවෙන තත්වයක් තමයි ඇස් පෙනීම අඩුවෙන එක. මේ තත්වය macular degeneration ලෙස හදුන්වන්න පුළුවන් සමහරවිට මේ තත්වය අවසානයේදී අන්ධභාවය සදහාත් හේතුවෙන්න පුළුවන්.දිනපතා මාළු ආහාරයට ගැනීම නිසා කාන්තාවන් තුල මෙම රෝගය ඇතිවීමේ අවධානම 42%ක් වගේ ප්‍රමාණයකින් අඩුවෙනවා.ඒ වගේමයි සතියකට එකවරක් බැගින් මේදය බහුල මාළු ආහාරයට ගැනීමෙන් පිරිමින් තුල 53%ක් පමණ මෙම රෝගය වැලදීමේ අවධානම අඩුවෙනවා.

10 නින්දේ ගුණාත්මකභාවය වැඩිකිරීමට හේතු වෙනවා..

බොහොමයක් පුද්ගලයන් අද මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් තමයි නින්ද නොයාම හා එහිදී ඇතිවන සංකුලතා. මේ සදහා හේතු රාශියක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම උනත් විටමින් D ද මෙහිදී වැදගත් කර්යභාරයක් ඉටුකරනවා.මාස 6ක් පුරාවට මැදි වයසේ පසුවන පිරිමින් 95 දෙනෙක් යොදාගෙන කරපු පරීක්ෂණයක් මගින් තමයි මේක තහවුරු කරගෙන තියෙන්නේ.එහිදී සතියකට තුන්වරක් සැමන් සහිත අහාර වේලක් ඔවුන්ට ලබාදීලා තියෙනවා.පරීක්ෂකයන් කියන විදිහට එය ඔවුන්ගේ නින්ද හා කායික ක්‍රියාවලි වල විශාල වර්ධනයක් සදහා හේතු වෙලා තියෙනවලු.


අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top