මේ නිසා එම වී කෙටීමේදී පෝෂ්‍ය පදාර්ථයන් අඩංගු ඇතැම් කොටස් ඉවත් වීමක් සිදු වෙනවා... ගෘහස්ථව වී කෙටීමේදී මෙය තරමක් දුරට අඩු වුණත්, වී මෝල්වලදී යන්ත්‍රානුසාරයෙන් වී කෙටීමේදි මෙම හානිය ඉතාම වැඩියි...
ඒ වගේම සාමාන්‍ය සහල් වර්ග සේදීමේදීත් ඒවායේ අඩංගු ජල ද්‍රාව්‍ය බොහෝ පෝෂ්‍ය කොටස් ඉවත් වෙනවා...
සහල් අනිවාර්යයෙන් සේදිය යුතු නිසා අපිට එය මගහරවා ගැනීමට ක්‍රමයක් නෑ..
නමුත් තම්බපු සහල් වල මෙම ක්‍රියාවලිය තරමක් වෙනස්..
වී තැම්බීම ප්‍රධාන පියවර 3ක් යටතේ සිදු කරනවා..
1. ජලයේ පෙගවීම: මෙහිදි වී වල තෙතමනය ඉහළ යාමක් සිදුවෙනවා
2. හුමාලයේ තැම්බීම: මෙහිදි සහල් වල පිටත් ස්ථර වල අඩංගු වන පෝෂ්‍ය කොටස් ඇතුලු ස්ථර වලට ගමන් කර පහසුවෙන් ඉවත් නොවන පරිදි තදින් සම්බන්ධ වේ. මීට අමතරව පිෂ්ටය ජෙලටිනීකරණයට ලක්වන අතර ඇතැම් බැක්ටීරියා වර්ග විනාශ කිරීමක්ද මෙම පියවරේදි සිදුවේ.
3. වියළීම. හිරු එලියේ වියලීම තුලින් වී කෙටීමට සුදුසු වන පරිදි තෙතමනය ඉවත් කිරීම සිදු කරයි.
තැම්බූ සහල් තරමක් කහ පැහැතී. මේකට හේතුව වී තැම්බීමේදී වී පොත්තේ සහ පිටත ස්ථර වල අඩංගු වර්ණක සහල් ඇටයට ගමන් කිරීමයි.
අපි දැන් බලමු තැම්බූ සහල් වල පෝෂණය පිලිබදව
තම්බපු සහල් වල අනෙක් සහල් වලට සාපේක්ෂව වැඩි වශයෙන් විටමින් B1 හා විටමින් B3 අඩංගු වෙනවා...
මෙම පෝෂ්‍ය කොටස් ශක්තිය නිශ්පාදනයට අත්‍යාවශ්‍ය වන අතර මීට අමතරව තම්බපු සහල් වල පෝටීන හා තන්තු ප්‍රමාණයත් අනෙක් සහල් වලට වඩා වැඩීයි...
මීට අමතරව සහල් ඇටය ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල නිසා අපි අනුභව කරන ප්‍රමානයත් සාපේක්ෂව අඩුයි. ඒ නිසා සිරුරේ බර අඩු කරගනීමට වෙහෙසෙන බොහෝ දෙනාට තම්බපු සහල් බොහොම වටින දෙයක්..
ඒ වගේම අනෙක් සහල් වලට සාපේක්ෂව තම්බපු සහල් ආහාරයට ගැනීමෙන් රුධිර ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යන්නේද ඉතාම අඩු ප්‍රමාණයකින්. ඒ නිසා දියවැඩියා රෝගීන්ටත් තම්බපු සහල් සුදුසුයි..