තම පාසැලේ ඉගෙනුම ලැබූ 8 වසරේ සිසුවෙකු සමඟින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගත් වයස අවුරදු 24ක ගුරුවරියක් එම සිසුවා අතින් ගැබ්ගත් පුවතක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේ වන අතර මෙම ගුරුවරිය ඉන්ස්ටග්‍රැම් ඔස්සේ සිසුවා සමඟින් පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා.
එක් දිනක් සිසුවා පාසැල් නොපැමිණි නිසා ඒ පිළිබඳව විමසමින් ඔහුගේ දුරකථන අංකය දෙදෙනා විසින් හුවමාරු කරගෙන ඇති අතර ඉන් පසුව විවිධ අවස්ථාවලදී නොයෙක් තැන්වල දෙදෙනාම හමුවී තිබෙනවා.
මෙම ගුරුවරියට එක් දරුවෙකුද සිටින අතර ඒ පිළිබඳව නොතකා ඇය 8වසරේ සිටින සිසුවා සමඟින් හාදකම් පවත්වා ඇති අතර යම් අවස්ථාවල ඇයගේ වාහනයෙන් රැගෙන ගොස් ඔහු නිවසට ඇරලීමට ඇය කටයුතු කර තිබෙනවා.
එලෙස එක් දිනක නිවසට යන අවස්ථාවේ එහි සිසුවාගේ දෙමාපියන් නොසිටි නිසාවෙන් ඔවුන් අඹුසැමියන් ලෙසින් හැසිරී ඇති බවත් ඇය පසුව සිසුවා නිසාවෙන් ගැබ්ගත් බවත් අධිකරණ වාර්තාවල දැක්වෙනවා.
මේ හේතුවෙන් ඇය ගැබ්ගත් දරුවා ගබ්සා කරගෙන ඇති අතර මේ දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳව පාසැල පුරා කතාබහක් ඇතිව තිබෙනවා. ඊට පසුව සිසුවාගේ දෙමාපියන්ටද සිද්ධිය සැලවී ඇති අතර ඔවුන් මෙම ගුරුවරිය තම පුතාගේ පෙම්වතිය ලෙසින් භාරගැනීමට කැමැත්තෙන් පසුවන බවටද විදෙස් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.