Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
ඔයාත් සීනි කන්න කොච්චර ආසද..? එහෙනම්, මේ ගැන ඇහුවොත්, ඇත්තමයි ඔබ පුදුම වේවි.. ..

- ඔයාත් සීනි කන්න කොච්චර ආසද..? එහෙනම්, මේ ගැන ඇහුවොත්, ඇත්තමයි ඔබ පුදුම වේවි.. ..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ශ්‍රී ලංකාවේ වාර්තා වන මරණ සදහා තුන්වන ප්‍රධානතම හේතුව පිළිකාවයි...

සෑම වර්ෂයක දී ම පිළිකා රෝගීන් 15,000ක් පමණ අලූතින් වාර්තා වෙනවා..


සෑම වර්ෂයක දී ම පියයුරු පිළිකා රෝගයෙන් පමණක් දෙදහසක් පමණ මිය යනවා... ලංකාවේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ග්‍රෑම් 100කට වඩා අනුභව කරයි. දිනකට අනුභව කළ හැකි උපරිම සීනි ප්‍රමාණය ග්‍රෑම් 50ක්..

හතර වරිගෙ කාටවත් පිළිකා රෝගය නො වැලඳුණු නිවසකින් අබ අහුරක් ගෙන එන්නැයි ලංකාවේ කාට හෝ පැවසුවහොත් එය නො අනුමානව අසීරු කාරණාවක් වනු ඇතියි... කෙනෙකු වෛද්‍යවරයෙකුගෙන් අසන්නට අකමැති ම, අමිහිරි ම වචන දෙකක් අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දැන් අසමින් සිටියි...
හැත්තෑවේ දශකයේ පටන්, තරුණ වියේ උදවිය හා ළමුන් හැට ගුණයකින් පමණ මෙම රෝගයට බිලි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ථාවලට අනුව පැහැදිලි වෙනවා.. සංවර්ධිත රටවල අද්භූත ආකාරයෙන් පැතිරෙමින් පවතින පිළිකා වසංගතයෙන් අපේ රටට ද ගැලවීමක් නො මැති බව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛණවලින් හෙළි වේ. අඩු වයසේ කාන්තාවන් පියයුරු පිළිකා රෝගයටත්, කිසිදා දුම් පානය හෝ මත්ද්‍රව්‍යය භාවිත නො කළ, නිරෝගී යැයි පෙනෙන තරුණයින් පිළිකා රෝගයට ගොදුරු වෙමින් පවතින බවත් පෙනෙන්නට තිබෙනවා..

කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, මත් ද්‍රව්‍යය භාවිතය, වස විස සහිත ආහාර, පරිසර දූෂණය, ව්‍යායාම අඩුකම, මානසික පීඩනය වැනි හේතු පිළිකා සඳහා හේතු වන බව, කේක්, බිස්කට් කමින්, සුදු සීනි යහමින් දැමූ කිරි තේ බොමින් සාකච්ඡා කරන සම්මන්ත්‍රණ මේ මොහොතේත් ලෝකය පුරාම පැවැත්වෙනවා නිසැකය. එහෙත් සීනි, පිළිකා රෝගය සඳහා ප්‍රබල වශයෙන් බලපාන බව ඒ බොහෝ දෙනෙකු නො දන්නවා ඇත. නො තකනවා ඇත.

අප බොහෝ දෙනෙකු සීනි නිසාවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් වන දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව, අධික කොලෙස්ටරෝල්, වකුගඩු ආබාධ වැනි රෝගාබාධ පිළිබඳ ව දැන සිටියත් සීනි සහ පිළිකාව අතර ඇති සම්බන්ධය පිළිබඳ ව ලොව පුරා ම ප්‍රමාණවත් පරිදි සාකච්ඡා කෙරී නැත. නො එසේ නම් දෙස් විදෙස් ආහාර කර්මාන්තකරුවන්ගේ ඊනියා වෙළඳ සාමය වෙනුවෙන් අමතක කරවා, යටගසා ඇත.

සීනි සහ පිළිකා රෝගය අතර සම්බන්ධය සොයා ගෙන ඇත්තේ අද ඊයේක නො ව, වර්ෂ 1931 දී තරම් ඈත කාලයේ දී ය. මෙම සොයා ගැනීම සිදු කළ ජර්මානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ඔටෝ හෙන්රිච් වෝබ්මාන් හට 1931 වර්ෂයේ දී වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොඛෙල් තෑග්ගද පිරි නැමී ඇත. උග්‍ර වර්ධකවල (Tumers) පරිවෘත්තිය බොහෝ දුරට රඳා පවතින්නේ ග්ලූකෝස් පරිභෝජනය මත බව ඔහු පෙන්වා දී ඇත.

පිළිකා රෝගීන් හට, පිෂ්ඨය සහිත ආහාර ගැනීමට වැඩි රුචිකත්වයක් ඇති වීම ස්වාභාවික බවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. කෙනෙකුගේ ශරීරයේ කොතැනක හෝ පිළිකාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා කෙරෙන පෙට් (PET SCAN) යන්ත්‍රය මගින් මනිනු ලබන්නේ, වැඩිපුර ම ග්ලූකෝස් ප්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන ස්ථානයන් ය. එසේ ශරීරයේ යම් තැනක සෛල, සීනි පරිභෝජනය අධිකව සිදු කරන්නේ නම් එයට හේතුව පිළිකාවක් විය හැකි ය.

සීනි කෑමෙන් පිළිකා හැදෙන්නේ මෙහෙමයි

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඩේවිඞ් ශ්‍රීබර් මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ මෙහෙමයි. කෙනෙකු සුදු සීනි හෝ සුදු තිරිගු පිටි සහිත ආහාර වැඩිපුර අනුභව කරන විට, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වේගයෙන් ඉහළ නගී. මෙම ග්ලූකෝස් යාමනය කිරීම සඳහා ඉන්සියුලීන් හෝමෝනය වැඩි වැඩියෙන් ශ්‍රාවය කරයි. මෙම ඉන්සියුලීන් ශ්‍රාවයත් සමග, අයි. ජී. එස්. (Insulin Growth Factor) නමැති තවත් අනු වර්ගයක් නිකුත් වේ. එහි කාර්යභාරය වන්නේ, ෙසෙල වර්ධනය උත්තේජනය කිරීමයි. ප්‍රතිඵලය වන්නේ සීනි මගින් ෙසෙල පෝෂණය වී ඒවා වේගයෙන් වර්ධනය වීමයි. මෙම තත්ත්වය ප්‍රදාහය වැඩි වී, වර්ධන (Tumers ) වර්ධනය වීමට සරු කෙතක් ඇති කරවන තත්ත්වයකි.”

ඇමරිකානුවන් අතර සීනි සහ සුදු පාන් පිටි ආහාර පරිභෝජනය ඉතාමත් ඉහළය. සෑම ඇමරිකානු පුරවැසියන්ගෙන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු ම ස්ථුලභාවයෙන් පෙළෙන අතර, ඇමරිකානුවන් අතර, දියවැඩියා රෝගීන්ගේ ගණන ඉතා ඉහළ අගයක් ගනී. එමෙන් ම සෑම ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු ම මිය යන්නේ ද පිළිකා රෝගයෙනි.

මීයන් ආශ්‍රිත ව කර ඇති පර්යේෂණයකට අනුව රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි අවස්ථාවල දී ප්‍රතිපිළිකා ඖෂධ මගින් පිළිකා ෙසෙල විනාශ කිරීම අසීරු බව සොයා ගෙන ඇත. විවිධ සීනි මට්ටම් සහිත ආහාර, පිළිකා වර්ධනයට බලපාන ආකාරය පිළිබඳ ව කර ඇති පර්යේෂණ බොහෝ ය. පිළිකා සෛල අඩංගු ද්‍රාවණයක් මීයන්ට එන්නත් කර මාස කිහිපයකට පසු කළ නිරීක්ෂණයන් පුදුම සහගත විය.

රුධිරයේ සීනි මට්ටම අධික වූ මීයන් සියයට 70ක් ම මිය ගොස් සිටි අතරල අඩු සීනි සහිත ආහාර අනුභව කළ මීයන්ගෙන් මිය ගොස් සිටියේ සියයට 05ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි. තව ද රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අධික දියවැඩියා රෝගීන් හට පිළිකා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බව, තවත් පර්යේෂණයක දී සොයා ගෙන ඇත. ජෛව රසායන විද්‍යාව පිළිබඳ කීර්තිමත් පර්යේෂකයෙකු මෙන්ම, මොන්ටි‍්‍රයල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ද වන, රිචඞ් ඛෙලිවෝ’ මහතා වරක් මෙසේ ප්‍රකාශ කර ඇත.

පිළිකා වර්ධනයට උපරිම වශයෙන් දායක වන ආහාරයක් සැලසුම් කිරීමට කිසිවෙකු මට පැවසූවොත්, මා නිර්දේශ කරන්නේ අප පරිභෝජනය කරන සීනි, සුදු තිරිගු පිටි සහ රසායනික ආකලනවලින් සමන්විත බටහිර පන්නයේ අපගේ ආහාරය යි.”

අධික සීනි සහ සුදු තිරිගු පිටි පරිභෝජනයක් සහිත යුරෝපීයයන්ට සාපේක්ෂව අඩු සීනි සහ සංකීර්ණ පිෂ්ඨය සහිත සාම්ප්‍රදායික ආහාර (කොස්, දෙල්, කුරක්කන්, රතු කැකුළු සහල් වැනි) වැඩියෙන් පරිභෝජනය කරන ආසියාතිකයින් අතර, පිළිකා රෝගීන් විරල වීමට, හේතු පැහැදිලි කර ගැනීම සඳහා ආලෝකවත් මාර්ගයක් මේ අනුව අප හමුවේ ඇත.

තරබාරුව, සීනි සහ පිළිකා රෝගය

තම සාම්ප්‍රදායික ආහාර වේලට ආයුබෝවන් කියූ, රටවල වසංගතයක් ලෙස පැතිර යන තවත් උවදුරක් නම්, තරබාරුකම ය. දුම්කොළ හැරුණු කොට පිළිකා කෙරෙහි බලපාන ප්‍රමුඛතම හේතුව, තරබාරුකම බව පිළිකා විශේෂඥයෝ පවසති. වයස අවුරුදු 18 දී තම ශරීර බරට වඩා කිලෝ ග්‍රෑම් 10කින් බර වැඩි වූ, මැදිවියේ කාන්තාවකට පියයුරු පිළිකාවක් වැළඳීමේ අවදානම දෙගුණයකින් පමණ වැඩි බව මෑතක දී මහා බ්‍රිතාන්‍යයේ දී කළ පර්යේෂණයක දී හෙළි කරගෙන ඇත. අපේ රටේ ද තරබාරුකම දැන් දැන් සුලභ තත්ත්වයක් වෙමින් ඇත. පාසල් දරුවන්ගෙන් සියයට 6ක් තරබාරුකමින් පෙළෙන අතර, මැදිවියේ පිරිමින් බොහෝ දෙනෙකුට කළ ගෙඩියක් සේ ඉදිරියට නෙරා ගිය උදරයක් තිබීම සහ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ උදර දෙපසින් ටයර් මතු වීම සුලභ තත්ත්වයක්ව ඇත. තරබාරුව සඳහා වෙනත් හේතූන් ඇතත්, අධික සුදු පාන් පිටි සහ සීනි පරිභෝජනය මේ සඳහා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ලංකාවේ සීනි කෑම

අන්දරේලාගේ කාලේ පටන් ම අප සීනි කෑමට රුසියන් වූවත්, වර්තමානයේ දී අපි ඉතා අධිකව සීනි සහ සුදු තිරිගු පිටි සහිත ආහාර පරිභෝජනය සඳහා මහත් ගිජු බවක් දක්වන්නෙමු. අපේ රටේ දෛනික ඒක පුද්ගල සීනි පරිභෝජනය ග්‍රෑම් 100 ද ඉක්මවා තිබීමෙන් මේ බව හොඳින් පැහැදිලි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සීනි පරිභෝජනයෙන් සීනි ලෙස ලබා ගනුයේ 1/3ක් පමණ වන අතර, ඉතිරි 2/3ක ප්‍රමාණය සීනි එක් කර සකස් කර ඇති ආහාර වර්ගවලින් ලබා ගනී. උදේ ඉදන් රෑ වෙනකල් විනයක් නැති කට තුළින් ආමාශගත කරගනු ලබන ටොෆි, චොක්ලට්, චුවින්ගම්, කේක්, බිස්කට්, ක්‍රීම් ක්‍රැකර්, අයිස්ක්‍රීම්, ජෑම්, ජෙලි, කිරි, රස කළ කිරි පැකට්, මෝල්ට් කිරි, සෝස් වර්ග, සිසිල් බීම, පැණි බීම, මෙකී නො කී නා නා ප්‍රකාරයේ ආහාර යැයි හඳුන්වන දේවල් තුළ ඇත්තේ, මෙම එකතු කළ සීනි සහ සුදු තිරිගු පිටි ය. ඩයි වර්ග, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘත්‍රිම රසකාරක වැනි කිසිදු ආහාරමය ගුණයක් නැති පිළිකා කාරක ද සහිත ආහාර ‘වස කාරකයන්ය.

දිනකට උපරිම වශයෙන් ආහාරයට ගත හැකි සීනි ප්‍රමාණය තේ හැඳි 10කි.

අප දෛනිකව ගනු ලබන ස්වාභාවික ආහාර තුළ දෛනිකව අපට අවශ්‍ය සීනි ප්‍රමාණය (කාබෝහයිඩ්‍රේට්) අන්තර්ගත වන බැවින් අතිරේකව සීනි ඇටයක්වත් ලබා ගැනීම අනවශ්‍ය බව වෛද්‍ය විද්‍යානුකූල මතය වුවත් වැඩිහිටි පිරිමියෙකු දිනකට උපරිමව එකතු කරන ලද සීනි තේ හැඳි 10ක් ද (ග්‍රෑම් 50) ගැහැනියක තේ හැදි 9ක් ද, ළමයෙකු ඉන් අඩක් ද ලෙස අනුභව කිරීම හානිකර නො වන බවත් එය ඉක්මවා අනුභව කිරීම අනතුරුදායක බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ නිකමට නො වන බව අවධාරණය කළ යුතු ව ඇත. කෙසේ වෙතත් මෙම අනුමත ප්‍රමාණයන් ඉතා බරපතළ ලෙස අභිභවා ගොස් ඇති බව නම් කිව යුතු ව ඇත.

ආදරේට ටොෆි චොක්ලට් – අම්මලා තාත්තලාගේ අවධානය පිණිසයි

වෙළෙඳ පොළේ දකින දකින පැණි රස ආහාර වර්ග මහත් ආදරයෙන් තම දරුවන්ට කවන දෙමව්පියන්ගේ අවධානය සඳහා, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන පෝෂණ විශේෂඥ වෛද්‍ය, රේණුකා ජයතිස්ස මහත්මිය විසින් කළ ප්‍රකාශයක දැක්වෙන, සුලභ ආහාර වර්ග කිහිපයක ඇති සීනි ප්‍රමාණයන් පහත පරිදි වේ.

චොක්ලට් ග්‍රෑම් 50ක සීනි තේ හැඳි 07ක්, චොක්ලට් බිස්කට් 1 – සීනි තේ හැඳි 1-2ක්, කේක් කෑල්ලක් (සාමාන්‍ය ග්‍රෑම් 50ක) – සීනි තේ හැඳි 05ක්, කෝලා වර්ගයේ බීම වීදුරුවක – සීනි තේ හැඳි 05ක්, අයිස් ක්‍රීම් කප් එකක – සීනි තේ හැඳි 04ක්, ජෑම් මේස හැදි එකක සීනි තේ හැඳි 02ක්, මෝල්ට් වර්ගයේ කිරිපිටි මේස හැඳි එකක – සීනි තේ හැඳි 2-3ක්, රස කළ කිරි පැකට් එකක – සීනි තේ හැඳි 2-3ක්, බිස්කට් (පැණි රස) එකක – සීනි තේ හැඳි 1/2ක්, සෝස් මේස හැදි එකක – සීනි තේ හැඳි 1ක්

(මීට අමතර ව සුදු පාන් පෙති එකක් අනුභවයෙන් ක්ෂණික ව රුධිරයට සීනි තේ හැඳි 3ක් ලැඛෙන බවත්, දිනකට සීනි දැමූ තේ කෝප්ප 3ක් පානය කරන්නෙකු සීනි තේ හැඳි 6ක් අනුභව කරන බවත් අවධාරණය කළ යුතු ව ඇත.)

අපේ රටේ ජනගහනයෙන් 15%ක් පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් දිනකට දියවැඩියා රෝගීන්ගේ ආසාදනය වූ පාද 700ක් පමණ කපා ඉවත් කරන බවත් දිනකට 150 දෙනෙකු පමණ දියවැඩියා රෝගය නිසාවෙන් මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙනු ලබන බරපතළ කාරණාවක් නො වේ ද ?

අනෙක් අතට අප සමස්ත අග්නිදිග ආසියාතික රටවලින් දියවැඩියා රෝගය අතින් පළමු තැනටත් ලෝකයෙන් ම 21 වැනි ස්ථානයටත් පත්ව තිබීම ජාතියේ ම අවාසනාවකි. දියවැඩියා රෝගය සඳහා විවිධ හේතු ඇතත්, මෙරට වාසීන්ගේ අධික සීනි එකතු කළ සීනි සහිත කෘත්‍රිම අහාර පාන සහ සුදු පාන් පිටි පරිභෝජනය ද මෙම තත්ත්වය ඇති කිරීම සඳහා විශාල දායකත්වයක් නො දක්වන්නේ යැයි කිසිවෙකුට හෝ කිව නො හැකි ය.

නිරෝගී දිවියක් උදෙසා රස තෘෂ්ණාවට තිත තබමු.

ලංකාවේ ජනයාගේ ඇවතුම් පැවතුම්, ජීවන විලාසයන්, සාරධර්ම, කන බොන විදිය, ලෙඩ රෝග, ඒවාට ඛෙහෙත්, මේ හැම දෙයක් ම දැන් ඉතා බරපතළ ලෙස බිස්නස්කරණය” කෙරෙමින් පවතී.

ඔබට දැන් ඩෙංගු රෝගයෙන් වැළකී සිටින්නට මඳුරු කොයිල්, මඳුරු විකර්ශක ක්‍රීම් ජාති, ඛෙහෙත් ගල්වපු මඳුරු දැල් ඇත. හෘදයාබාධවලින් වැළකී සිටින්නට, හදවතට හිතකර මේද ම ය තැවරුම්”, නන් ෆැට්” කිරි ඇත. ඔස්ටියෝපොරෝසිස්” රෝගයෙන් වැළකී සිටින්නට, අධි කැල්සියම් කිරි පිටි වර්ග ඇත. දරුවන් බුද්ධිමත් කරන්නට ෆෝලික් අම්ලයෙන් ,ඞීඑච්.ඒ. වලින් සරු කළ කිරි පිටි වර්ග ඇත. දවසේ ශක්තියට මෝල්ට් කිරි වර්ග ඇත.

වෙළෙන්දන්ගේ ආලවට්ටන්, පුරාජේරු කථා, ගුවන් තරංග මාලා ඔස්සේ ඇවිත්, ජනයාගේ දෑස් නිලංකාර කරවා ඇත. අපේ රටේ බොහෝ දෙනෙකු තම ශරීර සෞඛ්‍යට බලපානු ලබන වැදගත් දේ පිළිබඳ ව තීරණය කිරීම වෙළෙන්දන්ට බාර දී, සිතීමේ ක්‍රියාවලියෙන් බැහැර වී ඇතැයි කීවොත් නිවැරදි ය. මේ කූට වෙළඳ පරපුරේ ඇත්තන් විසින් මිනිසාගේ එක ම පරමාදර්ශය පංච කාමයන් පිනවීම පමණක් බව අපට කියා සිටී. එලෙස පංච කාම වස්තූන් අධිකව පිනවීමේ ආදීන ව දැන් දැන් අපි ඉතාමත් බරපතළ ලෙස අත් විඳිමින් සිටින්නෙමු.

එකල සකල විධ තෘෂ්ණාවෙන් පෙළුණු සිටුවරයෙකු උඩු මහළට වී සිය බිරිඳට කියා රහසින් පැණි කොමු පිස කන්නට ගොසින් කර ගත් අලකලංචිය ගැන අපි දන්නෙමු. පැණි රසයට ලොල් වී පැණි බෝතලයට වැටී සිය දිවි නසා ගන්නා ඇඹළයන් අපි දැක ඇත්තෙමු. වතුර නටන තුරු වතුර අහෝ සැපයි කියමින් දිය කෙළින කකුළුවන්ට අත් වන්නට යන ඉරණම පිළිබඳ ව ද අපි දන්නෙමු.

එබැවින් පැණි රස තෘෂ්ණාව නිසාවෙන් ඔබ ලබා ගත් වටිනා කියන මිනිස් ආත්මයට රෝග පීඩාදීන්ගේ වාසස්ථානයක් වන්නට ඉඩ දෙන්න එපා. මෙකී කාරණා පිළිබඳ ව ඔබත් සැලකිලිමත් නම් අදම, මේ දැන් ම ඔබේ ආහාරයෙන් සීනි කපා හැරීම ආරම්භ කරන්න. එවිට ඔබේ දිවේ රසාංකුරවලට ආහාරවල ඇති ස්වාභාවික රසයන් දැනෙන්නට පටන් ගනීවී. ක්‍රමයෙන් සීනිවලට ඇති කෑදරකම පහව යාවි.

ඔබේ ශරීරය නිදහස් සහ සුවදායී තත්ත්වයකට පත් වේවි. එය අනෙක් අතට සීනි සහ සකස් කළ කෘත්‍රිම රස කැවිලි සඳහා වැයවන මුදල් ද ඉතිරි වීමෙන් ඔබේ පසුම්බියටත්, අනෙක් අතට රටේ ආර්ථිකයටත් මහත් සැහැල්ලූවක් වනු ඇත. සීනි කෑමෙන් ඇති විය හැකි රෝගාබාධ රාශියකින් බේරී සිටීමේ වාසනාව ද ලබන ඔබ, නිරෝගී දිගු දිවියක ආරම්භය ද සනිටුහන් කරගන්නවා නිසැක ය.

අන්දරේ මහතාගේ පඩි දවස අදයි. පඩි දාට තම බිරිඳ නො වරදවා ම තම අත තබන මාසේ බඩු ලැයිස්තුව දෙස නිකමට බැලූ අන්දරේ මහතා එහි සඳහන් එක් දෙයක් පිළිබඳ ව විශේෂයෙන් අවධානය යොමු කරන ලදි. සීනි කිලෝ 6ක්”? තම පවුලේ සාමාජිකයින් හතර දෙනා සෑම මසක දී ම සුදු සීනි කිලෝ ග්‍රෑම් 6ක් අනුභව කරනවා. වැඩි නැද්ද හාමිනේ?”

සීනි කිලෝ 6, අන්දරේ මහතාගේ සාක්කුවට පමණක් දැනෙන කාරණාවක් ද යන්න අපි සොයා බලමු. මෙම ප්‍රමාණය ග්‍රෑම්වලින් නම් ග්‍රෑම් 6,000කි. මෙම පවුලේ එක් පුද්ගලයෙකු දිනකට සීනි ලෙස පමණක් පරිභෝජනය කරන සීනි ප්‍රමාණය මෙසේ ගණනය කරමු.

පරිභෝජනය කරන සීනි ග්‍රෑම් ගණන – 6,000, දින (30) පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව (4) – 120 6000/120 – 50 පිළිතුර ග්‍රෑම් 50කි. එනම් තේ හැඳි 10කි.

දිනකට වැඩිහිටි පිරිමියෙකු අතිරේකව සීනි තේ හැඳි 10ක්, ගැහැනියෙකු සීනි තේ හැඳි 9ක් සහ ළමයෙකු සීනි තේ හැඳි 6කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍යට අනතුරුදායක බවයි වෛද්‍යවරු පවසන්නේ. මෙයට අමතර ව දිනපතා ම නිවසේ දී මෙන් ම, කාර්යාලය තුළ දී, මඟතොටේ දී අනුභව කරන බිස්කට්, සෝස්, පාන්, බනිස්, රස කළ කිරි පැකට්, යෝගට්, අයිස් ක්‍රීම්, කේක්, ටොෆි, චුවින්ගම් මගින් අනුභව කෙරෙන සීනි ප්‍රමාණය කොතෙක් දැයි ලෙහෙසියෙන් ගණනය කළ නො හැකි ය. දැන් තේරෙනවා නේද අපේ රටේ සියලූ ම අන්දරේලා තම කටවල්වලට විනය නීති පනවා ගත යුතු බව? 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top