ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ජනවාරි මස වැට් බදු වැඩිවීමට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස් රථයක් එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බව ගැමුණු විජේරත්න සදහන් කළා.
එවැනි මිලකට බස් රථ මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, බස් රථ අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.