මේ කියන්න යන්නේ ඒ වගේ අපූරූ දානමය පුණ්‍ය කර්මයක් ගැන.
හැබැයි පංසලකවත්,ගෙදරකවත් නෙවෙයි මේක උඩු ගුවනේදී තමයි මේ දානය දීලා තියෙන්නේ.
මීරිගම මිණීඔළුව විද්‍යාවාස මහාපිරිවෙන් විහාරාධිපති ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ 14වන මහා නායක සිරි සරණංකරෝපසේනවංසාලංකාර සාසන සෝභන-සාහිත්‍ය කීර්ති ශ්‍රි පරියත්තිධර,මහෝපාධ්‍යාය ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති අග්ගමහාපණ්ඩිත අති පූජ්‍ය මකුලෑවේ ධර්මකීර්ති ශ්‍රි සරණංකර විමලාභිධාන මහනායක මහා ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති අති පූජනීය පහලවිටියල ජනානන්ද නාහිමියන්, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී අති පූජනීය කහගොල්ලේ සෝමවංශ නායක ස්වාමින්වහන්සේ මාර්තු 9 දින,ධර්මධූත සංචාරයක් සදහා මෙල්බර්න් නුවර රිපල්බෲක් භද්දේකවිහාරී ආරණ්‍යය සේනාසනය බලා වැඩම කළා.