නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් වෙද්දී දේශීය පුහුණුකරුවන්ට ප්‍රධාන තැනක් දීම ගැනත් කතාබහට ලක් වුණා.
නමුත් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ගිවිසුම් කාලය තවමත් 2024 දීද මාස ගනනක් පවතින බවට ආරංචි වෙනවා.
ක්‍රිකට් ගැටළුව උග්‍ර වීමත් සමග හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හට එක්වී ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නගන්න එක්වන්නැයි රජයෙන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ආරාධනා ලැබුනා.
කෙසේ නමුත් මේ ආකාරයෙන් දඟ පන්දු පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නැයි කල ඉල්ලීම හිටපු වමත් දඟ පන්දු යවන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයකු ප්‍රතික්ෂේප කල බවට සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.
ඔහු මේ වනවිටත් විදේශීය ජාතික ක්‍රිකට් කණ්ඩායමක දඟ පන්දු පුහුණුකරුවකු ලෙසද සේවය කරනු ලබනවා.