තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත්, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකියි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.