2025 වසරේ දී දේපළ බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, රජයේ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් වනු ඇති බවත් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පවසනවා.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කළා.
එමෙන්ම මේ වසරේ සහ පෙර වසරේ දැනටමත් සිදු කර ඇති සියලු ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් 2025 දී දේපළ බද්ද ක්‍රියාවට නැංවීම ආදායම් ඉහළ නැංවීම් වැදගත් කොටසක් වන බව යි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මෙම බද්ද පැනවීම සඳහා නිසි තක්සේරු පද්ධතියක් තිබිය යුතු බවත් එය විශාල ධනයක් ඇති අයගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ ආකාරයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.