මොකද සමහර අයට ආදරේ කියන්නේ විහිළුවක් වුණට තව කෙනෙක්ට ආදරේ කියන්නේ මුළු ජීවිතයම වගේ.. මේ කියන්න යන්නෙත් ඒ වගේ හිත නතර වුණ ආදරයක් ළඟ ප්‍රතික්ෂේප වුණ තරුණයෙක්ගේ කතාවක්...
ඒත් අහිමි වුණ ආදරය වෙනුවෙන් ඔහු ගත්ත තීරණය දරුණු වැඩියි කියලා ඔයාටත් මේ කතාව බැලුවාම තේරේවි..
හෝමාගම ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් තම පෙම්වතිය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූ හේතුවෙන් ශෝකයට පත්ව විදුලි පංකාවක ගෙළ වැලලාගෙන සියදිවි නසා ගෙන තිබෙනවා...
මරණයට පත්ව ඇත්තේ 27 උඩුපුස්සැල්ලාව ඉහළ කොටස ගම්පහ වත්ත 15 ලැයිමේ පදිංචි තරුණයෙක් වන අතර, මීට මාස 10කට පෙර ඔහු හෝමාගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පෙදරේරුවෙකු ලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ...
පොලිසිය පවසන්නේ පසුගියදා රාත්‍රියේ ඔහු විසින් පෙම්වතියට දූරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර, ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නොමැති බවට කනස්සලට පත් වී ඔහු දැඩි කම්පනයෙන් සිට ඇති බවයි...
මෙම තරුණයා පෙම්වතියට ගෙළ වැලලා ගැනීමට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප සහ කෙටි පණිවුඩ කිහිපයක් යවා ඇති බව සඳහන් වනවා...
පොලිසිය පවසන්නේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන හෝමාගම පොලිසිය මගින් සිදු කරන බවයි..