කොහොම වුණත්, මේ කියන්න යන්නේ ඒ ක්‍රියාව කරපු අඹුසැමි යුවලට නීතියෙන් ලැබුණ දඬුවම් ගැන කතාවයි...
කරුවලගස්වැව, තේවනුවර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක දී විදුලි සැර වද්දවා ඇතුන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට කරුවලගස්වැව පොලිසියට භාර වූ සැකකාර අඹුසැමි යුවලගෙන් සැමියා එළඹෙන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා...
එමෙන්ම සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැරීමයි එහිදී නියෝග කෙරුණේ...
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ කරුවලගස්වැව - තබ්බෝව, තේවනුවර පදිංචි 53 හැවිරිදි අයකු වන අතර, මෙම සැකකරු සමඟ කරුවලගස්වැව පොලිසියට භාර වු සැකකරුගෙ බිරිද වන 50 හැවිරිදි දෙදරු මවට කුඩා දරුවන් දෙදෙනා ගැන සළකා බලා ශරීර ඇප මත මුදා හැරීමටයි පිලිසියට නියෝග කර තිබුණා..