Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
30
දිගු ආයුෂ ලැබ ගන්නට මොකටද බෙහෙත් ජාති,කනවා නම් මෙන්න ජාති...

- දිගු ආයුෂ ලැබ ගන්නට මොකටද බෙහෙත් ජාති,කනවා නම් මෙන්න ජාති...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

276 Views
මෙන්න මේ පළාවර්ග ආහාරයට ගත්තොත් ඔයාගේ ජීවිතයේ ආයුෂ වැඩිකර ගැනීමට පුළුවන් කියලා ඔයාලා දැන ගෙන හිටියද ?

කියවලම බලන්නකෝ.

කතුරුමුරුංගා කොළ මැල්ලුමට අවශ්‍ය ද්‍රව්‍ය – කතුරුමුරුංගා කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, උම්බලකඩ, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය
කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා. ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න. රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්.

මඤ්ඤොක්කා කොළ මැල්ලුම

ඌව පළාතේ ජාතික ආහාරය මොකද්ද කිව්වොත් මඤ්ඤොක්කා කොළ මැල්ලුම කියන තරමටම ඒක ඒ පළාතේ ජනප්‍රියයි. සමහර පළාත්වල ආහාරයට ගන්නේ නෑ විසයි කියලා. පව් ඉතින්.

අවශ්‍ය ද්‍රව්‍ය – මඤ්ඤොක්කා කොළ, තිබ්බටු,ථ රතුළූණු, වියළි මිරිස්, ගාගත් පොල්, ලුණු, තෙල්

සාදාගන්නා ආකාරය
මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා. ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ. වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ.

ගොටුකොළ මැල්ලුමට අවශ්‍ය ද්‍රව්‍ය – ගොටුකොළ, රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, උම්බලකඩ, ලුණු, කහ

සාදාගන්නා ආකාරය
ගොටුකොළ ටික හීනියට කපාගන්න ඕනි ඉස්සෙල්ලාම. ඊට පස්සේ ගාගත්තු පොල් ටික අරගෙන ඒකට රතුළූණු, සුදුළූණු, අමුමිරිස්, කහ සහ රස අනුව ලුණු දානවා.ඊටත් පස්සේ මේ දෙක එක්කහු කරලා මලවා ගන්නයි තියෙන්නේ. උම්බලකඩ ටිකක් දැම්මම පට්ට රහයි.

රණවරා මැල්ලුම
රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන දක්ෂයෙක්. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා. අවශ්‍ය ද්‍රව්‍ය – රණවරා කොළ, රතුළූණු, අමුමිරිස්, ලුණු, ගාගත් පොල්

සාදාගන්නා ආකාරය

රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න.

කෝවක්කා කොළ මැල්ලුම

කෝවක්කා කියන්නේ දියවැඩියා රෝගීන්ට දිව ඔසුවක්. ඉතින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන මේ ගුණ සපිරි ආහාරය හදාගන්න විදිය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය – කෝවක්කා කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි, තෙල්

සාදාගන්නා ආකාරය

කොළ ටික හීනියට ලියාගෙන පැත්තකින් තියන්න. ගාගත් පොල් ටිකට ළූණු, අමුමිරිස්, ලුණු සහ දෙහි එකතු කරලා හොඳ මිශ්‍රණයක් හදාගන්න.
තෙල් ටික රත් වෙන්න තියල, කොළ ටිකයි පොල් මිශ්‍රණයයි ඒකට දාල අවසානයේ මලවා ගන්න.

මොණරකුඩුම්බිය කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය – මොණරකුඩුම්බිය කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි

සාදාගන්නා ආකාරය

මොණරකුඩුම්බිය කොළ ටික හීනියට ලියලා පැත්තකින් තියාගන්න. පොල් ටිකට රතුළූණු, අමුමිරිස්, ලුණු එකතු කරගන්න. මේ පොල් මිශ්‍රණයත් කොළත් එකතු කරලා මලවා ගන්න. අවසානයේ දෙහි එකතු කරගන්න.

මුගුණුවැන්න කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය – මුගුණුවැන්න කොළ, රතුළූණු, අමුමිරිස්, ගාගත් පොල්, ලුණු, දෙහි

සාදාගන්නා ආකාරය

මුගුණුවැන්න සිහින්ව කපාගෙන ඒකට රතුළූණු සහ අමුමිරිස් එකතු කරගන්න. ලුණු රස පදමට දාපු ගාගත් පොල් මිශ්‍රණය කොළ එක්ක මිශ්‍ර කරලා යාන්තම් මලවා ගන්න. ඊට පස්සේ දෙහි ටිකක් එකතු කරගන්න.ගොඩක් පළා මැල්ලුම් හදද්දී එකම විදියකුයි අනුගමනය කරන්නේ. මලවාගැනීමේ දී කොළ පාට නැති වෙන විදියට ඕනැවට වඩා තම්බන්න නම් එපා ඔන්න.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top