Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
16
දිගු කාලයක් අත් කකුල් හිරිවැටීම භයානක බව ඔබ දන්නවාද ?

- දිගු කාලයක් අත් කකුල් හිරිවැටීම භයානක බව ඔබ දන්නවාද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15 Views

ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ දෙනෙක් කියනවා ඔබ අසා ඇති..

ඒත් එක්කම දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, මේ ඇහෙන කතා ගොඩදෙනෙක්ට සුපුරුදු යි වගේම තමයි මේ කියන්නේ තමන්ගේ ශරීරයේ ඇතිවන මොකක් හරි අපහසුතාවයක් නේ..


රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි...
අත්පාද හිරිය නිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳිමින් සිටිනවා... මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ වියහැකියි. හිරිවැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුනහොත් ඔබ අසරණ වන්න පුළුවන්...
හිරිය රෝග ලක්‌ෂණයක්‌ ලෙස දැනුනත් මෙය සමේ දැනීම පිළිබඳව වෙනස්‌වීමක්‌ හෝ දැනීම වැඩිවීමක්‌ ලෙස අපට හඳුන්වන්න පුළුවන්... ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්... ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි... ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි..
පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි.. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ...
✅හිරිවැටීම ඇතිවිය හැකි හේතු කිහිපයක්
-අප නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌ නිසාත්
-අප නිරතවන වෘත්තිය අනුව මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම
-වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙලහි කශේරුකා හා අස්ථි වල සිදුවන වෙනස්‌කම් නිසාත් හිරිවැටීම ඇතිවිය හැකිය.
-ආතරයිටිස්‌ වලදී අත්පාද ඇදවීම නිසාත්, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර්කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌, කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒමත්, යන හේතු කාරණා නිසා බොහෝවිට හිරිය ඇතිවීමට පුළුවන්.
මේ සෑම දෙයක්‌ම සුළුවෙන් පටන් අරන් වර්ධනය වීමේදී ඒ හරහා යන ස්‌නායුවලට බලපෑමක්‌ ඇතිවීම මගින් රෝග ලක්‌ෂණයක්‌ ලෙස හිරිය පටන් ගන්නවා. රෝගය වර්ධනය වූ විට හිරිවැටීමත් සමඟම දරාගත නොහැකි වේදනාවත් නිසා බොහෝ ලෙස පීඩා විඳීමට සිදුවෙනවා.

අත් වල හිරිවැටීම
බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය (C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත් ( C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත් (C7) – බෙල්ලේ සිට දබර ඇඟිල්ල , මැදඇඟිල්ල දක්‌වාත් හරිය සමඟ වේදනාව ඇතිවිය හැක.මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.
පාද වල හිරිවැටීම
කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම (L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස ,(L3- කලවා හා දණහිස දක්‌වාද , (L4- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද , (L5- කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස , ( S1) – කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම ඇතිවිය හැකියි.

හිසෙහි හිරිය ඇතිවීමට ගෙල ප්‍රදේශයේ ඇතිවන වෙනස්‌ වීම් , රුධිරය සැපයීමේ දුර්වලතා මෙන්ම මොළයේ හා ඒ අවට ලේ කැටි නිර්මාණය වීගෙන යාම හේතුවිය හැකියි.
ඉහත දැක්වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.
-විටමින් ඌණතාවය (විටමින් B 1-6)
(සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)
-දියවැඩියාව
මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.
මේ හිරිවැටීම අත්වලත් ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.
-මත්පැන් පානය
-නහර ගැටගැසීම
-තයිරොක්‌සින් හොර්මොනයේ අසමතුලිතතාවය
-සමහර ගන්නා වූ ඖෂධ වල අතුරු ආබාධ නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.
ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ මේ හිරිවැටීමයි.මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුනහොත් සිදුවන්නේ අධික වේදනාකාරී තත්වයක්‌ ඇතිවීමයි. නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණහොත් ශල්‍යකර්මවලට පවා මුහුණදීමට සිදුවනු ඇත.
ඉහත සඳහන් කළ පරිදි හිරිය / හිරිවැටීම රෝග ලක්‌ෂණයක්‌ වන අතර එය රෝගයක අනතුරු සංඥාව හැඳින්විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ දීර්ග කාලයක් තිස්සේ ඔබ අත්විදින්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා යෝග්‍යවේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top