Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
ලෙඩ රැසක් මට්ටු කරන ගොරකාවල විස්මිත ගුණ මෙන්න....

- ලෙඩ රැසක් මට්ටු කරන ගොරකාවල විස්මිත ගුණ මෙන්න....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83 Views

ගොරකාවල ඇති විශේෂ ගුණයක් වනුයේ රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කොට හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කරයි...

මෙම ගුණය නූතන විද්‍යාත්මක විශ්ලේෂණ වලින්ද සනාථ වී ඇමරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් රුධිරයේ කොලෙස්ටරෝල් පාලනයට ගොරකා යොදාගෙන ඖෂධයක් නිපදවනවා.... 


මෙම ඖෂධය නිෂ්පාදනය සඳහා කරන ලද නිරීක්ෂණ වලින් වාර්තා වුයේ ලෝකයේ විවිධ ප්‍රදේශවල වැවෙන ගොරකා වලින් ශ්‍රී ලංකාවේ ගොරකා වල මෙම ගුණය අධික බවයි... මේ නිසාම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවෙන් ගොරකා විදේශ රටවල් මිලට ගන්නවා.... ඒ නිසා ශ්‍රී ලංකාවේ ගොරකා වලට ඉහළ මිලක් ලැබුණා.... එහෙත් දැන් ඔවුන් ගොරකාවල අඩංගු රුධිරයේ කොලෙස්ටරෝල් අවම කිරීමේ ක්‍රියාකාරී පදාර්ථය රසායනාගාරයේදී නිපදවා ගනු ලබනවා... ස්වාභාවිකව ලැබෙන එම පදාර්ථය ලබාගැනීමේ එැකියාව ශ්‍රී ලාංකික අප සතුව තවමත් තිබෙනවා...

අපේ ශ්‍රී ලංකික ආහාර රටාවේ මස් මාළු පිසීමට, පෝල් මල්ලුමට, පොලොස් ඇඹුල්තියල් සැකසීමට, කොහිල මාලුවට ගොරකා එකතු කරනු ලැබේ. හෙත් දැන් දැන් මේ වෙනුවට කෘතීම රසකාරක එකතු කිරීමට අපේ ගෘහණියන්ද පෙළඹී සිටීම කණගාටුදායකයි... ගොරකා ආහාර ජීර්ණය ක්‍රමවත් කරවමින් ආහාර රුචිය වඩවන අතර ආහාරයේ අඩංගු වන විෂ පදාර්ථයන් ද සමනය කරයි. නාගරික ප්‍රදේශ වල ගොරකා ගෙවත්තේ වගා කිරීම අපහසු වුවත්, තවමත් සුළු මුදලකට මිලට ගත හැකි ගොරකා ඔබේ ආහාරයට එකතු කරගෙන ගුණ අත් විඳින්න...

Garcinia Cambogia ලෙස විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ගොරකා අපේ ගම් වල සුලභව දැකිය හැකි පළතුරක් වගේම මුළු තැන්ගෙට නැතිවම බැරි රසකාරකයක්... හොදින් ඉදුනු ගොරක ගෙඩියේ පිටුපස කොටස කඩා, ගෙඩිය ඇතුලට ලුණු ගම්මිරිස් බිදක් දමා, අග කොටස තලන ලද අමු කුරුදු කෝටුවකින් මේ මද කනකොට අපූරු රසයි...

ගොරකා ආහාරයට ගැනීම ඔබේ සිරුරේ මේදය දහනයට හා තරබාරු කම අඩුකිරීමේ මහගු ඔසුවක් බව දැන සිටියාද?මේ ආයුර්වේද ඔසුව ශරිරයේ බර අඩු කිරිමට හා අමාශයේ ඇතිවන පිළිකා හා ආහාර දිරවීමේ අපහසුතා වලට කදිම විසදුමක්... නවතම වාර්තා අනුව ශරීරයේ තරබාරුකම අඩු කරන නිශ්පාදන අතර ඉදිරියෙන්ම ඉන්න ගොරක සමත් වෙලා තිබෙනවා...

දැන් අපි කියන්න යන්නේ ගොරක වල ඇති තවත් වටිනා ප්‍රයෝජන කිහිපයක් ගැනයි...

මේද තැන්පත්වීම වලකයි..

සිට්‍රික් අම්ලයේ (citric acid) අතුරුඵලයක් වන HydroxyCitric Acid (HCA) අම්ලය ගොරක නිස්සාරණයක අඩංගුවන ප්‍රධානම සංඝටකයක්. එම HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරනවා. සරළව කිව්වොත් සාමාන්‍ය තත්ව යටතේදි ශක්තිය ලෙස වැය කිරීමෙන් පසු අපේ ශරීරයේ ඉතුරුවෙලා තිබෙන වැඩිපුර සීනි සහ කාබෝහයිඩ්‍රේට, citrate lyase එන්සයිමය මගින් මේද අම්ල (fatty Acid) සහ කොලෙස්ටරෝල් බවට පරිවර්තනය කරනවා. ඉන ,උකුල, සට්ටම් ආදියේ තැන්පත් වෙන්නේ මේ අතිරේක මේදය. ඉතිං ගොරකා වලින් කාබෝහයිඩ්‍රේට මේදය බවට පරිවර්තනය වීමේ වේගය අඩපණ කරනවා. මේ නිසා මේද තැන්පත් වීම වලකිනවා.

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි..

HCA මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා සදහා දායක වන citrate lyase එන්සයිමය නිෂේධනය කරන බව ඉහත අපි සදහන් කලා. මේ හේතුවෙන් රුධිරය තුල සංසරණය වන ලිපිඩ ප්‍රමාණය අඩුකිරීම සිදුකරනවා. මේ හේතුවෙන් අහිතකර කොලෙස්ටරෝල් නිපදවීම වලකා හිතකර කොලෙස්ටරෝල් නිපදවීම සිදුකරනවා එමෙන්ම අධිරුධිර පීඩනය පාලනය කිරිමත් මෙයින් සිදුවෙනවා.

කෑම රුචිය මර්ධනය කරයි..

අපගේ මොළයේ ඇති serotonin නම් රසායනිකය මගින් බඩගිනි ඇතිවීම නැතිවීම, අාහාර රුචිය ආදිය පිලිබද අපගේ මොළයට සංවේදන සැපයීම (උත්තේජනය) සිදුකරනු ලබනවා.ගොරක වල අඩංගු HCL hydroxycitric acid මහින් එම serotonin මට්ටම ඉහල දැමීම තුලින් කෑම රුචිය මර්ධනය කිරිම හා පැණි රස ආහාර සදහා ඇති ආසාව අඩු කරනවා.

ශරීරෙය් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි..

ගොරක වලින් සිදුවන තවත් ඉතා වැදගත් මෙහෙයක් තමා ශරීරයේ සිදුවන පරිවෘත්තිය ක්‍රියා කාර්යක්‍ෂමව සිදුකිරීමට උදව් වීම. (පරිවෘත්තිය ක්‍රියා කියන්නේ අපේ ශරීරය ස්ථායීව පවත්වාගැනිම සදහා ශරිරය ඇතුලත සිදුවන රසායනික ප්‍රතික්‍රියාදාමයක්). ගොරක වල ඇති HCL මගින් ශරීරය තුල සිදුවන මෙම ප්‍රතික්‍රියා, තුලිත කර කාර්යක්‍ෂමව සිදුවීමට උදව් වෙනවා. මේනිසා ශරීරයට අතිරේක ශක්තියක් වැය කරන්නට සිදුවෙනවා. ඉතිං මේ සදහා අවශ්‍ය ශක්තිය ලබාගන්න ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරලා ශක්තිය ලෙසට භාවිතා කරන්නට සිදුවෙනවා .මේ හේතුවෙන් ශරීරයේ තරබාරු කම අඩු වීම සිදුවෙනවා.

ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කරයි..

ගොරක මගින් අපේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනවා. නවතම අධ්‍යනයන්ට අනුව ගොරක වල ඇති අධික විටමින් c ප්‍රමානය නිසා රෝගාබාධ හා ආසාදනයන්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කරනවා. එමෙන්ම හෙම්බිරිස්සාව සාමාන්‍ය උණක් වැනි රෝගි තත්වයන්ගෙන් කෙටි කලකින් සුවය ලැබීමටත් උපකාරි වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්....


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top