මේ නම කියනකොටත් බයක් තැතිගැනීමක් ඇතිවෙන කාලයක් බොහෝ දෙනෙකුට තිබුණා..
ඒත් ඒ වෙනකොට තිබ්බ මේ තත්වේ අද වෙනකොට ගිලිහිලා ගිහින් ඒඩ්ස් රෝගියෙක්ට වුණත් නිදහසේ හුස්ම ගන්න වාතාරවණයක් සමාජය තුළ ගොඩනැගිලා....
ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන ඇහෙන වෙනස් විදිහේ කතාවක්...
එන්න එන්නම ඒඩ්ස් ආසාදිතයින් ගණන වැඩි වෙලා කිව්වොත් ඔයා ඒ කතාව පිලිගන්නවා ද.. ? මේ බලන්නකෝ ඒ කතාව....
2021 වසරට සාපේක්ෂව ගතවූ වසරේදී HIV ආසාදිතයින් සියයට 48ක් දක්වා වර්ධනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා....
වයස අවුරුදු 15ත් 49ත් අතර කාණ්ඩයට HIV ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවයි වාර්තා වන්නේ....
මේ වන විට මෙරට සිටින සමස්ත HIV ආසාදිතයින් සංඛ්‍යාව 4,100 ක්....
මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති HIV ආසාදිතයින් සංඛ්‍යාව 347ක්....
කාන්තාවන්ට HIV ආසාදනය වීමේ අවදානම පහළ මට්ටමක පවතින අතර පුරුෂයින් සමග අනුපාතයක් ලෙස ගත්විට එය 7ට 1ක්....
මේ අතර ගැබිණි මව්වරුන්ගෙන් දරුවාට HIV ආසාදනයවීමේ අවදානම ඉතා අවම අගයකට පැමිණ තිබෙනවා...